ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 04 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
I කොටස
(1)
(අ) ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි නොවී තම ස්වාධීන මතය ඉදිරිපත් කළ යතිවරයා කවරේද?
(ආ) ප්‍රථම ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වූ රජතුමා කවුරුද?
(2)
(අ) ථෙරවාදීන් විසින් භාරතයේ පැවැත්වූ සංගායනා ගණන කීයද?
(ආ) ඛුද්දානු ඛුද්දක ප්‍රශ්නය පැන නැඟුණේ කවර සංගායනාවේ දී ද?
(3)
(අ) ආහාර පිළිබඳ ගැටලුව විනයට ඇතුළත් කොට නැවත ධර්ම සංගීතිය පැවැත්වීමට එකඟ වූ
යතිවරයා කවුද?
(ආ) මේ බව සඳහන් වන වාර්තා අයත් වන්නේ කවර නිකාය දෙකට ද?
(4)
(අ) ථෙරවාදයට පටහැනිව මහාදේව තෙරුන් ඉදිරිපත් කළ සංකල්පය කුමක්ද?
(ආ) මහාදේව තෙරුන් ඉදිරිපත් කළ සංකල්පයෙහි ඇතුළත් කරුණු දෙකක් දක්වන්න.
(5)
(අ) බුද්ධ ශාසනයේ ප්‍රථම නිකාය භේදය ඇති වූයේ කවර රාජවංශ සමයේ දී ද?
(ආ) මෙසේ ඇති වී ගිය නිකායේ නම කුමක්ද?
(6)
(අ) වාත්සීපුත්‍ර හිමියන් ඉදිරිපත් කළ නව මතය දක්වන්න.
(ආ) වාත්සීපුත්‍ර හිමියන්ගේ නව මතය ප්‍රතික්ෂේප කරමින් රචිත කෘතිය කුමක්ද?
(7)
(අ) අශෝක රජු උපත ලැබුයේ කවර භක්තිකයකු ලෙස ද?
(ආ) බුදු දහම වැලඳ ගැනීමට ඔහුට උපකාර කළ යතිවරු දෙදෙනා කවුරුන්ද?
(8)
(අ) සිව්වන ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වූ රජතුමා කවුරුද?
(ආ) විභාෂා ශාස්ත්‍රය ශාස්තී‍්‍රය ලේඛන ලෙස සැකසීමට පත් කළ කීර්තිධර බෞද්ධ ලේඛකයාගේ
නම කුමක්ද?
(9)
(අ) ‘දශ භූමි’ යනු කවරේ ද දැයි හඳුන්වන්න.
(ආ) දශ භූමි අතුරින් කරුණු දෙකක් නම් කරන්න.
(10)
(අ) ඉන්දියාවේ මදුරාසියට ආසන්න බරතිත්ථ විහාරයෙහි සිට ශ්‍රී ලංකාවට පැමිණි
ආචාර්යවරයාගේ නම කුමක්ද?
(ආ) උන්වහන්සේ අටුවා සැපයූ ග්‍රන්ථ අතුරින් දෙකක් දක්වන්න.
II කොටස
1
(1) අශෝක අධිරාජයාගේ ධර්ම විජය ප්‍රතිපත්තිය කෙටියෙන් පැහැදිලි කරන්න?
(2) අශෝක රජතුමා ආගමික සහනශීලතා ප්‍රතිපත්තියෙහි යෙදුණු ආකාරය පැහැදිලි කරන්න?
(3) ධර්ම ප්‍රචාරය සඳහා අශෝක රජතුමා ධර්ම දූතයින් යැවූ ප්‍රදේශ අතුරින්
තුනක් නම් කර, එම එක් එක් ප්‍රදේශවලට යැවූ ධර්ම දූතයින් හඳුන්වන්න.?
2
(1) බෝධිසත්ත්ව සංකල්පය හඳුන්වා, එය මහායාන බුදුසමයෙහි වර්ධනයට හේතු වූ ආකාරය
විස්තර කරන්න?
(2) මහායානයෙහි ඇතුළත් ධ්‍යානී බෝසත්වරුන් පිළිබඳ විස්තර කරන්න?
(3) ශ්‍රී ලාංකේය නරපතියන් දෙදෙනකු තෝරාගෙන ඔවුන්ගේ රාජ්‍ය සමයන්හි මහායානය බලපෑ
ආකාරය පැහැදිලි කරන්න?
3
(1) භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි ආරම්භය සිදුවූ ආකරය පිළිබඳ විස්තර කරන්න?
(2) නාලන්දා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පිරිස පිළිබඳ වර්ගීකරණය
කරන්න?
(3) නාලන්දා විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමට පැවැති ප්‍රවේශ
පරීක්ෂණයේ ස්වභාවය හා එහි තරගකාරිත්වය පිළිබඳ පැහැදිලි කරන්න?
4
(1) ථේරවාද ආචාර්යවරයකු වූ බුද්ධදත්ත හිමියන් විසින් රචිත අටුවා හා සංග්‍රහ ග්‍රන්ථ
තුන පිළිබඳ විස්තර කරන්න.
(2) සුමංගල විලාසීනි, පපංචසුදනී හා මනොරථපූරණී යන අටුවා ග්‍රන්ථවල කතුවරයා හා ඒවාට
පාදක පෙළපොත් හඳුන්වන්න.
(3) විනය පිටකය උදෙසා අටුවා ටීකා හා සංග්‍රහ ග්‍රන්ථ ලියූ ආචාර්යවරුන් හා ඔවුන්ගේ
කෘති පිළිබඳ සමාලෝචනයක් කරන්න.
5
(1) ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය ලැබූ බුරුම ජාතික ජප්පට හිමියන්ගෙන් එරට බුදුදහමෙහි
ව්‍යාප්තිය උදෙසා ඉටු වූ සේවය ඇගැයීමට ලක් කරන්න.
(2) ක්‍රි.ව. 1339 දී ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේ නිසා තායිලන්තයේ ඇති
වූ ශාසනික පුනරුදය පිළිබඳ විස්තර කරන්න.
(3) මහායාන බුදුසමය පැතිර පවත්නා රටවල් දෙකක් නම් කොට, ඒවායේ මහායාන බුදුසමය ආරම්භ
වූ ආකාරය පැහැදිලි කරන්න.
6
(1) පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය දියුණුව පැවති ආකාරය
සාධක මඟින් පැහැදිලි කරන්න.
(2) බුදුසමය හා රජ්‍ය අතර සම්බන්ධය
මුළු ලක් ඉතිහාසය පුරාම පැතිර පවතින ආකාරය නිදසුන් මඟින් තහවුරු කරන්න.
(3) වෛතුල්‍යවාදය හඳුන්වා එය ශ්‍රී ලංකාවට ගෙන ඒම හා එම වාදය ක්‍රමයෙන් ප්‍රතික්ෂේප
වීම පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ලියන්න.
7.
(1) බුදු පිළිම නිර්මාණය ආරම්භ වීමට පෙර ඒ වෙනුවට වන්දනා කිරීමට යොදාගත් සංකේත
පිළිබඳ විස්තර කරන්න.
(2) තිවංක පිළිම හඳුන්වා ශ්‍රී ලංකාවේ එබඳු පිළිම පිහිටි ස්ථාන පිළිබඳ විස්තර
කරන්න.
(3) ප්‍රතිමාඝර යනු කවෙර් දැයි විස්තර කරන්න.
බහු ජාතික හා බහු ආගමික සමාජයක් තුළ ජාතික හා ආගමික සහනශීලිතාව වැදගත් වේ. අශෝක
රජතුමා සෙල්ලිපි මඟින් මේ පණිවුඩය භාරතය පුරා ව්‍යාප්ත කළේ ය. (ගිරි ලිපි 7,12,
ටැම් ලිපි 6,ආදි ලේඛනවල මේ තොරතුරු දැක්වේ) (පිටු අංක 27- 29)
(3) ධර්ම දූතයන් යැවූ ප්‍රදේශ හැඳින්වෙන්නේ නව රට නාමයෙනි. ඒවා මෙසේ ය.
රට ප්‍රධානත්වය
කාශ්මීර – ගන්ධාර මජ්ඣන්තික තෙරණුවෝ
මහිස මණ්ඩල මහාදේව තෙරණුවෝ
වනවාස දේශය රක්ඛිත තෙරණුවෝ
අපරන්ත දේශය යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ
මහාරට්ඨ මහාධම්මරක්ඛිත තෙරණුවෝ
යෝනක මහාරක්ඛිත තෙරණුවෝ
සුවණ්ණභූමිය සෝණ උත්තර තෙරවරු
හමවන්න ප්‍රදේශය මජ්ක්‍ධිම තෙරණුවෝ
තම්බපණ්ණී මහාමහින්ද තෙරණුවෝ
2.
(1) අප හැම දෙනාම බෝධි සත්ත්වයන් වන බවත්, බුද්ධයානය මඟින් නිර්වාණාවබෝධය කොට ගත
හැකි බවත් මෙහි ඉගැන්වේ. මේ පිරිස් මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සමන්විත වේ.
සත්වයන් සසර දුකින් ගොඩනැංවීම පිණිස පවත්නා අධිෂ්ඨාන ශක්තිය ඇත. එසේම බෝධිචිත්තයෙන්
යුක්ත විය යුතු ය. බුදු බව සඳහා ඇති ප්‍රථම මාර්ගය වන්නේ මෙයයි.
බෝධිසත්ව වන්දනාවට මහායාන බුදු සමයේ විශේෂ ස්ථානයක් හිමිවේ. මේ අනුව මහායාන
බුදුසමයෙහි බෝධිසත්ත්ව සංකල්පයට විශේෂ ස්ථානයක් හිමි විය. ථෙරවාද සංකල්පය අනුව
ප්‍රධාන තැනක් හිමි වන්නේ තමාගේ විමුක්තිය සලසා ගැනීමටයි. ථෙරවාද බෞද්ධයෝ විමුක්තිය
සඳහා තුන්තරා බෝධියෙන් එකක් ප්‍රාර්ථනා කරති. එනම් බුදු, පසේබුදු හා මහරහත් යන
තුනයි. එහෙත් මහායාන බෞද්ධයෝ විමුක්තිය සඳහා බුද්ධත්වය ම පතති. ඒ අනුව ආත්මාර්ථයට
වඩා පරාර්ථය සඳහා ම වෙහෙසෙති. මේ අදහස මහායානයේ වර්ධනයට හේතු විය.
(2) ධ්‍යානී බෝධිසත්ත්ව යනු මහාස්ථාමප්‍රාප්ත හෝ තෛ‍්‍රලෝක්‍යවිජයී නමින් හැඳින්වෙන
බෝසත්වරුන් අට දෙනයි. බෝසත්වරු ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් ගැන මහායානයේ දැක්වේ. මෙයින්
තෝරා ගත් ප්‍රධාන අට දෙනා මේ ගණයට අයත් වේ. ඒ මෙසේ ය.
අවලෝකිතේශ්වර සර්ව නිවාරණ විෂ්කම්භ
ආකාශ ගර්භ මෛත්‍රෙය
වජ්‍රගර්භ සමන්තභද්‍ර
ක්ෂිතිගර්භ මඤ්ජුශ්‍රී
මෙයින් අවලෝකිතේශ්වර හා මඤ්ජු ශ්‍රී බෝධිසත්ත්ව දෙපළ ප්‍රධාන වශයෙන් ගරු බුහුමන්වලට
පාත්‍ර වී ඇත
(3) වෝහාරිකතිස්ස රාජ්‍ය සමය , මෙකල වෛතුල්‍යවාදය ලංකාවට පැමිණියේ ය. අභයගිරිය මේ
මතවාදය ගැන අවධානය යොමු කර ඇත. එහෙත් රජතුමා මේ ඉගැන්වීම්වල සත්‍යාසත්‍යතාව පරීක්ෂා
කිරීමට, ධර්ම අධර්ම පරීක්ෂාවෙහි නිපුණ ඇමතියකු පත් කළේ ය. ඔහුගේ නිගමනය වූයේ
වෛතුල්‍යවාදය අධර්මයක් බවයි. රජතුමා මේ අනුගාමිකයන්ට නිග්‍රහ කොට ඔවුන්ගේ පොත්
ගිනිබත් කරවීම.
ගෝඨාභය රාජ්‍ය සමය – මෙකල වෛතුල්‍යවාදය යළිත් ලංකාවට පැමිණියේ ය. මෙවර
වෛතුල්‍යවාදයේ නායකයා වූයේ සංඝමිත්‍ර භික්ෂුවයි. මොහු මෙහි පැමිණියේ ගෝඨාභය රජු
විසින් වෙර ලකුණූ ඔබ්බවා රටින් නෙරපනු ලැබූ වෛතුල්‍යවාදී භික්ෂූන් දැක එහි පළිය
මහාවිහාරිකයන්ගෙන් ගනිමි'යි දිවුරුම් දී බව සඳහන් වේ. ඔහු මෙහි පැමිණ උපායයෙන්
රජුගේ සිත් ගෙන රජුගේ පුත් කුමරුවන් දෙදෙනාට ඉගැන්වීම සඳහා අවස්ථාව සලසා ගති. ඔහුගේ
අදහස්වලට මහසෙන් කුමරු අවනත කරවා ගැනීමට සමත් විය. සංඝමිත්‍ර ආපසු ගොස් මහසෙන් රජ
වූ පසු ලක්දිවට පැමිණ මහාවිහාරයට හිරිහැර කිරීමට පටන් ගති. සෝණ ඇමතියා සංඝමිත්‍රට
සහාය දිණි. රටේ මහත් විරෝධතාවක් ඇති විය. සෝණ ඇමති හා සංඝමිත්‍ර මරා දමන ලදහ.
