UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කහගොල්ලේ සෝමවංශ හිමියන් වෙත සම්මානෝපාධි පිළිගැන්වීම මාර්තු 26 වන දා

කහගොල්ලේ සෝමවංශ හිමියන් වෙත සම්මානෝපාධි පිළිගැන්වීම මාර්තු 26 වන දා

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද, කහගොල්ලේ සෝමවංස හිමියන් වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන්, අමරපුර මහා නිකායෙන් සහ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙන් පිරිනමන ලද ගෞරව සම්මානෝපාධි පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමියන් ප්‍රධාන අනුනාහිමිවරු අධිකරණ නා හිමිවරු මහා ලේඛකාධිකාරී මාහිමියන්, අධිකරණ ලේඛකාධිකාරී මාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක කාරක සංඝ සභා මාහිමිවරුන්ගේ ඒකච්ඡන්දයෙන් කථානායකතුමා ප්‍රධාන රාජ්‍ය මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් “ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ජෝතික පරියත්ති විශාරද සංඝසෝභන” යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනගාරික ධර්මපාල පදනම විසින් “ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද සද්ධර්ම වාගිස්වරාචාර්ය” යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාව විසින් “ශ්‍රී සාසනධජ පරියත්ති කෝවිද ධර්මකීර්ති සාසනමාමක” යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන ලදී.

එම ගෞරව සම්මානෝපාධි පිළිබඳ සන්නස් පත්‍ර පිළිගැන්වීම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා වේ ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය පහලවිටියල ජනානන්ධාභිධාන හිමි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවේ ප්‍රධාන සභාපති, කඬම්ට්ඨානාචාර්ය මීතලාවේ විනීත හිමියන්ගේ සුරතින් මාර්තු මස 26 වෙනි දින සවස 4.00 ට ගල්දූව ආරණ්‍ය සේනාසන මූලස්ථානයේ පිණ්ඩපාත ශාලාවේ පැවැත්වේ.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]