UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෞතම බුදුරජාණන් වහන්සේ දවස අප්‍රකට කථා

ගෞතම බුදුරජාණන් වහන්සේ සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කළේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්දසාර ගුහාවේදී ය. බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවාගත් ලංකාවේ නාග පචින පාචින රජතුමා ත්‍රිපිටකය ත්‍රිපිටක අටුවා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන තොරතුරකි, බුදුරජාණන් වහන්සේ සක් (ශක්‍ර) දෙවිදුන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කිරීම. මෙම සූත්‍රය දේශනා කිරීමට බුදුරදුන් තෝරා ගත් ස්ථානය ලෙස සඳහන් කර ඇත්තේ පාචීන රජතුමාගේ රාජගෘහයේ පිහිටි ඉන්ද (ඉන්ද්‍ර) සාල ගුහාවයි. මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද? යන්න විමසා බැලීම කාලෝචිත ය. බුදුන් දවස තිබුණු බුදුකැලි අටුවා ක්‍රි.පූ. 237 දී මිහිඳුහිමියන් මෙරටට රැගෙන විත් හෙළ භාෂාවෙන් ලියා තැබූ බවත්, එම හෙළ අටුවා ක්‍රි.ව. 500 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නැගූ බව පාලි පොත් වල සහ බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

“සීහළට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා / සංගීත්තයමාරුළහං සම්මා සම්බුද්ධදේසිතං” (මහාවංශය 37 වන පරි. 228 වන ගාථාව)

“සිහලට්ඨ කථා සුද්ධා මහින්දේන මතීමතා /සඬගිතිත්තයමා’ රූළහං සම්මාසම්බුද්ධදේසිතං” (සද්ධම්මසඞගහ 7 වන පරි. 15 වන ගාථාව)

“....... ඉක්බිති මහාවිහාරවාසී භික්‍ෂු මහාසංඝයා වහන්සේ සිංහල අටුවා කථා පොත් සමග පිටකත්‍රය, පාළි පොත් ද උන්වහන්සේ ට භාර කළහ.” එකල්හි ඒ ආයුෂ්මත් බුද්ධඝෝෂ තෙරණුවෝ ඒ සියලු පොත් භාරගෙන මහා විහාරයට දකුණු දෙස වූ “පධානඝර” නම් ප්‍රාසාදයෙහි වැඩවෙසෙමින් සියලු හෙළටුවා පෙරළා මුල භාෂාව වූ මාගධික භාෂාවට නගා ත්‍රිපිටකයට අට්ඨකථා කළහ. මහාඅට්ඨකථා මහාපච්චරියට්ඨ කථා සහ මහාකුරුන්දට්ඨකථා යනුවෙන් හෙළටුවා පොත් තුනක් ගැන සමන්තපාසාදිකාවෙහි දැක්වේ. ප්‍රථම මහාසංගායනාවට නැගුණු මහාකස්සප මහාස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහතෙරවරුන් විසින් කරන ලද මහාමහින්ද ස්ථවිරයන් වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලදුව හෙළ බසින් කරන ලද්දේ “මහාඅට්ඨකථා” නම් පහුරට හෙළ බසින් පච්චරිය යි කියනු ලැබේ. පහුරෙහි ද හිඳ කරන ලද බැවින් එය “මහාපච්චරිය අට්ඨකථා” හෙවත් “පච්චරිය” නමි කුරුන්දිවේළු නමින් විහාරයක් ඇත. (දැනට කුරුත්තන් , ඌර් වවුනියා දිස්ත්‍රික්කය) එ වෙහෙරෙහි හිඳ කළ බැවින් එය ඉමහාකුරුන්දි අට්ඨකථා” හෙවත් “කුරුන්දි” නම් මෙසේ තුන් ප්‍රකාර වූ “හෙළටුවා” කථා අතුරෙන් ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ කුරුන්දට්ඨකථායෙහි සිංහල භාෂාව පෙරළා මුල භාෂාව නම් වූ මාගධ භාෂාවට නගා “සමන්තපාසාදිකා” නම් විනය පිටක අට්ඨකථාව කළහ. ..... ඊට අනතුරුව සූත්‍ර පිටකයේ මහඅටුවාව කථා හෙළ බසින් පෙරළා සුමඞලවිලාසිනි නම් වූ දික්සගි අටුවාව ද එසේ ම පපඤ්චසුදනී නම් මැදුම්සගි අටුවා ද එසේ ම සාරත්ථප්පකසිනී නම් සංයුත්තසගි අටුවා ද එ සේම මනෝරථපුරණී නම් අඞගෝත්තරසගි අටුවා ද ලියූහ....(සද්ධම්මසඞගහ 7. පරි.28, සිංහල පොත .99 පිට)

බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද දික්සගි අටුවාව දීඝනිකායට අයත් ය. එහි සඳහන් පක්කපක්‍ද්හ සූත්‍රය තුළ ඇති තොරතුරු අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ සක් දෙවියන්ට සක්කපක්‍ද්හ සූත්‍රය දේශනා කර ඇත්තේ පාචීන රජතුමාට අයත් රාජගෘහය තුළ පිහිටි ඉන්දසාලගුහාවේදී ය. මෙම ස්ථානය පිහිටියේ කොතනද? බුද්ධඝෝස හිමියන්ගේ පාලි පොතට අනුව මෙම ස්ථානය වෙදිකෙ පබ්බතෙ ලෙස සඳහන් ය. ඒ මෙසේ ය. “එවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො තස්සුත්තරතො වෙදිකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං.........

මෙම පාලි පාඨ ලියවී ඇත්තේ මහානාම රජදවස එනම් ක්‍රි.ව. 410 – 432 දී ය. දැනට උගතුන් විසින් පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 600 – 300 අතර කාලය තුළ ය. සම්මත වී පිළිගනු ලබන පැරණි සෙල්ලිපි ලියවී ඇත්තේ ක්‍රි.පූ. 300 යයි. එදවස ලියවුනු සෙල්ලිපි හත අටක පචින රජතුමා සහ ඉන්දසාල ගුහාව පිහිටියේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ වැවේගම බඹරගල රාජමහා විහාරයේ බව පැරැණි ඉංගී‍්‍රසි වාර්තා වල සඳහන් ය. මෙහි විශේෂය වනුයේ ලංකාවේ විසූ පචින රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණයෙකුගේ දියණියක් වීමයි. එම පුවත සහ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳ මෙතෙක් සැඟව පැවති එම තොරතුරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. මෙම ලිපිය මාතෘකා තුනක් යටතේ සාකච්ඡා කෙරෙන්නේ එබැවිනි.

පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1970 දී ලියා ඇති INSCRIPTION OF CEYLON. VOLUME Iග්‍රන්ථයේ පිටු අංක 103 දී බුදුරදුන් වරක් වැඩ වාසය කළ ඉන්සාල ගුහාව පිළිබඳව කෙටි සටහනක් දමා ඇත. ඒ ඔස්සේ අපිට ඉන්දසාලගුහාව, පචිනරජතුමා, අම්බසණ්ඩගම ආදිය විමසීමට පුළුවන.

 Ida – sala, cd.st.cave (skt. Indra – sala, p.Inda – sala)name of a cave in which the Buddha once dwelt (See Introduction, p cxix), 457, 458, 817, 817 (4)Idasala – gu (ha) sagasa’ (The cave named ) Indasala – guha (is given ) to the Sangha  අංක 817 යන ලිපියෙන් අපිට ඉන්දසාල ගුහාව හමුවේ.

මෙම ඉන්දසාලගුහාව පිහිටියේ පාචීන රජතුමාගේ රාජගෘහය අයත් ස්ථානයේ බව අටුවාවේ සඳහන් ය. මෙහිම ඇති අංක 814 යන ලිපිය කරවා ඇත්තේ පචින පාචීන (පාචීන) රජතුමාගේ බිරියයි.

මෙයින් පාචීන රජතුමා ද මෙහි සිටි බවත්, රජතුමා සරණ පාවාගෙන ඇත්තේ බ්‍රාහ්මණ කොඣරගේ දියණියක් බවත් හෙළිවේ. 2 යටතේ අප විමසුමට ලක් කරන්නේ මෙයයි.

814 (1) pocani – ragha – Nagayaha – jhaya – Bamana – Kojhara – jhitaya upasika – Dataya – lene 814පොචනි –රඣ – නගයහ – ඣය – බමණ-කෙඣර – ඣිතය – උපශික – දතය- ලෙණෙ

මෙම ලිපියේ පළමු අකුර ගලේ ඇත්තේ

ප පයන්නයි.

වැරදීමකින් පො පොයන්න ලෙස සටහන් වී ඇති බව පෙනෙයි. අටුවාවේ සඳහන් වන අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණගම නූතන ඇඹුල්අඹේ ලෙස සිතිය හැක.

එහි ඇති සෙල්ලිපිවල පචිනරජතුමාගේ පුත්‍රයෝ සහ ලේලීවරුන් විසින් කරවූ සෙල්ලිපි හමුවේ.

මෙම සෙල්ලිපිද ලංකා ශිලාලේඛන සංග්‍රහයේ සඳහන් ය. වැඩි විස්තර සඳහා බලන්න. Archaeological Survey of Ceylon, Annual Report, 1911.12. p 121, No.123 , I C.831, 833, 834 එම සෙල්ලිපි මෙසේ ය.

