UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධාලෝක වෙසක් උත්සවය 29 වන දා සිට මැයි 2 වන දා දක්වා

බෞද්ධාලෝක වෙසක් උත්සවය 29 වන දා සිට මැයි 2 වන දා දක්වා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් උත්සවය ජනාධිපති කාර්යාලයේ සහභාගිත්වයෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ දී අප්‍රේල් මස 29, 30 සහ මැයි 01, 02 යන දිනයන්හිදී පැවැත්වීමට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, බෞද්ධාලෝක වෙසක් කමිටුවත් කටයුතු සූදානම් කොට ඇත.

අප්‍රේල් මස 29 වන පොහෝ දින පෙරවරුවේ සිට සීල සමාදාන වැඩසටහන පැවැත්වෙන අතර එදින පස්වරු 6.00 ට බෞද්ධාලෝක වෙසක් කලාපයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. අප්‍රේල් 30, මැයි 01, 02 යන දිනයන්හිදී ද මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ වන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය සහ බුද්ධාභිවන්දනා සංස්කෘතික ප්‍රසංගය මැයි 02 වන දින පස්වරු 7.30 ට නිදහස් චතුරස්‍ර ආකේඩ් පරිශ්‍රයේ දී සිදු කෙරේ.

මෙම වෙසක් උත්සවයට සමගාමීව ගෙඩිගේ රජමහා විහාරස්ථානයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා මාන කිරීම, වෙසක් තොරණ්, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, පාසල් ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය, බොදු බැති ගී සහ සංස්කෘතික ප්‍රසංග, දන්සැල් ආදී අංගයන්ගෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය සමන්විත වේ.

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]