UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ කොටහේන දීපදුත්තමාරාම රජමහා විහාරය

ඕලන්ද පාලන සමයේ (ක්‍රි.ව. 1785) පමණ ඇරැඹි කොළඹ 13 කොටහේන දීපදුත්තමාරාම තායි රජ මහා විහාරය, කොළඹ නගරයේ ඉදි කළ මුල්ම විහාරස්ථානයයි. මෙය, වල් බිහි වී තිබී, පුනර්ජීවය ලැබුවේ 1844 න් පසුව වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ යුගයේ දී ය. පි‍්‍රස්ඩාන්ග් චුම්සායි තායි රජ කුමරු 1896 දී ලක්දිවට පැමිණ ‘ජිනවරංස’ නමින් පැවිදිව, කලක් වැඩ වාසය කළේ මෙම විහාරස්ථානයේ ය. මෙම විහාරස්ථානයේ රත්න චෛත්‍යය ආරම්භ කරන ලද්දේ 1908 වසරේ දී ජිනවරංස හිමියන්ගේ මූලිකත්වයෙනි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මොරටුව ලුනාව උයන ශ්‍රී බෝධිරාජාරාමය

මොරටුව, ලුනාව ගම්මානය, ගාලුපාරේ කුරුස හන්දියේ සිට ඇරඹෙන උයන පාර ඔස්සේ ගොඩ නැගී ඇති සුන්දර ගම්මානයකි. බෞද්ධ හා ක්‍රිස්තියානි භක්තිකයින් සහජීවනයෙන් වාසය කරන මෙම ගම්මානය, මොරටුවට ආභරණයක් සහ වටිනා සෞන්දර්යය උරුමයක් වන ලුනාව කලපුව එක් පැත්තකින් ද සුන්දර මුහුද වෙරළ තීරය අනෙක් පසින් ද පිහිටි භූමි ප්‍රදේශයක් තුළ පිහිටා තිබෙයි.මෙම ගම්මානයේ වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික ජීවිත වෙනුවෙන් සැකසුණු ප්‍රධාන විහාරස්ථාන දෙකකි. ශ්‍රී විශුද්ධාරාමය පැරණි විහාරස්ථානය වන අතර එය මුල් කොට වාර්ෂිකව පැවැත්වෙන පෙරහර ලුනාව පෙරහර ලෙස ශ්‍රී ලංකාව පුරාම ජනපි‍්‍රයව පවතී.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]