41 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
184. ඛන්තී පරමං තපො ති තික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී - සමණො හොති පරං විහෙඨයන්තො
ඉවසීම නිවන මෙන් - උතුම් වූ සැනසුමකි. නො ඉවසන තැනැත්තා - පැවිද්දකු
වෙන්නේ නෑ.
හිතවතුනි , ඉවසන්න, සැනසීම නිසැක වේ. ඉවසීම පුරුදු වූ තැනැත්තෝ ජය
ලබති.
185. අනුපවාදො අනුපඝාතො - පාතිමොක්ඛේ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්ථඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො - ඒතං බුද්ධානසාසනං
හිංසාව පීඩාව - තුරන්කොට සෙනසුන්හි - සිල්වත්ව සමාධිව - සිටියයුතු
වන්නේ ය. මේ සසර ඉම දකින - නියම පිළිවෙත එයයි. ලොවුතුරා බුදුන්ගේ
අනුශාසනය එයයි.
හිතවතුනි - නැණවත්ව - සුසංවර විය යුතුය - ජීවිතේ සැනසීම - ඉන් ළඟා
වන්නේ ය.
186. න කහාපණ වස්සේන - තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
කොතෙක් කම් සැප ලදත්- මෝඩයෝ නොසැනසෙති. එහි විපාත දකින්නේ නුවණ ඇත්තන්
පමණි.
හිතවතුනි, කම්සුවය - නුවණැතිව විඳිය යුතු - එසේ නැතහොත් එයින් විපත්
සිදුවන්නේ ය.
187. අපි දිබ්බේසු කාමේසු - රතිං සෝ නාධිගච්ඡති
තණ්හක්ඛයරතෝ හෝති - සම්මා සම්බුද්ධ සාවකො
නැණැති බුදු සව් තෙමේ - දෙව් සැපට ලොල් නොවේ - ඔහු නැණැස යොදන්නේ ,
නිවන් සුවයට පමණි.
හිතවතුනි, නුවණැසින්, හොඳම දේ දැක ගන්න. එවිට පසුතැවීමක් කිසි දිනක ඇති
නොවේ.
මතු සම්බන්ධයි |