UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පසළොස්වක පෝදා (31) සවස මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ පියනන්ද සමාජ සේවා පදනම මගිනි. වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති පියනන්ද සමාජසේවා පදනමේ පන්නිපිටිය වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කැලණිය හේමමාලි ආරාමාධිපතිනී, සඟමිත්තා කළගුණ සළකමු පදනමේ අනුශාසිකා කැලණියේ සුමංගලා ධර්ම ශ්‍රී හේමමාලි මෙහෙණිය සහ චන්ද්‍රදාස ආබ්‍රෙව් මහතාගේ ද දායකත්වයෙන් වැල්ලවත්ත කාන්ත ජයසිංහ මහතාගේ ප්‍රධාන සංවිධානයෙනි. සුදත් රෝහණ, තිලක් රෝහණ, දිනෙත්, සුමනදාස, රුවන් ධනුෂ්ක, භද්‍රා මෑණියෝ, විජේසිරි ඇතුළු ගොනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා පිළිරුවක් පූජා කිරීමේ වැඩසටහනක්ද කප්රුක් පුජා කිරීමේ පින්කම් මාලාවට ඇතුළත් වේ.

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපතින් වහන්සේ ලෙස අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි මහා නා හිමියෝ පත්වූහ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙසැම්බර් 29 වන දා පැවැති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රමුඛ නියෝජිත සංඝ සභාවේ දී මෙසේ පත්වූහ. කෑගල්ල දිසාවේ ගන්තුන ග්‍රාමයේ බෞද්ධ මහෝපාසික දම්පතින්ගේ පුත්රුවනක් ලෙස 1942 දී මෙලොව උපත ලැබීය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා 1956 නොවැම්බර් 12 වන දා අලපලාවල මහින්දඤාණ තිස්ස අනු නා හිමියන්ගේ සහ මඩවල ආනන්ද ඤාණතිස්ස නා හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස එම කුමරුවා පැවිදිබිමට පත් විය. මූලික බණ දහම් හදාළ උන්වහන්සේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනින් සහ හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්හ. එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ලැබූ උන්වහන්සේ තමන් වහන්සේ ලත් ධර්ම ශාස්ත්‍රීය ඤාණය අනාගත පරපුරට ප්‍රදානය කරමින් පාසල් ආචාර්යවරයකු සහ කථිකාචාර්යවරයකු ලෙස උදාර මෙහෙවරක් සැලසූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

හිත අහිත වටහා ගැනීම

මජ්ක්‍ධිම නිකායේ හැට එක්වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දී සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන් අමතා මුසාවාදය හෙවත් බොරුකීමේ ආදීනව තමන් වහන්සේට පා සේදීම සඳහා ජලය තැබු භාජනය උපයෝගී කරගෙන ක්‍රම කීපයකින් පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ අනතුරුව රාහුල හිමියන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසති."රාහුල, ඔබ සිතන විදියට කැඩපත හෙවත් කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?" එම ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු සපයන සත් හැවිරිදි රාහුල හිමියෝ “පච්චවෙක්ඛනත්ථො භන්තෙති” යනුවෙන් පිළිතුරු දුන්හ. සත්හැවිරිදි කුඩා දරුවෙක් ලබා දෙන මේ පිළිතුර කෙතරම් අර්ථවත් ද? මේ ප්‍රශ්නය සහ පිළිතුර තුළ අපගේ ජීවිතයට අදාළ වැදගත් පණිවුඩයක් අන්තර්ගත බව ඒ පිළිබඳව කරුණු කීපයක් විමසා බැලීමෙන් පැහැදිලි වේ. ‘ආදාස” යන පාලි වචනයේ සංස්කෘත රූපය “ආදර්ශ” යන්නයි. මේ ආදර්ශ යන වචනය අපගේ දෛනික ජීවිතයේ දී නිතර භාවිතවන එසේ ම නිතර අසන්නට ලැබෙන වචනයකි. ඉහතින් සඳහන් කළ පරිදි ආදාස හෙවත් ආදර්ශ යනු කණ්ණාඩිය හෙවත් කැඩපතයි. කැඩපත අප භාවිත කරන්නේ අපගේ දෙඇසින් දැකිය නොහැකි, අපගේ ශරීරයේ ඒ ඒ කොටස් දැකබලා ගැනීම පිණිසයි.

ඉතිරිය»

කැලණියේ දුරුතු මහා පෙරහර පූජෝත්සවය

සම්බුදු සිරිපා පහසින් පරම පූජනීයත්වයට පත් වූ ඓතිහාසික කැලණිය පුදබිම සම්භාවණීය මෙන් ම සුවිශේෂී බවින් ද අනූන ය. එම පුණ්‍යභූමිය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුද පූජා සත්කාරයන්ටත්, ගෞරවාදරයටත් පත් වූයේ දුරාතීතයේ සිට ය. ජීවිත කාලයෙන් එක් වරක් වුව සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් කළ සියලු පව් දුරලන මහෝත්තම පින්කමක් ලෙස ලක්දිව බොදු ජනයා විසින් ඉතිහාසය පුරා පිළිගනු ලැබුයේ එම සුවිශේෂත්වය නිසා ම විය යුතු ය. ලක්වැසි අපට ආවේණික වූ බොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව වූත්, අනන්‍ය වූත් ලක්ෂණවලින් ම පොහොසත් ය. තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරු කොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන් ම බෞද්ධ සම්ප්‍රදායයන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සලකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින් ද සුවිශේෂී කැපවීමකින් ද ඊට දායක වෙති.

ඉතිරිය»

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම . සිතුවම - සත්සර ඉලංගසිංහ

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]