831. පචින – රඣ – පුත – තිශයහ - ලෙණෙ – අගත – අනගත – චතුදිශ - ශගශ - දිනෙ 832 පචින – රඣ – පුත – තිශ -අයහ – බරිය – උපශික –රකිය- ලෙණෙ – අගත –අනගත – චතුදිශ - ශගශ

(සිංහල ශිලාලේඛන සංග්‍රහය නන්දසේන මුදියන්සේ. 142 පිට)

මේ අනුව බුදුරජාණන් වහන්සේ නූතන බඹරගලදී සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවත් ලක්දිව විසූ පචින රජතුමා බ්‍රාහ්මණයෙකුගේ දියණියක් සරණ පාවා ගත් බවත් හෙළිවේ.

බුදුන්දවස සක්විති රජවරු සිටිය යුගයකි. එදවස ලක්දිව සක්විති රජතුමා වූයේ ලංකා ඉතිහාසයේ සඳහන් නොවන මහරජු පණිත ය. එනම් පණිත මහරජතුමා ය. මෙතුමාගේ භාණ්ඩාගාරික වූයේ පරුමක සුමනයි. ඒ බව පැරණි සෙල්ලිපියක සඳහන් ය. එ මෙසේ ය.

මහරඣහ පණීත බඩකරික පරුමක ශුමනහ

ලජ්ජිතිස්ස රජතුමා පණිත යන නමින් වැවක් කරවා ඇත.

මෙය නූතන හඳපානාවිල්ලුවේ ඇති නටබුන් වූ වැවයි. දුවේගල පර්වත ලිපියෙහි එය සඳහන් වේ.  (I C . VOL.II.P.I. P23.NO. 15 ) “පණිතභොජනානි, ඒවරූපානි පණිතභොජනානි” යන පාලි පාඨ වල අර්ථය වනුයේ ප්‍රණීතයෙන් මුසුවූ සප්තධාන්‍යයන්ගෙන් නිපන් භෝජනය යි. (කඞඛාවිතරණී 157 පිට) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අංක 1035 සෙල්ලිපිය පරිවර්තනය කිරී මේ දී පණිත රජ තුමාගේ නාමය ඉවත් කර ඇති බව ඉංගී‍්‍රසි පෙළ කියවන විට හමුවේ. 1035 (1) Maharajhaha panita – badakarika - parumaka – sumanaha (The cavel ) of the chief sumana, officer in charge of the store – house of goods in deposit, of the great king. 1 It is possible that the name of the king was given ae the beginning of the record, but has now become illegible. for the office of panita – badagarika, see Introduction, p.xcii.පණිත මහරජතුමාගේ පියා පරුමක වියග යන ප්‍රධානියෙකි. වියග ගේ සෙල් ලිපි 18 ක් බෙරවාගම සන්තානාකන්දේ ඇත. ශුමණ, මහබිය යන දෙදෙනා පණිත මහරජතුමාගේ දුව සහ පුතා ය. (I.C.NO. 1103,1104) රුහුණේ දමරජ පරපුර ඇරඹෙන්නේ මෙම ශුමණගෙන්ය. බෝවත්තේගල (549) සහ කොටාදැවුහෙළ (556) සෙල්ලිපි වලින් හෙළි වන්නේ එම රාජ පරපුරයි. ශුමණ දමරඣ මහතිශ අය අබ්ශවෙර ගාමිණී අබය ; ලජ්ජිතිස්ස රජතුමාගේ මහප්පා (පියාගේ සොහොයුරු) වූ ගමිණි අබය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරදුන් සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශට්ඨ කථාවේ සඳහන් වී තිබිනැයි නිග්‍රෝධ පිට්ඨිවාසි මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටිකාවක් ලියූ ටිකා කරු පවසා තිබේ. අද අපිට මෙම අටුවාව දැකීමට නොමැත.

පිත මහරඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣතිශහ රඣියශිනියතෙ අගත අනගත බගවත සගස

චෙම රජතුමාට අයත් මෙම ලෙන බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළමහා සංඝයා ට පූජා කර ඇත්තේ රඣතිශහ – (කාවන්තිස්ස) මහරජතුමා සහ එම දේවියි. අබිශවෙර ශවෙර වෙහෙර විහාරමහා දේවිය යි. විහාරමාහාදේවිය මතු උපදින මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මම වන බව මහාවංශයේ සඳහන් වේ. “රඤ්ඤෝ පිතා පිතා තස්ස මාතා මාතා භවිස්සති” (32 පරිච්ඡෙදය 82 ගාථාව පළවන පෙළ)

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]