UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කංචුක සහ අටපිරිකර දහසක් රුවන්වැලි මහ සෑයට පූජා කිරීම 30 වන දා

කංචුක සහ අටපිරිකර දහසක් රුවන්වැලි මහ සෑයට පූජා කිරීම 30 වන දා

ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් වෙත කප්රුක් (කංචුක) දහසකට ආසන්නව සහ අටපිරිකර දහසකට අධිකව පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් මාර්තු මස 30 වන දින සවස 3.00 ට අනුරාධපුර සඳහිරු සෑය අභියසින් ආරම්භ කෙරේ. මහා පින්කම නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක, ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී, පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සෑම විහාරස්ථානයකටම චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකරදීමේ සංකල්පයේ නිර්මාතෘ චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෙසිය පනස් එකක් (251) ක් ශාසනයට පූජා කිරීම වෙනුවෙන් පුරෝගාමීත්වය දැරූ කුරුණෑගල, පොතුහැර, ජානක සී. සේනාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හමුදාවේ සහ ජානක සේනාධිපති සංවිධානයේ සහාය ඇතිව සිදුකිරීමට යෝජිත එම පුණ්‍ය කර්මය සඳහා කප්රුක් පැළඳවීමට කැමැති පින්වතුන් වෙතොත් සුදුවතින් සැරසී තම තමන් විසින් යාර 303 ක් වූ සිවුරු පාටින් යුත් කප්රුක් පමණක් සඳහිරු සෑය අසලින් ආරම්භ කෙරෙන පෙරහර වෙත ගෞරවාන්විතව වඩමවාගෙන එන ලෙස ද ජානක සේනාධිපති මහතා ඉල්ලා සිටී.

පසුදින පාන්දර 6.00 ට රුවන්වැලි මහා සෑය හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කිරිපිඬු පාත්‍රා දහසක් පුජා කිරීමේ පුණ්‍ය කර්මයක් සිදු කිරීම සහ 6.30 ට සංඝයා වහන්සේලා 250 ක් උදෙසා සාංඝික දානමය පින්කමක් පැවැත්වීමට ද දවල් ස්වර්ණමාලී සෑරදුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ව්‍යංජන 32 ක් සහිත දානය පූජා කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]