UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බක් පුර අටවක 2018.03.24

ශක්තිමත් පාදමක් ...

දරුවෙක් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වනවා නම්, එය ඛේදවාචකයකි. එයින් හැඟවෙන්නේ ඒ සමාජයේ පරිහානියයි. අශීලාචාරකමයි. හෙට රට බාර ගන්නේ, මෙහෙයවන්නේ අද අපේ ළමා පරපුරයි. ඔවුන් ගේ කය නීරෝගී නොවුණේ නම්, මනස නීරෝගී නොවුණේ නම් අනාගතයට පැවැත්මක් නැත. අද දරුවන් හරි මග නො ගියේ නම් වරදින්නේ රටට ය. මුළු සමාජයට ම ය. එක් දරුවෙක්, දෙන්නෙක් පමණක් කරන වරදට අප කුමක් කරම්දැයි නොසලකා හැරීම, ඒ වැරැදි නිවැරැදි නොකිරීම සුළුවෙන් සිතිය යුතු දේ නොවේ. එක් අයෙක් වූව ද නොමඟ යාමේ ප්‍රතිඵල භුක්ති විඳින්නට වන්නේ අදාළ දරුවාට පමණක් නොවේ. වක්‍රාකාරයෙන් මුළු සමාජයටම ය. වරදින්නට ඉඩ හැර ඇස කන පියා සිටියේ නම් වන්නේ විපතකි. මේ නිසා රටේ හැම ළමයෙක් ගැන ම වෙසෙස් අවධානයක් යොමු කිරීම ය. අත්‍යවශ්‍ය වේ.

ගොඩනැඟිල්ලක පැවැත්ම, ආරක්ෂාකාරී බව, සවි ශක්තිය රඳා පවතින්නේ එහි මුල් අදියරේ ය. එනම් පාදමේ ය. නිසි අමුද්‍රව්‍ය යොදා පාදම සවි ශක්තිමත් ව ගොඩ නො නැගුවේ නම් අහස උසට ඉදිකළ ද, අලංකාරව දිස්වුණ ද එහි වටිනාකම අඩු ය. කවර මොහොතක කඩා වැටේදැයි කිව නොහැකි ය. රටේ අනාගතයේ අත්තිවාරම, නැතහොත් පාදම අද ළමා පරපුරය. ඔවුන් නිසිලෙස හදාවඩා නොගත්තේ නම්, නිසි මඟ යන්නට හුරු නොකළේ නම් හෙට දින රට ඉරිතලා යාම වැළැක්විය නො හැකි ය. මේ නිසා සමස්ත ළමා පරපුරම රැක ගන්නට ක්‍රමවත් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය ය.

අහිතකර පුරුදු, ඇබ්බැහිකම් දරුවන් ඉබේ පුරුදු වූ දේ නොවේ. ඇසෙන, පෙනෙන දෙයින්, පස මිතුරන්ගේ මෙහෙය වීමෙන්, එක්කෝ කූඨ ව්‍යාපාරිකයන්ගේ පෙළඹවීමෙන් සිදුවන දේය. ඇතැම්විට තමන්ගේ ම අම්මා තාත්තාගෙන් පුරුදු වන දේ ය. වැටත් නියරත් ගොයම කා දමනවා නම් ඒ අවනඩුව කියන්නට කෙනෙක් නැත. දරුවන් ගේ රැකවරණයට සිටින වැටත්, නියරත්, අම්මා තාත්තා ය. ගුරුවරුන් හා වැඩිහිටියන් ය. දරුවන් රැකගත යුතු, නිසි මග පෙන්විය යුතු ඔවුන් ය. එය නොසලකා හරින සෑම තැනකම දරුවන් අනාරක්ෂිත වීම, වැරැදි මග යාම වැළැක්විය නො හැකි ය. බුද්ධ දේශනාව අනුව උපදින මොහොතේ අප සියල්ලන්ගේ ම සිත ප්‍රභාෂ්වර ය. පිරිසුදු ය. පැහැපත් ය. අපිරිසුදු වන්නේ, ඇසෙන, පෙනෙන, දැනෙන කෙලෙස් සහගත කරුණු නිසා ය. එසේ නම් දරුවන්ට කුඩා කාලයේ සිට ම ඇසෙන්නට, පෙනෙන්නට, දැනෙන්නට, හැඟෙන්නට සැලසිය යුතු නිවැරැදි දේ ම ය. අනුකරණය ළමයා ගේ ස්වභාවය නිසා ය. පියා, දරුවන්ලවා කඩයෙන් දුම්වැටි ගෙන්වා ගන්නවා නම්, යහඵවන් සමඟ එක්ව තමන්ගේ ම නිවසේ මත්වතුර පානය කරනවා නම්, වැඩිහිටියෙකු වීමටත් පෙර දරුවා එය අත්හදා බලන්නට යයි. දරුවාගේ ලෝකයේ වීරයා තාත්තාවන නිසා ය.

ජීවිතයට වටිනා ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා තිබේ. යම් නිවෙසක එම පංච ශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් එහි හැදෙන වැඩෙන දරුවෝ නොමඟ යන්නේ නැත. අතීතයේ ගැහැනු දරුවා බොහෝ ලජ්ජාශීලිය. ශීලාචාරය. සංවරකම ඇයගේ ආභරණය විය. ඇය ඒ ගුණයහපත්කම් උගත්තී අම්මාගෙන් ය. ඒ දියණිවරු කිසි කලෙක මතට හුරු නොවූහ.

දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට අත්‍යවශ්‍ය ය. පාසලේ දී ද පොතපතේ, දැනුමට සමගාමීව ගුණ දහම් වැඩි දියුණු කළ යුතු ය. මවුපිය දූ දරුවන් අතර ගුරු සිසු දරුවන් අතර හොඳ සන්නිවේදනයක්, ගෞරවණීය බැඳීමක් තිබිය යුත ªය. එවිට සිදුවිය හැකි වැරැදි අවම ය. අපේ ළමා පරපුරේ අනාගතය උදෙසා එවැනි වැඩපිළිවෙලක අවශ්‍යතාවය අත්‍යවශ්‍ය ය.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]