| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
									ජාතික නාමල් උයන අන්තර් ජාතික සම්බන්ධීකරණ 
									ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා නාගරික සංවර්ධන 
									අධිකාරියට අයත් දඹුල්ල නගරයේ පිහිටි පර්චස් 8 
									ක භූමි ප්‍රමාණයක් ජාතික නාමල් උයනට වෙන්කර දී 
									ඇත. එහි නීත්‍යානුකූල ඔප්පුව පසුගියදා අගමැති 
									කාර්යාලයේ දී අගමැති රත්නසිරි වික්‍රමනායක 
									මහතා විසින් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී 
									රාහුල හිමියන් වෙත ප්‍රදානය කළ අවස්ථාව. එම 
									අවස්ථාවට නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන 
									අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආරාධිත 
									අමුත්තන් කීපදෙනෙක්ද සහභාගී වූහ.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්‍රකට කථා
			  
			
			 
			ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කළේ පාචීන රජතුමාගේ 
			රාජගෘහයේ පිහිටි ඉන්දසාර ගුහාවේදී ය. බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ 
			පාවාගත් ලංකාවේ නාග පචින පාචින රජතුමා
			ත්‍රිපිටකය ත්‍රිපිටක අටුවා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන තොරතුරකි, 
			බුදුරජාණන් වහන්සේ සක් (ශක්‍ර) දෙවිදුන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා 
			කිරීම. මෙම සූත්‍රය දේශනා කිරීමට බුදුරදුන් තෝරා ගත් ස්ථානය ලෙස සඳහන් 
			කර ඇත්තේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්ද (ඉන්ද්‍ර) සාල ගුහාවයි. 
			මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද? යන්න විමසා බැලීම කාලෝචිත 
			ය. බුදුන් දවස තිබුණු බුදුකැලි අටුවා ක්‍රි.පූ. 237 දී මිහිඳුහිමියන් 
			මෙරටට රැගෙන විත් හෙළ භාෂාවෙන් ලියා තැබූ බවත්, එම හෙළ අටුවා ක්‍රි.ව. 
			500 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි 
			භාෂාවට නැගූ බව පාලි පොත් වල සහ බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					ඇසළ අව අටවක පෝය 
					ඇසළ අව අටවක 
					පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි. 
					26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය. 
  මීළඟ පෝය ජූලි 31 වන දා 
					බ්‍රහස්පතින්දා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
					
																
																
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූලි 25 | 
		 
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූලි 31 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		අගෝස්තු 08 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අගෝස්තු 16 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |