[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

  මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි

 

මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි ආදර්ශවත් දින චරියාව

අප ගුරුදේවෝත්තම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාට ම පරමාදර්ශී චරිතයකි. පැවිදි වූ දා පටන් වසර ගණනාවක් මහ නාසමිඳුන්ට උපස්ථාන කරන්නට තරම් භාග්‍යවන්ත වූ මා, නාහිමියන් අපවත් වන තෙක් ම සමීප ඇසුරේ ගුරුහරුකම් ලබා ගනිමින් ගත කළ කාලය රටට, ජාතියට සම්බුදු සසුනට යම් මෙහෙවරක් කරන්නට තරම් ශක්තිමත් භික්ෂුවක් ලෙස සමාජගත වීමට හැකි වීම ගැන නිහතමානී ව සතුටු වෙමි. දිනපතා අලුයම 4.30 ට අවදි වන මහා නා හිමියන් වහන්සේ පාන්දර 5.00 ට පෙර දත් මැද මුහුණ සෝදා නා පිරිසුදු වීම සාමාන්‍ය සිරිත ය. කාමරයේ ජනේලය විවර කොට විනාඩි කිහිපයක් පිරිසුදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් අනතුරුව හරියට ම පාන්දර 5.00 ට පුටුවට වැඩම කරයි. ගිලන්පස ලෙස කිරි තේ කෝප්පයක් පිළිගනී. අනතුරුව සකසා ගත් මල් වට්ටිය මහා නාසමිඳුන්ට අත ගස්වා කාමරයේ ධාතූන් වහන්සේ සහිත කරඬුව හා බුදු පිළිමය ඉදිරිපස තැන්පත් කොට හඳුන්කූරක් සහ පහනක් දල්වා කාමරයෙන් පිටතට ඒම උපස්ථායකයාගේ වගකීම වේ. ගිලන්පස වැළ¼දීමෙන් අනතුරුව බුද්ධ වන්දනාව කාමරයේ සිට කරන මහා නාහිමියෝ 5.20 ට පමණ කාමරයෙන් එළියට වැඩම කොට අඩි 200ක් පමණ වූ කොරිඩෝවෙහි සක්මන් කිරීම ආරම්භ කරයි. ධර්මායතනයෙහි දෛනික ව සිදුකෙරෙන බුද්ධ වන්දනාව හා වත පිරිත අවසන් වන තෙක් සක්මන් භාවනාවේ යෙදේ. බුද්ධ වන්දනාවෙන් පසු ආචාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේත් මහ නාසමිඳුන්ට වන්දනා කිරීමට කාමරයට යෑම සිරිත ය. එහි දී දිනපතා ම ගුරුවරුන්ට වෙනමත්, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට වෙනමත්, අවවාද කිරීම සාමාන්‍ය සිරිත ය. සෑම සතියක ම සඳුදා දින පාන්දර සාමණේර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දසසීලයෙහි පිහිටවනු ලබන්නේ මහ නාසමිඳුන් විසිනි. ඉන් අනතුරුව ලියන මේසය වෙත වැඩම කරවන නා හිමියන් වහන්සේ ලේඛන කටයුතුවල නිරත වේ. එදිනට නියමිත යැවිය යුතු ලියුම් සැකසීම සිදු කරයි. පෙරවරු 07.00 වන විට උදේ දානය සඳහා පහළ කාමරයට වැඩම කරවයි. බිම වාඩිවීමට හැකිතාක් කල් දාන ශාලාවට වැඩම කරවීම මහ නාසමිඳුන්ගේ සිරිත ය. කාමරයේ දානය වැළඳීමට සිදුවූයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ය. පෙරවරු 7.30 වන විට පහළ කාමරයේ ඉදිරිපස පුටුවට හෝ මේසයේ පුටුව වෙත වැඩම කරවන්නේ උදේ දානය ගෙන එන දායක පිරිස හමුවීමට ය.


බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]