[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

කම්මාස්සදම්ම වැසියන් අපට දුන් ආදර්ශය

කීප දෙනෙකු එකතු වූ තැනක දී බොහෝ දෙනා කතා කරන්නේ වැඩකට නැති දේවල ය. එලොවටත්, මෙලොවටත් වැඩක් නැති දේ කතා කරමින් වටිනා කාලය මරා දමති. බොහෝ විට එම කතා නිසා රැස්කර ගන්නේ අකුසල් ය. කතා කරන්නේ කුමක්දැයි කියා ඒ තුළ සිහිය නොපවත්වන නිසා මෙම තත්ත්වය උදාවී ඇත. ඒ නිසා තමන්ටත්, අනුන්ටත් ඉන් සිදු වන්නේ අවැඩක් ය. බෞද්ධ ශ්‍රාවකයින් වශයෙන් දෙතිස් කතාවලින් තොරව සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගෙන කතා කරන්නේ නම් අපට දෙලොව ම ජය ගැනීමට හැකි බව බුදුදහම පෙන්වා දෙයි. සතර සතිපට්ඨානය බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ කුරු රට කම්මාස්සදම්ම නම් ප්‍රදේශයේ ජීවත් වූ වැසියන්ට ය. එම වැසියන් කායික වශයෙන් ද, මානසික වශයෙන්ද ඉතා දියුණු තත්ත්වයක සිටිය බව සූත්‍ර දේශනාව තුළ සඳහන් වේ. ඔවුන් යන එන තැන, රැස්වෙන තැන, හමුවන තැන, කතා කළේ සතර සතිපට්ඨාන භාවනාව ගැන ය. දැසි දස්සන් කම්කරු ප්‍රජාව පමණක් නොව ජලය රැගෙන යාමට පැමිණි තරුණියන් පවා කතා කළේ සතර සතිපට්ඨාන භාවනාව ගැන ය. ඔවුන්ට දෙතිස් කතා තිබී නැත. ඉරියව් හතරම සිහිය පවත්වා ගෙන එදිනෙදා ජීවිතය සතුටින් ගෙවා දමා ඇත. ඒ නිසා ඔවුන්ගේ ආධ්‍යාත්මික දැනුම සහ දැක්ම ඉතා ඉහළ මට්ටමක තිබෙන්නට ඇත.

නිවන් දකින මඟ නිවැරැදි ව හඳුනාගන්න

බුදුවරු, අරහත්තු, බෝසත්තු පහළ වෙති. එහි අරුමයක් නැත. අධිසීල,අධිචිත්ත, අධිප්‍රඥා, අධිසමාධි ලද පුද්ගලයා මෙතැනට පත් වෙයි. විටෙක විකෘති චිත්ත පදනම් කොට ගෙන තමා බෝසතෙකැයි සිතන්නෝ හා කියන්නෝ වෙති. ඒ මානසික රෝගයකි. විටෙක කපටි තක්කඩි වෙති. ඔවුහු ඉපයීම් මාර්ගයක් වශයෙන් මිනිසුන් රැවටීමට තමන් අවබෝධය ඇත්තෙකැයි කියති. මේ බුදුවරු, අරහත්තු, බෝසත්වරු දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ මේ සම්බුදු සසුන සුරැකි සඟරුවනට ගරහති. සාසන ව්‍යාප්තියට හේතු වූ බෞද්ධ ඇදහිලි හා විශ්වාසයට ගරහති. බෞද්ධයා අතර කණ්ඩායම් කඩති. මෙසේ කරද්දී ඔවුන්ගේ ගිණුම තර වෙති. මේ බුදුවරුන්, මේ අරහතුන්, මේ බෝසතුන් කවරෙකුගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන කොන්ත්‍රාත් කරුවෝ වෙති. කොන්ත්‍රාත්තුව බාර ගත් බාස් උන්නැහේලා හමු වුණත් කොන්ත්‍රාත් කරු කවුරු ද යන්න තාම හසු වී නැත. කෙසේ නමුත් උම්මතකයින්, තක්කඩියන් යැයි මේ සිද්ධි බැහැර කළ යුතු නැත. බුදු සසුන විනාශ කරනවෝ යැයි කළබල විය යුතු ද නැත. බෝසත් වැටෙන්නේ හීනයානෙට ද, මහා යානෙට ද යැයි අනවශ්‍ය වාද විවාදවලට පැටලී එකිනෙකාට මඩ ගසා ගත යුතු ද නැත. සබුද්ධික ව සිංහාවලෝකනයෙන් යුතුව සියල්ල මැනවින් හඳුනාගෙන සම්බුද්ධ දේශනය හා සම්බුද්ධ සාසනය සුරැකීම වර්තමාන වර්තමාන ගිහි පැවිදි උතුමන්ගේ වගකීම වෙයි.

