[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දානයට බුදුසරණ

ධර්ම දානයට බුදුසරණ

සීනිගොඩදී සහ කතරගම කිරිවෙහෙර අසලදී බුදුසරණ 1000 ක් ධර්ම දානයට

සීනිගොඩ – මව්පිය පූජා උපහාර, අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම බුදුසරණ වෙසක් පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරිවෙහෙරේ දී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජාකිරීමට වතුගෙදර, සීනිගොඩ අංක 10 ශ්‍රී ශාන්ති සුවසරණහී පදිංචි මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා කටයුතු සලසා ඇති අතර මෙවර පවත්වනුයේ 31 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි. ඉන් අත්වන සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මිය ගිය මෑණියන් වන ඇස්.කේ. රැන්සි නෝනාට සහ පියාණන් වන 1964.12.14 මිය ගිය පී.ජී. චාර්ලිස් ද සිල්වා සහ 1992.04.19 මිය ගිය විදුහල්පති පී.ජී. ද සිල්වා ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදනා කෙරේ.

****

ඇල්පිටියේදී බුදුසරණ බෙදාදීමක්

බුදුසරණ පත්‍ර 500 ක් බෙදාදීමේ පින්කමක් ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති පි‍්‍රයන්ත හොරවලවිතාන මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානත්වයෙන් තම නැසීගිය පියාණන් වන ජිනදාස හොරවල විතාන හා මිය ගිය ඤාතීන්ට පින් පතා පුරා 31 වසරක් කරගෙන යනු ලබන බුදුසරණ හා දිනමිණ වෙසක් කලාප ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලදී උවසු උවැසියන් හට බෙදාදීම මෙවර ද සිදුකෙරේ.

****

ධර්මදානය පතා බුදුසරණ පිරිනැමේ

කැකිරාව ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් බුදුසරණ පුවත්පත් 1000 ක් ධර්ම දානයට

කැකිරාව පුවත්පත් අලෙවි නියෝජිත , සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාම විනිසුරු, දේශබන්ධු කේ.එච්. වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක දී බුදුසරණ පත්‍ර 1000 ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථානවල පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ. 35 වන වරටත් මෙම ධර්ම දානමය පින්කම වෙසක් පුර පසළොස්වක් පොහෝ දින මලව, ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරය, කැකිරාව, ශ්‍රී බෝධිමළු විහාරය, කිනිහිරිකන්ද රජමහා විහාරය, මල්දෙනිපුර මෙත්තාරාමය මල්දෙනිපුර විසුද්ධාරාමය , මහ කැකිරාව ශ්‍රී බෝධිමළු විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාම විහාරය, කොටාගල ශ්‍රී පියංගලු රජමහා විහාරය, නාමල්පුර විසුද්ධාරාම ටැම්පිට විහාරය , ඇඹුල්ගස්වැව , පත්මලෙන භාවනා මධ්‍යස්ථානය යන විහාරස්ථානයන් හි දී සිදු කෙරේ.

****

බඹරවාන

ගාල්ල, බඹරවාන , 2 කණුව පදිංචි සමරසිංහ ලියනගමගේ එම්.ජී.නිරෝෂා ඉඳුනිල් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම වෙසක් පොහොය දින 28 වන වතාවටත් සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් සඳහා ධර්මදානය පිණිස බුදුසරණ පුවත්පතෙහි පිටපත් පරිත්‍යාග කෙරේ. තම මියගිය එම්.ජී. බන්දුවතී මෑණියන්, චන්ද්‍රා ලියනගමගේ සහෝදරිය , බී.ඇල්. ජී. බ්‍රම්පි අප්පුහාමි ලියා ද එම්.ජී. ස්ටීවන් .බී.එම්.තිලකාවතී ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට පින් පිණිසත්, ඇල්.ජී.බුද්ධි, ඇල්.ජී.රොෂාන් . ඇල්.ජී.චතුර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ලෝවැසියාට පින් පිණිසත් බුදුසරණ පුවත්පත බෙදාදෙයි.

****

කුරුඳුගහහැතැප්ම

කුරුඳුගහහැතැප්ම, පතිරාජ සෙවනගම ශී‍්‍ර සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝදින ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත. කුරුඳුගහහැතැප්ම බටපොල පාරේ සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝ සැපත් මව්පියන් වන එන්.ඩබ්.ජී.පියසේන මහතා සහ එම්.එම්.විතානාච්චි මහත්මියට පින් පිණිස විසි එක්වන වරටත් එම පින්කම සිදු කරනු ලැබේ.

****

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ පින්කම

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වෙසක් සීල සමාදාන වැඩසටහන මෙවරත් (18) වෙසක් පොහෝ දින පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සහ කුළඟන සමිතිය කටයුතු යොදා ඇත. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරි ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙදින දවස පුරා, දාන, සීල, භාවනා , ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර සවස ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ. එදින පෙහෙවස් සමාදන්වන සැදැහැවතුන් සඳහා විහාරස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික ඊ.ඒ. අමරතුංග මහතා විසින් “බුදුසරණ” පුවත්පත නොමිලයේ බෙදාදීමටද කටයුතු යොදා ඇත.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]