UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන බෝධි වන්දනාව - 05

පින් වැඩෙන බෝධි වන්දනාව - 05

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපිට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව ඉකුත් පසළොස්වක දා සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

වන්දනා ගාථා

ඉන්දනීල වණ්ණපත්ත සේත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ගබෝධි නාම වාම දේව රුක්ඛ සණ්ණිභං
තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා

ඉඳුනිල් මිණි වැනි පත් වලින්ද, සුදු පැහැති කඳින් ද බබළන්නා වූ, බුදුරජාණන් වහ්නසේගේ නෙත් පියුම් වලින් පුදන ලද්දා වූද, උතුම් නිවන් සැප ගෙන දෙන දිව්‍ය වෘක්ෂයකට සමාන වූ, අග්‍රබෝධි නම් වූ, විශාල වූ, උත්තම බෝධි වෘක්ෂයන් වහන්සේට සැම කල්හි ම වඳිමි.

යස්ස මූලේ නිසින්නෝවා සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්ඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධි පාදපං

බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හුන් සේක් ද

සකල ක්ලේශ ප්‍රහීණ කොට සර්වඥතා ඥානයට පැමිණි සේක්ද

ඒ බෝධි වෘක්ෂ රාජයාට මම නමස්කාර කරමි.

ඉමේ ඒතේ මහා බෝධි ලෝක නාථෙන පූජිතා
අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්ථුතේ

බුදුරජාණන් වහන්සේ විසින් පුදනු ලද්දා වූද

ඒ බෝධි වෘක්ෂයට මම නමස්කාර කරමි. බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර වේවා

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ– සමදිට්ඨිත දක්ඛින සාඛ භවං
සුභ මේඝවනම්බර මේඝනිභං - ජය බෝධි මහං පණමාමි වරං

බුදුරජාණන් වහන්සේ අදිටන් කළ ලෙසින් ම අනුරාධපුරෙ මහමෙව්නා උයනේ පිහිට වූ උතුම් දක්ෂිණ ශාඛා ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේට නමස්කාර කරමි.

පූජා ගාථා

පහන් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ පහන් ආලෝකය ආදර ගෞරවයෙන් පුජා කරමි.

සුවඳ දුම් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ සුවඳ දුම් ආදර ගෞරවයෙන් පූජා කරමි.

සුවඳ මල් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - පුප්ඵෙනේතේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යයක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ මල් ආදර ගෞරවයෙන් පූජා කරමි.

සිසිල් පැන් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - උදකේනේතේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ පැන් ආදර ගෞරවයෙන් පූජා කරමි.

කිරි ආහර පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - ඛිරෝදකේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේ ට මේ කිරි ආහාර පූජාව ආදර ගෞරවයෙන් පූජා කරමි.

අෂ්ඨපාන පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - අට්ඨපානේතේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ අෂ්ඨපාන ආදර ගෞරවයෙන් පූජා කරමි.

චතුමධුර පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - චතුමධුරේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ චතුමධුර ආදර ගෞරවයෙන් පූජා කරමි.

දැහැත් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - තාම්බුලේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ දැහැත් ආදර ගෞරවයෙන් පූජා කරමි.

බෙහෙත් පූජාව

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - භේසජ්ජේන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ බෙහෙත් ආදර ගෞරවයෙන් පූජා කරමි.

සියලුම පූජාවන් පූජා කිරීම

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - සබ්බං සද්ධාය පූජිතං

ධර්මරාජයාණන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයාණන් වහන්සේට මේ සියලු පූජාවන් ආදර ගෞරවයෙන් පූජා කරමි.ලොව්තුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුදුබව අවබෝධ කර ගැනීම සඳහා සෙවණ දී වදාළ බෝධි රාජයාණන් වහන්සේට උපහාර පූජාවක් ලෙස අත්‍යාදර ගෞරවයෙන් මේ සියලු පූජාවන් පූජා කරමි, පූජා වේවා, පූජා කරමි, පූජා වේවා, පූජා කරමි පූජා වේවා.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]