UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේවගිරි රජමහා විහාරස්ථානය

 

රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී

රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 28 වැනිදා තෛ‍්‍රනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා පුරා සතියක් පැවැත්වෙන අතර “චිත්තං දන්තං සුඛාවහං” එනම් “දැමුණු සිත සුව ගෙනදේ” යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාව වී තිබේ. වෙසක් උත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ පුනරුදය ඇතිවන ආකාරයේ කටයුතු පහුගිය මාස කිහිපය තිස්සේම සිදු කෙරුණු අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 ම ආවරණය වන පරිදි අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150ක්ද ජංගම සේවා වැඩසටහන් 6ක්ද දහම් පාසල් ගුරු පුහුණු වැඩ සටහන් 16ක්ද සෞඛ්‍ය හා බුදු දහම පිළිබඳ වැඩසටහන් 61ක් ද පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. මීට අමතරව ළමා භාවනා වැඩසටහන් 30ක්ද වෘත්තිකයන් උදෙසා බුදු දහම පිළිබඳ වැඩසටහන් 18ක්ද , සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20ක්ද , මාපිය දූ දරු සෙනෙහස මුල් කරගත් වැඩසටහන් 37ක්ද සංවිධානය කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]