Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 41 වන කොටස

184. ඛන්තී පරමං තපො ති තික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී - සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම නිවන මෙන් - උතුම් වූ සැනසුමකි. නො ඉවසන තැනැත්තා - පැවිද්දකු වෙන්නේ නෑ.

හිතවතුනි , ඉවසන්න, සැනසීම නිසැක වේ. ඉවසීම පුරුදු වූ තැනැත්තෝ ජය ලබති.

185. අනුපවාදො අනුපඝාතො - පාතිමොක්ඛේ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්ථඤ්ච සයනාසනං

අධිචිත්තේ ච ආයොගො - ඒතං බුද්ධානසාසනං

හිංසාව පීඩාව - තුරන්කොට සෙනසුන්හි - සිල්වත්ව සමාධිව - සිටියයුතු වන්නේ ය. මේ සසර ඉම දකින - නියම පිළිවෙත එයයි. ලොවුතුරා බුදුන්ගේ අනුශාසනය එයයි.

හිතවතුනි - නැණවත්ව - සුසංවර විය යුතුය - ජීවිතේ සැනසීම - ඉන් ළඟා වන්නේ ය.

186. න කහාපණ වස්සේන - තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ

කොතෙක් කම් සැප ලදත්- මෝඩයෝ නොසැනසෙති. එහි විපාත දකින්නේ නුවණ ඇත්තන් පමණි.

හිතවතුනි, කම්සුවය - නුවණැතිව විඳිය යුතු - එසේ නැතහොත් එයින් විපත් සිදුවන්නේ ය.

187. අපි දිබ්බේසු කාමේසු - රතිං සෝ නාධිගච්ඡති
තණ්හක්ඛයරතෝ හෝති - සම්මා සම්බුද්ධ සාවක

නැණැති බුදු සව් තෙමේ - දෙව් සැපට ලොල් නොවේ - ඔහු නැණැස යොදන්නේ , නිවන් සුවයට පමණි.

හිතවතුනි, නුවණැසින්, හොඳම දේ දැක ගන්න. එවිට පසුතැවීමක් කිසි දිනක ඇති නොවේ.

මතු සම්බන්ධයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.