UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා මාසික පින්කම පෝදා මිහින්තලා පුදබිමේ දී

මෙවර දායකත්වය තිස්සමහාරාම පන්නගමුව අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන දායක පිරිසකගෙන්

මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජා මාසික පින්කම මෙම මැදින් පෝදා මිහින්තලා රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මෙවර එම පින්කමේ දායකත්වය තිස්සමහාරාම පන්නගමුව අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන පන්නගමුව ප්‍රදේශයේ දායක දායිකා පිරිසක් උසුලනු ලැබේ. අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන එම ප්‍රදේශයේ සිල්වත් පිරිසක් පුණ්‍යභූමි රැසකදී විවිධ පින්කම්වල නිරත වී ඇති අතර ථූපාරාමය, සෝමාවතී, මහියංගනය, නාගදීපය ආදී ස්ථානයන්හිද එම පිරිස පින්කම් සිදු කර ඇත.උදාර පින්කම්හි නිරතවීම පුරුද්දක් කරගෙන ඇති එම පිරිස ඉතා ශ්‍රද්ධාවෙන් මෙවර මිහින්තලේ කප්රුක් පූජා පින්කමෙහි නිරතවන බව අයි. ජයසූරිය මහත්මිය “බුදුසරණට” කීවා ය.

ඉතිරිය»

ලේක්හවුස් ආදි කර්තෘ ඩි.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරු පින්කම

ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලේක්හවුස් මන්දිරයේ දී ඉකුත් දා (22 ,23) දිනවලදී පින්කම්මාලාවක් පැවැත්විණි. 22 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ 23 වනදා ශතාධික සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. පිරිත් දේශනාව සඳහා කොළඹ ගංගාරාමයේ සිට මහ සඟරුවන වැඩම කරලූහ.ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දයාබර පුතණුවන් වන රංජිත් විජයවර්ධන මහතාණන් ද එම පින්කමට සහභාගි විය. එම පින්කම් මාලාවේ සුවිශේෂී අවස්ථාවන්

ඉතිරිය»

ධර්ම දේශනාව:

භේද නැති සසර දුක

" සුඛො බුද්ධානං උප්පාදො- සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛා
(ධම්මපදය –බුද්ධ වග්ගය) "

බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන් ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කාමසුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ. බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳ ව විමසා දැන් කුමක් පවසම් ද, මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවා ය. බුද්ධෝත්පාදය , ධර්මය ඇසීම සංඝ සමගිය, සතුටු සාමීචි බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ. බුදුරජාණන් වහන්සේ පහළ වන විට මහජනතාව රාග කාන්තාරයෙන් එතෙර කරති. මේ නිසා බුදු උපත සැපයක්මයි! ධර්ම දේශනය, ජාති,ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් මිදීමට හේතුවේ. එහෙයින් දම් දෙසුම සුවයක් වේ. සාමග්ගි යනු සම චිත්තයයි. සමඟි වූවන්ගේ එකඟ වු සමාහිත වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින්, සමගි සංඝයාගේ තපස සැපයක් යැයි වදාළහ. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ විසින් යම් සේ භික්ෂූන් සමගිව රැස්වේ ද, සමගිව විසිරයේ ද? සංඝකරණීය කරන්නේ ද වැඩි දියුණුවක් ම ඇතිවේ. පරිහානියක් ඇති නොවේ යැයි ද වදාළහ.

ඉතිරිය»

දේශයට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

කොළඹ නවම් මහා පෙරහර ආරම්භ කර මෙම වසරට හතළිස් වසරක් සපිරේ. ඊටත් කලකට පෙර කොළඹ ගංගාරාමය මගින් ඇසළ පෙරහර නමින් පෙරහක් පවත්වා ඇත. අපේ රටේ වෙනත් පෙරහරක් නොපැවති මාසයක කොළඹ නවම් මහා පෙරහර ආරම්භ කෙරිණි. ගංගාරාමයේ නවම් මහා පෙරහර ආරම්භ වූයේ තෙරුවන් උදෙසා පවත්වනු ලබන ගෞරවෝපහාරයක් ලෙසිනි. සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත වැඩමකරවීමත්, බුදුරජාණන් වහන්සේගේ සුවාසුහාර දහසක් ධර්මස්කන්ධය සිහියට නංවමින් ධර්ම පුස්තක වැඩම කරවීම සහ සිය ගණනක් මහ සඟරුවන වැඩම කරවීම ද කොළඹ නවම් මහා පෙරහරට ආවේණික වේ. කොළඹ නගරයට නවම් මහා පෙරහර අලංකාරයක් පමණක් නොව අපේ රටට මහත් ගෞරවයක් නිරන්තරයෙන් එමගින් හිමිවන අතර වෙසෙසින් ම ලොව බොහෝ රටවලින් එම නවම් මහා පෙරහර නැරඹීම සඳහා ම විදේශිකයන් ද වැඩි වශයෙන් අපේ රටට පැමිණෙන කාලයක් බවටද පත්වී ඇත. නවම් මහා පෙරහර ආරම්භවීමට මත්තෙන් සතිපිරිත් දේශනාවක්, මල්පෙරහර හතක්ද පවත්වා වාර්ෂික නවම් පෙරහර මංගල්‍යයට සූදානම්වීමද පැසසිය යුතුය.

ඉතිරිය»

කොළඹ නවම් මහා පෙරහර පැවැත්වෙන ගංගාරාමයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]