[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය

තුන් ලොවක් දිනූ අසහාය ධර්ම රාජයාණන් වහන්සේ, අපගේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාරනවා, “ඒක පුග්ගලො භික්ඛවේ ලෝකේ උප්පජ්ජ මානො උප්පජ්ජති අච්චරිය මනුස්සෝ....” මහණෙනි, මේ ලෝකයට කලාතුරකින් පහළ වන උතුමන් වහන්සේ නමක් ඉන්නවා. ඒ උතුමන් වහන්සේ ආශ්චර්ය මනුස්ස රත්නයක්. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය දුර්ලභවයි පහළවෙන්නේ. කප් සුවහස් ගණනක් ඇවෑමෙන්. කවුද ඒ ආශ්චර්යවත් උතුමන් වහන්සේ, තථාගත වූ, දසබලධාරි වූ, අරහං ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගැන කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ කෙනකු ම හැර මේ ලෝකේ සුදුසු කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ‘තථාගතයන් වහන්සේ අසිරිමත් මනුෂ්‍ය රත්නයක්. කලාතුරකින් මිනිස් ලොව පහළවන” ඇයි ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නය කලාතුරකින් පහළ වන්නේ. ඇයි අසිරිමත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් චරිතාපදානය දන්නෝ ඒ ප්‍රශ්නයට පිළිතුර මනාව දන්නවා. සිතනවා නම් සිත නිවෙන එකම දේ බුදුගුණය පමණයි. ඇසුවොත් හදවත නිවෙන එකම දේ බුදුගුණය පමණයි. මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න සිත පහන්වන අමාව බුදුගුණය පමණයි. බුදුරජාණන් වහන්සේ ඒ සා අනන්ත ගුණ මිහිරකින් යුක්තවයි ලොව සුවපත් කරන්නට ඉතිහාසයේ දවසක ලෝකයට පහළ වුණේ. පින්වතුනි, අපිත් මනුස්ස ලෝකයේ ඉපදුණා. ඒ භාග්‍යවතුන් වහන්සේත් මනුස්ස ලෝකයේ ඉපදුණා. ඒත් ඔබ, මා සාමාන්‍ය මනුෂ්‍යයෝ. ඔබගෙයි, මගෙයි ජීවිතයට ආශ්චර්ය ජීවිතයක් කියන්නේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යවත් ජීවිතයක්. ආශ්චර්යවත් සම්බුදු සිරිත ම ආශ්චර්යවත්. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් මතු නොවෙයි. විසි අසංඛ්‍යය කල්ප ලක්ෂයකට ඈත සසරෙහි එන ගමනේ නෞකාව මහ මුහුදේ දී සුනුවිසුණු වී ගිය වෙලාවේ තම මවුතුමියට ජීවිතය පූජා කරලා, තෙරක් ඉමක් නොපෙනෙන අපාර මහා සාගරයේ මවුතුමිය කරපිට තබාගෙන, යන දිශානතියක් නොදැන, එහෙත් වීරිය බලයෙන් සත් දවසක් නිරාහාර ව, පැන් පොදක් නොලබා මහ සයුර තරණය කරන්නට කාටද පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් වුණේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ම අච්චරිය මනුස්සෝ කියනවා.


බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]