UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බණ්ඩාරගම වික්‍රමශිලා මහා පෙරහර

බණ්ඩාරගම වික්‍රමශිලා මහා පෙරහර

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ සිට වාර්ෂිකව පැවැත්වෙන එනම් බණ්ඩාරගම වික්‍රමශිලා මහා පෙරහර වික්‍රමශිලා විද්‍යායතන පිරිවෙන මගින් පවත්වනු ලැබේ.

වික්‍රමශිලා සම්මාන පරිවේණාධිපති දර්ශනපති රොටුඹ පේමරතන හිමියන්ගේ සංකල්පයකට අනුව මීට වසර විසි තුනකට ( 23) පෙර එම පෙරහර ආරම්භ කරන ලද්දේ ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ජාතික වීරයන්ට උපහාර දැක්වීමේ පෙරහරක් වශයෙන් පෙබරවාරි 04 වන දිනදී ය.

මුල් යුගයේ පෙරහර පවත්වන ලද්දේ සවස් කාලයේදී ය. එම පෙරහර ඇසුරින් තම සහජ කුසලතාවයන් විදහා දක්වමින් රංගනයෙන් දායක වූයේ බණ්ඩාරගම ජාතික පාසල, වෑවිට මෛත්‍රි මහා විද්‍යාලය, මහබෙල්ලන එස්.මහින්ද විද්‍යාලය, වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහා විදුහල, වල්ගම සද්ධාතිස්ස විදුහල ඇතුළු විද්‍යාලවල මෙන් ම බණ්ඩාරගම ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම්පාසල්වල දරු දැරියන්ය. වාර්ෂිකව ඉතා උද්‍යෝයගකින් ඔවුන් සහභාගි වූයේ ඔවුන්ට බණ්ඩාරගම නගරයේ දී තම කුසලතා විදහා දැක්වීමට ලැබෙන සුවිශේෂි අවස්ථාවක් වූ බැවිනි.

සවස් කාලයේ පැවැත් වූ මෙම පෙරහර බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි රාත්‍රී කාලයේ දී පැවැත්වීමට පෙළඹීම නිසා පාසල්වල නර්තන කණ්ඩායම් සහභාගි කරවීම අපහසු කාර්යක් බවට පත්විය.ඒ අනුව විවිධ පළාත්වලින් පාරම්පරික පළපුරුදු දක්ෂ ශිල්පීන් සම්බන්ධ කර ගැනීමට සිදු විය. ඒ නිසාම විශාල මුදලක් වැය කිරීමට ද සිදු විය. අද වන විට සබරගමුව. උඩරට,පහතරට ආදි විවිධ සාම්ප්‍රදායික නැටුම් ශිල්පීන් 3000කගේ පමණ සහභාගිත්වයෙන් අලංකාර මහා පෙරහරක් පැවැත්වීමට පෙළඹී ඇත.

2013 වර්ෂයේ වික්‍රමශීලා මහා පෙරහර රජයේ විශේෂ ගැසට් නිවේදනයක් යටතේ අනුමත පෙරහරක් වීම නිසා පෙරහරේ මූලික සංවිධායක කටයුතු සිදු වනුයේ කළුතර දිස්ත්‍රික් මහා දිසාපතිතුමන්ගේ මෙහෙයවීමෙනි. ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, එම්.ඕ,එච්.ආයතනය, රාජ්‍ය බැංකු, විදුලිබල මණ්ඩලය ,ජලාපවහන මණ්ඩලය, ටෙලිකොම් ආයතනය ආදි සියලු රාජ්‍ය ආයතනවල විශේෂ අනුග්‍රහය නිසාම පෙරහර පූජෝත්සවයේ කටයුතු සාර්ථකව සිදුකිරීමට හැකි වී ඇත.

වික්‍රමශීලා විද්‍යායතන, පිරිවෙන, සිරි පේමරතන මූලික පිරිවෙන, ශ්‍රී පඤ්ඤාලංකාර ධර්ම විද්‍යාලය, දායක සභාව, කුලඟන සමිතිය ආදි වික්‍රමශිලා පිරිවෙනට අනුබද්ධ විවිධ සංවිධාන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ගමනාමන අංශ, වෙළෙඳ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, බණ්ඩාරගම හා අවට විහාරස්ථාන , පාසල්, දහම්පාසල් ආදි ආයතන සමූහයක සහභාගිත්වයෙන් සිදුවන පූජෝත්සවයක් බවට පත්ව ඇත.

24 වන වතාවට 2018 වර්ෂයේ ජනවාරි 27,28,29 යන දිනයන්හි විශේෂ බෝධිපූජාව සහිත ප්‍රකට දේශකයන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම දේශනා සිදු කෙරේ. 30,31 දෙදින පිරිත් දේශනාව විචිත්‍රභාණක වල්ගම චන්දරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙයි. පෙබරවාරි 01 වන දින බණ්ඩාරගම පාසල් හා දහම්පාසල්වල කලා කුසලතාවයන්ගෙන් යුක්ත දරු දැරියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් වේදිකා ගත කෙරේ. පෙබරවාරි 02 සවස 6.00 ට වීථි සංචාර පෙරහරද 03 රාත්‍රී 7.00 ට වාර්ෂික මහා පෙරහර මංගල්‍යය ද සිදු කෙරේ. 04 ගරා රාක්ෂ සාන්තිකර්මය පැවැත්වීමෙන් පෙරහර කටයුතු නිමා කෙරේ.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]