UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී

රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 28 වැනිදා තෛ‍්‍රනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා පුරා සතියක් පැවැත්වෙන අතර “චිත්තං දන්තං සුඛාවහං” එනම් “දැමුණු සිත සුව ගෙනදේ” යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාව වී තිබේ.

ඉතිරිය»

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරයේ දී
සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්

සංවිධානය - කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය මඟින් සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමීව අරලියගහ මන්දිරයේ දී පවත්වන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රධාන කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය මෙම මස 29, 30 සහ මැයි මස 1, 2 දිනයන්හි දී පැවැත්වේ. එහිදී ඉන්දියාවේ සාරානාත් හා පකිස්ථානයේ තක්ෂිලා සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හා නීලගිරි ධාතුන් වහන්සේ එකම අවස්ථාවක දී වැඳ පුදා ගැනීමේ අවස්ථාව පළමුවරට මෙරට බෞද්ධ ජනතාවට හිමිවන සුවිශේෂී අවස්ථාවක් වේ.

ඉතිරිය»

ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණිය සහ මහා බත් දන්සල 29 – 30

ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණිය සහ මහා බත් දන්සල මෙම 29 වන දා සහ 30 වන දා ලේක්හවුස් මන්දිරය අබියස දී පැවැත්වේ. රාත්‍රී 7.30 – 10.30 දක්වා ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් බොදු බැති ගී සරණිය පැවැත්වේ. මහා බත් දන්සල සහ කොත්තමල්ලි දන්සල ද පැවැත්වේ. බොදු බැති ගී සරණිය සඳහා 29 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම සහ 30 වන දා ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සංගීතයෙන් දායක වනු ඇත. ලේක්හවුස් බැතිගී කණ්ඩායමද ඊට සහභාගිවනු ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලෝ සත සසරින් එතෙර කළ සේක

වෙසක් පොහෝදා ධර්ම දේශනය “දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්දිමා සන්නද්ධො ඛත්තියො තපති ඣායි තපති බ්‍රාහ්මණො අථ සබ්බ මහොරත්තිං බුද්ධො තපති තෙජසා” “සූර්යයා දහවල් කාලයේ දිලිසෙයි. සඳ රාත්‍රියේ දිලිසෙයි. රජ තෙමේ සිවුරඟ සේනාවෙන් හා ආභරණයන්ගෙන් සමන්විතව දිලිසෙයි. පව් බැහැර කළ බමුණු තෙමේ (රහතන් වහන්සේ) ධ්‍යානයට සමවැදීමෙන් දිළිසෙයි. නැවත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිවා රාත්‍රි දෙකේ දී ම බුද්ධ තේජසින් දිළිසෙයි. ” ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ බ්‍රාහ්මණ වර්ගයට අයත් ඉහත ගාථා ධර්මයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ තේජස මෙන්ම බුදුරජාණන් වහන්සේගේ තේජස පිළිබඳ ආනන්ද හිමියන්ට බුදුරදුන් දේශනා කළ ධර්මයෙහි අඩංගු වී ඇත. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ දස පාරමිතාවන් සමතිස් ආකාරයෙන් පූරණය කොට ලුම්බිනි සල් උයනේ දී සිද්ධාර්ථ ගෞතම වශයෙන් උප්පත්තිය ලැබීමත්, ගිහිගෙයි ඇති දුක් කරදර බාධක සියල්ල අවබෝධකොට මහාභිණිෂ්ක්‍රමණය කොට සය අවුරුද්දක් මුළුල්ලේ අපරිමිත දුෂ්කර ක්‍රියා කොට තණ්හා රතී, රගා යන මාර දූවරුන් හා දස මාර සේනාව පරාජය කරමින් ඇසතු බෝ රුක් මුල දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේත්, පන්සාළිස් වසක් මුළුල්ලේ සකල ලෝක සත්ත්වයා සංසාරයේ භයංකර බවින් මිඳවීම සඳහා අසූහාරදහසක් වූ ධර්මස්ඛන්ධයන් දේශනා කොට කුසිනාරා නුවර උපවත්තන නම් වූ සල් උයනේ දී පිරිනිවන් පා වදාළේත් අද වැනි උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක දී ය.

ඉතිරිය»

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහොය

අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෙස්සන්තර ආත්මභාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් දෙව්රජ ව උපන් සේක. උන්වහන්සේ මිනිස් ලොව ඉපිද, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය එළඹ ඇති බව දුටු දෙව් බඹහු මෙසේ බෝසතුන්ට ආයාචනා කළහ. මහා වීරයාණන් වහන්ස, දෙවියන් සහිත මිනිසුන් ඇතැම් සත්ත්වයන් සසර දුකින් එතෙර කරවීම පිණිස මිනිස් මව්කුසක ඉපිද අමෘත වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට දැන් ඔබවහන්සේට කාලය පැමිණ තිබේ. මෙම ආරාධනාව පිළිගත් අප බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව කාලය, දේශය, ද්වීපය, කුලය හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇද්දැයි දිවැස් යොමා බැලූ සේක. ඒ අනුව පරමායුෂ අවුරුදු සියයක් වූ මිනිස් ලොව උසස් වූ ජම්බුද්ධීපයේ බුද්ධිමතුන් සහිත මධ්‍ය දේශයේ, ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට අධිෂ්ඨාන කළ සේක. ඇසළ මාසයේ දිනක අපමහ බෝසතාණන් මහාමයා දේවියගේ කුස පිළිසිඳ ගත් අතර, ඉන්පසු එළඹි වෙසක් පොහෝ දින සිය මව්පියන් දකින්නට ඇය දෙව්දහනුවරට යන ගමනේ ලුම්බිනි උයනට ළඟා වීමත් සමඟ ම ප්‍රසව වේදනාව දැනෙන්නට විය. මද වේලාවකින් අප මහා බෝසතාණන් මව්කුසින් බිහි වූහ.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]