සම්බුදු සසුනේ නියත රැකවරණය ලැබීමට නම් ...
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය උපතින්
සිල්වත්, ගුණවත්, නැණවත් පිරිස පමණක් සොයා වදාළ දහමක් නොවෙයි.
උන්වහන්සේගේ මහා කරුණාව දාමරිකයෙක් වූ අංගුලිමාලටත්, විමලා, සුගලා, අම්බපාලි වැනි
නගර ශෝභනියන්ටත්, සච්චක වැනි වාදයට දක්ෂ වූවන්ට, විශාඛාව සමඟ දෙව්රමට ආ මත්වතුරෙන්
වියරු වැටුණු කතුන්ටත්, ක්‍රෝධයෙන්, ගිනිගත් භාරද්වාජ වැන්නන්ටත්, විවාහ යෝජනා
රැගෙන ආ මාගන්දියටත්, මිත්‍යා දෘෂ්ටියෙන් හිස පුම්බා ගෙන සිටි පරිබ්‍රාජකයන්ටත්,
පනස් වසරක් පුරා අසූචි අනුභව කළ ජම්බුක ආදීන්ටත් මහා කරුණාවෙන් පිහිට වූ සේක.
ඔවුන්ට යා යුතු මඟ වැරැදී තිබුණ ද, භාග්‍යවතුන් වහන්සේ මුණගැසුන නිසා නිවැරැදි මඟට
යොමු වීමට ඔවුන්ට වාසනාව ලැබුණා.
කුපිත වූ ආලවක යක්ෂයා දමනය වූ හැටි ඔබ දන්නවා. දමනය වූ යක්ෂයා බුදුරජාණන්
වහන්සේගෙන් අසා සිටියා.
“කථංසු පරිසුජ්ඣති” කෙලෙසින් ද කෙනෙක් පිරිසුදු වන්නේ කියා.”
අපේ සිත් නිතරම රාගය නිසාත්, ද්වේෂය නිසාත්, මෝහය නිසාත් අපිරිසුදු වෙනවා. මේ සිතේ
සිතිවිලි නිතර ම කිළිටි යි. කෙළවරක් නැති කෙලෙස්වලින් මේ සිත ජරා වී, අපවිත්‍ර වී
තිබෙන්නේ. බොහෝ සිත් අකුසලයටමයි බර. එවැනි පවට බර සිත් පිරිසුදු කර ගන්නේ කොහොම ද?
කියායි ආලවක යක්ෂයා අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා වදාළේ. භාග්‍යවතුන් වහන්සේ
වදාළා “පඤ්ඤාය පරිසුජ්ඣති” “ප්‍රඥාවෙන්මයි කෙනෙක් පිරිසුදු වන්නේ” කියා.
ප්‍රඥාව කියන්නේ නුවණින් යුතුව නිවැරැදි ව කල්පනා කිරීමට ඇති හැකියාව යි. හරියට
නුවණින් කල්පනා කර අපි වචන කතා කරනවා නම්, කයින් ක්‍රියා කරනවා නම්, මනසින් සිතනවා
නම් අප අතින් සිදුවන බොහෝ අකුසල් ක්‍රියා සිදුවෙන්නේ නැහැ.
අපි දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ ඉතාමත් කලාතුරකින්.
භාග්‍යවතුන් වහන්සේ නමකගේ පහළවීම, දින, සති, මාස, අවුරුදුවලින් කියන්නට පුළුවන්කමක්
නැහැ. උන්වහන්සේගේ පහළවීම කල්පවලින් පමණයි ගණන් කළ හැකි වන්නේ. භාග්‍යවතුන් වහන්සේ
කල්පය හඳුන්වන්නට උපමාවක් වදාළා.
“පින්වත් මහණෙනි සැතපුම් හතක් උස, සැතපුම් හතක් පළල, විශාල පෙට්ටියක් අබ ඇටවලින්
පුරවා තිබෙනවා. එක් පුරුෂයෙක් අවුරුදු සියයට වරක් පැමිණ ඒ පෙට්ටියෙන් එක අබ ඇටයක්
ඉවත් කරනවා. එසේ ඉවත් කරන අබ ඇටවලින් යම් දවසක ඒ විශාල පෙට්ටිය හිස් වෙනවාද?
පින්වත් මහණෙනි, ඊටත් වඩා කල්පය දුර බව වදාළා. අපට ඒ කාලය පිළිබඳ සිතා ගන්නටවත්
බැහැ. අපගේ මේ සසර ගමනත් ඒ වගේ ඉතා දීර්ඝ එකක්.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ එවැනි සසරක ගමන් කරන අපට පිහිටක්,
පිළිසරණක් ලබා දීමට යි. ලෝකයට පසුතැවිල්ලක් ලබා දීමට නොවේ.
තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරද්දී අපගේ සිතේ තිබෙන පසුතැවීම, දුක, දෝමනස්සය පහව
යනවා. සතුටක්, සැපයක්, පී‍්‍රතියක් ඉතිරි වෙනවා.
“අනේ අපට මෙවැනි ශෘස්තෘන් වහන්සේ නමක් සරණ යන්න ලැබුණානේ” කියා සිතීම පවා ධර්මයට
අයිති දෙයක්. උතුම් රහතන් වහන්සේගේ ගුණ අසා පැහැදී අද වැඩසිටින මහා සංඝරත්නය උදෙසා
දන් හැන්දක් බෙදා පූජා කළත් ශ්‍රාවක අපට ලැබෙන ලාභය සුළුපටු නොවේ. ඒ වගේම ඒ රහතන්
වහන්සේගේ ගුණ අසා අනේ අපටත් ඒ රහතන් වහන්සේගේ ගුණ අහන්න ලැබුණා කියා සතුටු වෙන්න
පුලුවන් නම් ඒ ධර්මය යි. තුනුරුවන් සරණ කොටගෙන, පිහිට කොටගෙන සිටින පුද්ගලයා ධර්මය
උරුම කර ගන්නවා. පසුතැවිල්ල නැති කර ගන්නවා.
පසුතැවීමෙන් සිටින පුද්ගලයා මරණින් මතු දුගතියේ ඉපදෙනවා. එයිනුත් බොහෝ දෙනා නාග
ලෝකයේ ඉපදෙන බව සඳහන් කර තිබෙනවා. ශෝකයත්, දුක් මැසිවිල්ලත්, කෝපයත්, නො සන්සිඳෙන
රාගයත්, නාගයන්ගේ ජීවිත වෙලාගෙනයි තිබෙන්නේ. පින තිබෙන උතුමෝ ද පසුතැවීම හා සිත
ශක්තිමත් නොවීම නිසා නා ලොව ඉපිද සිටින බව ඒරකපත්ත නාගයාගේ කතාවෙන් අපට කියා දෙනවා.
අවුරුදු 20,000 සිල් රැකපු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගසක අත්තක් අල්ලද්දී එහි
කොළයක් කැඩුණ නිසා බලවත් ශෝකයෙන් සහ පීඩාවෙන් කාලය ගත කළා. මරණින් මතු ඒරකපත්ත
නමින් නා ලොව උපන්නා. මේ ලෝකයෛ් යම් සත්පුරුෂයෙක් මනාව අවවාද කරනවා නම් ශෝක
නොකරන්න, පසුතැවිලි නොවන්න, වරදින් නැඟී සිටින්න කියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක
අප පිළිගත යුත්තේ එයයි.
මේ සියලු කටයුතු කිරීමට අපට අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා කුසල
ධර්මයන් වැඩීමට සිතක් ඉපදවීම පවා තමාගේ ජීවිතයට බොහෝ උපකාර වන බව. කයින්, වචනයෙන්
කුසල් කිරීමේ යහපත ගැන කවර කතා ද?
එනිසා අප අතින් නිතර නිතර වේවා, හිඳහිට වේවා අකුසලයක් වෙනවා නම් මම මේ වරද මින්
ඉදිරියට කරන්නේ නෑ කියලා අධිෂ්ඨානයක් කර ගන්න. ඒ වරදින් නැඟී සිටින්න උත්සාහ කරන්න.
එවිට සිතට සතුටත්, පී‍්‍රතියත් සැනසුමත් උදාවෙනවා.
එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ වරදක් වන පුද්ගලයාට හැම පවින් වැළකී කෙලෙස් සෝදා
හරින්නටයි ඒ ඒ වරදින් අත මිදීමේ සිල්පදය තිබෙන්නේ. අප අතින් සිදු වන හැම වරදකින් ම
නිවැරැදි වී වැරැදි අඩුපාඩු හදා ගන්නයි ධර්මය තිබෙන්නේ. අරි අටඟි මඟ සම්පූර්ණ කර
ගන්නටයි ධර්මය තිබෙන්නේ. මේ සියලු කරුණු තේරුම් ගෙන කටයුතු කිරීම බුදුරජාණන්
වහනසේගේ ශ්‍රවාකයා සතු ලක්ෂණයක්. එසේ කටයුතු කරන ශ්‍රාවකයාට පමණයි ප්‍රඥාව
ලැබෙන්නේ.
එනිසා අපත් හැම වරදින් වෙන්වී, අකුසලයෙන් බැහැර මේ ගෞතම බුදු සසුනේ නියත රැකවරණය
සලසා ගැනීමට උත්සුක වෙමු.
- නයනා නිල්මිණී |