දහම් සුවයෙන් අරුත් ගැන්වෙන අපේ ජීවිත

සැබෑ බෞද්ධයා තුළ ඇත්තේ විශ්ව ව්‍යාප්ත වූ මෛත්‍රියකි. ඔහු මේ විශ්වයේ පමණක් නොව භවාග්‍රය දක්වාම වූ සෑම ජීවියෙක් ම තම මිතුරකු ලෙස සලකයි. ක්‍රෝධ කිරීම, ගුණමකුකම, කළගුණ නොදන්නාකම, චපල ගති ලෙස නිරතුරුව ම සලකයි. තම වාසියට හෝ බොරු නොකරයි. මවුපිය වැඩිහිටි ගුරුවරුන්ට නොසැලකීම ද වසල බවක් ලෙස සලකා සැබෑ බෞද්ධයා කටයුතු කරයි. පෞද්ගලික ලාබ අපේක්ෂා ප්‍රාර්ථනා ඉටු නොවන විට ධර්මයට නිගරු නොකරයි. තෙරුවන් ගැන අපමණ ශ්‍රද්ධාවක්, ගෞරවයක්, විශ්වාසයක් සැබෑ බෞද්ධයා සතු වේ. ඔහු තෙරුවන් වෙතට එළැඹෙන්නේ අපමණ ශ්‍රද්ධාවෙන් ය. එළඹි සැදැහැ බැවින් සම්‍යක් දෘෂ්ටිය මතුවන ලෙස තෙරුවන් ඇසුරු කරයි. (උපසංකමිත්වා පයිරුපාසති) තෙරුවන් ඇසුරු කරමින් දහමට අනුගත ව කන යොමු කර ධර්මය අසයි. ඇසූ පිරූ දහම් හි අරුත් නැවත නැවත පරික්ෂා කර බලයි. (ධාතානං ධම්මානං අතථං උපපරික්ඛති) දහම නිවැරැදි ව වටහා ගෙන ඒ අනුව එම දහම් මඟ පිළිපැදීමට යොමු වේ.( අත්ථං උපපරික්ඛිත්වා (ධම්මං නිජ්ඣානක්ඛමති) ධර්මය පිළිපැදීමට කැමැත්ත ඇති වු විට ඒ සඳහා දිවා රෑ නොබලා ඒ ධර්මය පිළිපැදීමට කැමැත්ත උපදවා ගනී. ධම්මං නිජ්ඣානාති ඛන්තියා සති ඡන්දෝ ජායති) උපදවා ගත් කැමැත්ත ඇති විට ඒ සඳහා බලවත් වීර්යයක් උපදවා ගනී. (ඡන්ද ජාතො උස්සහති) උත්සාහයෙන් ධර්මය පිළිපැ දී.

සැනසුම් සුවයට නිරවුල් පවුලක්

පවුලක් යනු මනුෂ්‍ය වර්ගයාගේ නිරවුල් පැවැත්ම උදෙසා තනාගත් ආකෘතියකි. සාමූහිකත්වයේ ඒකකයකි. තාවකාලික හෝ දීර්ඝ කාලීන හෝ වශයෙන් මවුපිය, දූ දරු පිරිස් අතර සමූහගත වීමක් පවුල යන පදයෙන් අදහස් කරනු ලැබේ. මිනිස් වර්ගයා මෙන් ම විරුද්ධ ලිංගික පක්ෂීන් ද, ජෝඩුවීමෙන් පසු කැදලි තැනීමේදීත්, බිජු රැකීමේදීත්, පැටවුන් පෝෂණය කිරීමේදීත්, කුරුලු දෙමාපියෝ සහයෝගයෙන් ක්‍රියා කරති. ක්ෂීරපායි ගණයට අයත් සතුන් අතර ද මෙම ලක්ෂණ ප්‍රකට කෙරෙයි. නිදසුන් ලෙස චිම්පන්සීන් පෙන්වා දිය හැකි ය. ඔවුන්ගේ ගැහැනු සතා හා පැටවුන් ගස උඩ නිදන අතරතුර පිරිමි සතා ගස මුල සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සලසන බව කියනු ලැබේ. ස්වකීය ආරක්ෂාව තහවුරු කරනු සඳහා මෙන් ම පහසුවෙන් ජීවත්වීම සඳහා මිනිසා ද, අනෙක් සත්ත්ව ප්‍රජාව ද විවිධ සමූහ ගතවීම්, රංචු ගැසීම් කරනු ලබන බව සමාජ විද්‍යාඥයින් විසින් අනාවරණය කරනු ලැබේ. සමූහගත වීමේ සංවර්ධනීය සංවර්ධිත අවස්ථාවක් ලෙස මිනිසාගේ පවුල නමැති ඒකකය හඳුනාගත හැකි ය. සමස්ත සත්ත්ව ප්‍රජාවගෙන් මිනිසා වෙන් කොට හඳුනා ගත හැකි ප්‍රකට ලක්ෂණ කිහිපයක් ඇත. එනම් ඔහු සතු බුද්ධිමත් බව, තාර්කිකත්වය, ඔහුට ම සුවිශේෂි වූ නිර්මාණාත්මක ක්‍රියාවලිය ඒ අතර ප්‍රධාන ය. මිනිසා අන්‍ය සත්ත්වයින්ට සාපේක්ෂ ව සභ්‍යත්වය, ශිෂ්ටාචාරය පවත්වන්නේ එම සුවිශේෂී ගුණාංගය පදනම් කර ගනිමිනි. මිනිසාගේ පැවැත්ම අර්බුද රහිත කරගෙන යාමේ අපේක්ෂාවෙන් ඔහු විවිධ නිර්මාණ සිදු කළේ ය. ඒ අතර සමාජ ආයතන ප්‍රධාන තැනක් ගනියි. ඒවායින් පවුල ද සමාජ ආයතනයකි. Institution ලෙස එය අර්ථකථනය කළ හැකි ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]