UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කංචුක සහ අටපිරිකර දහසක් රුවන්වැලි මහ සෑයට පූජා කිරීම 30 වන දා

ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් වෙත කප්රුක් (කංචුක) දහසකට ආසන්නව සහ අටපිරිකර දහසකට අධිකව පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් මාර්තු මස 30 වන දින සවස 3.00 ට අනුරාධපුර සඳහිරු සෑය අභියසින් ආරම්භ කෙරේ. මහා පින්කම නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක, ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී, පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සෑම විහාරස්ථානයකටම චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකරදීමේ සංකල්පයේ නිර්මාතෘ චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෙසිය පනස් එකක් (251) ක් ශාසනයට පූජා කිරීම වෙනුවෙන් පුරෝගාමීත්වය දැරූ කුරුණෑගල, පොතුහැර, ජානක සී. සේනාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

සංකල්ප විහාරයේ පන් ලක්ෂයක් මල් පූජා කිරීමේ පින්කම 24 වැනිදා

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පන් ලක්ෂයක් මල් පුජා කිරීමේ පින්කම මෙවරද පිළියන්දල ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන්ගේ මෙහෙයවීමෙන් මේ මස 24 වැනි සෙනසුරාදා පස්වරු 6.00 ට ආරම්භ කැරේ. 24 වැනිදා පෙරවරු 5.00 කිරි ආහාර සම්බුද්ධ පූජාවෙන් අනතුරුව විශේෂ සීල භාවනා වැඩසටහන ආරම්භ කෙරේ. සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මල් පින්කම් කමිටුව එම පින්කම සංවිධානය කරති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තිලොවට තිලක වූ මහා ශාන්ති නායකයාණෝ

මානව ඉතිහාසයේ මේ ලෝකයට පහළ වූ මහා ශාන්ති නායකයාණෝ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. මහා කාරුණික වු, සියල්ල දත්, අසම සම, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවුණේ දුක් විඳින, සංසාරගත අසරණ සත්ත්වයන්ට ශාන්තිය පිණිසයි. අප නායකයාණෝ මේ සඳහා සුදුසුකම් ලබන්නට කල්ප කෝටි ගත සහශ්‍ර ගණනක් දුක් වින්දහ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදී පාරමී ධර්මයන් සමතිංශත් ආකාරයට පිරූහ. සිද්ධාර්ථ ගෞතම නමින් උප්පත්තිය ලබා, සියලු සැප සම්පත් අලුයම ඉවතලන කෙළ පිඩක් සේ සලකා මහබිනික්මන් කළේ සසරේ අතරමං ව කිසිදු සහනයක් නොලබා පීඩා විඳින බොහෝ දෙනාට හිත සුව පිණිසයි. මඩ ගොඩක එරී සිටින කෙනෙකුට, මඩේ එරී සිටින තවත් අයෙක් ගොඩ ගැනීම මහත් අසීරු කරුණකි. කොහෙත්ම කළ නොහැක්කකි. පළමුකොටම තමා මඩෙන් ගොඩට ආ යුතු ය. සන්සිඳීමක්, ශාන්තියක් තමා තුළ නොමැති ව තවත් අයෙකුට කෙසේ ශාන්තිය ලබා දෙන්න ද?

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබන

ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය 27 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපතිධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීමේ මහෝත්සවය මෙම මස 27 වනදා පස්වරු 2 ට කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ( බී ශාලාව) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

සොවින් තැවුණු වාශිෂ්ඨි
බුදුරදුන් දුටුවා ය.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]