UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තිලොවට තිලක වූ මහා ශාන්ති නායකයාණෝ

මානව ඉතිහාසයේ මේ ලෝකයට පහළ වූ මහා ශාන්ති නායකයාණෝ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. මහා කාරුණික වු, සියල්ල දත්, අසම සම, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවුණේ දුක් විඳින, සංසාරගත අසරණ සත්ත්වයන්ට ශාන්තිය පිණිසයි. අප නායකයාණෝ මේ සඳහා සුදුසුකම් ලබන්නට කල්ප කෝටි ගත සහශ්‍ර ගණනක් දුක් වින්දහ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදී පාරමී ධර්මයන් සමතිංශත් ආකාරයට පිරූහ. සිද්ධාර්ථ ගෞතම නමින් උප්පත්තිය ලබා, සියලු සැප සම්පත් අලුයම ඉවතලන කෙළ පිඩක් සේ සලකා මහබිනික්මන් කළේ සසරේ අතරමං ව කිසිදු සහනයක් නොලබා පීඩා විඳින බොහෝ දෙනාට හිත සුව පිණිසයි. මඩ ගොඩක එරී සිටින කෙනෙකුට, මඩේ එරී සිටින තවත් අයෙක් ගොඩ ගැනීම මහත් අසීරු කරුණකි. කොහෙත්ම කළ නොහැක්කකි. පළමුකොටම තමා මඩෙන් ගොඩට ආ යුතු ය. සන්සිඳීමක්, ශාන්තියක් තමා තුළ නොමැති ව තවත් අයෙකුට කෙසේ ශාන්තිය ලබා දෙන්න ද? අප මහා ශාන්ති නායකයාණෝ පළමුකොට තමා තුළ ශාන්තිය ඇති කරගෙන අන්‍ය සියලු දෙනාට කිසිදු භේදයකින් තොරව ශාන්තිය ලබා දුන්හ.අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ම ගම් නියම්ගම් දනව් සැරි සරමින් දේශනා කළ ධර්මය කුමක් සඳහා දේශනා කළේ ද යන බව උන්වහන්සේගේ ම ශ්‍රී මුඛයෙන් වදාළේ මෙලෙස ය.

ඉතිරිය»

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]