UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ශිෂ්‍යාධාර

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ශිෂ්‍යාධාර

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන හා හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් ශිෂ්‍යත්ව අරමුදලක් 2015 දී ආරම්භ කරන ලදී.

බුදුසරණ පුවත්පතෙහි පළ කළ දැන්වීමට අනුව අයැදුම්පත් කැඳවා ආර්ථික අපහසුතා සහ අධ්‍යාපන කුසලතා ඇති අ.පො.ස.සාමාන්‍ය පෙළ හෝ අ.පො.ස.උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම එහි පරමාර්ථයයි. ඒ අනුව දැනට සිසුන් 89 දෙනෙකු තෝරාගෙන එක් ළමයෙකුට මසකට රු. 2500 බැගින් පිරිනැමීම සිදුකරන අතර එය විශ්වවිද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපනය නිමවන තුරු ලබාදීම ශිෂ්‍යත්ව පාලක මණ්ඩලයේ බලාපොරොත්තුවයි.

2018 වසරේ ද ආර්ථික අපහසුතා සහ අධ්‍යාපන කුසලතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට බලාපොරොත්තු වන හෙයින් ඒ සඳහා බලාපොරොත්තු වන සිසුන් ලේකම්, බෞද්ධායතන දායක සභාව , වටරප්පල පාර, ගල්කිස්ස යන ලිපිනයට තම නම සහ ලිපිනය ලියන ලද රු. 10 ක මුද්දරයක් ඇලවූ ලියුම් කවරයක් එවීමෙන් ශිෂ්‍යත්ව අයැදුම්පතක් ලබාගෙන සම්පූර්ණ කොට 2018 පෙබරවාරි 20 වන දිනට පෙර එවිය යුතු බව කියයි. අයැදුම්පත් සමඟ ඉදිරිපත්කරන මූලික විස්තර පදනම් කොටගෙන තෝරාගත් සිසු පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පාලක මණ්ඩලයේ බලාපොරොත්තුව බව ද කියයි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]