අනතුරුව මේ කලබලය සංසිඳිණ.
මීට අමතර සිලාකාල රජු දවස ධරමධාතු නමැති ග්‍රන්ථය පැමිණීම, පළමු වන සේන රාජ්‍ය
සමයෙහි මහාසාංඝික නිකායිකයන්ගේ පැමිණීම. සයවන මිහිඳු රාජ්‍ය සමයෙහි ධර්මරුචි
නිකායිකයන්ගේ පැමිණීම.
3.
(1) නාලන්දාව පිහිටා ඇත්තේ ඕදන්තපුරයටත්, රජගහනුවරටත් අතර පිහිටි බිහාර් ප්‍රදේශවලට
අයත් කුඩා ගම්මානයකයි. මේ මහා විහාරය ශක්‍රාදිත්‍ය හෙවත් පළමුවන කුමාරගුප්ත රජතුමා
විසින් ගොඩනංවන ලදී. මේ රජතුමාට ඉදිකළ සංඝාරාමයකින් විහාරය ආරම්භ විය. අනතුරුව රජ
වූ බුද්ධගුප්ත, තථාගතගුප්ත, බාලාදිත්‍ය හා වජ්‍ර යන රජවරු විවිධ විහාරාංග ඉදි කොට
නාලන්දා 10,000 කට නේවාසික පහසුකම් සැපයූ අංග සම්පූර්ණ ආයතනයක් විය. මෙහි තනවන ලද
ගොඩනැඟිලි මහල්වලින් යුක්ත විය. ජනෙල්වලින් බලන කල වලාකුළු කැටි ගැසෙන අයුරු දැක ගත
හැකිව පැවතිණ.
(2)
මූලික අධ්‍යාපනය වෙනත් ගුරුකුලයකින් ලබා අවුරුදු 15 සම්පූර්ණ වූ පසු නාලන්දාවට
ඇතුළු වු අවට ප්‍රදේශවල ශිෂ්‍යයන් මේ අය පුරා 08 වසරක් අධ්‍යාපනය ලැබිය යුතු විය.
2.මූලික හා ද්විතීයික අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 20 සපිරුණු පසු උපාධි
අපේක්ෂකයන් වශයෙන් ඇතුළු වු පිරිස අවුරුදු 03ක් පාඨමාලාව හදාරා උපාධිය ලැබීමට මේ
අයට හැකි විය.
3. දේශීය හා විදේශීය වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිප් සතර හදාරා සිය දැනුම ඔපමට්ටම්
කර ගැනීමට හෝ නාලන්දාවට ලබා තිබූ කීර්තිය නිසා එම ආයතනයෙහි උපාධිධරයෙකියි පවසා
ගැනීමට හෝ සමහරු මෙහි පැමිණියහ. මේ අය පශ්චාද් උපාධි අපේක්ෂකයන් වශයෙන් හඳුනා ගත
හැකි ය.
(3) ශිෂ්‍යයන්ගේ ප්‍රවේශ පරීක්ෂණය පැවැත්වූයේ නාලන්දාවේ දොරටුව අසල වු තෙමහල් ද්වාර
මණ්පයෙහි ය. ශාස්ත්‍රයෙහි නිපුණ ප්‍රවීණ පඬිවරු අපේක්ෂකයන් පරීක්ෂා කළහ. මේ
ශිෂ්‍යයන්ගෙන් සියයට 80ක් පමණ අසමත් වූහ. පරීක්ෂණය ඉතා තරගකාරිවූවක් වූ බව පෙනේ.
මේ ආයතනයට ආ ශිෂ්‍ය පිරිස අධිකවීම මේ තරගකාරිත්වයට හේතු වන්නට ඇත. සෑම ශිෂ්‍යයෙකුම
සදාචාර සම්පන්න ගතිපැවතුම්වලින් හෙබි යහපත් චරිතයකින් යුක්ත වීම ද අවශ්‍ය විය.
4.
(1) අටුවා ග්‍රන්ථ
මධුරත්ථවිලාසිනී - බුද්ධවංශ අට්ඨකතාව සඳහා
පරමත්ථදීපනි – උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු ථෙරගාථා, ථෙරීගාතා සහ
චරියාපිටක යන පොත් සඳහා
සංග්‍රහ ග්‍රන්ථ
විනය විනිච්ඡය – විනය පිටකය සඳහා
අභිධම්මාවතාරය – අභිධම්මපිටකය සඳහා
උත්තරවිනිච්ඡය – විනය පිටකය සඳහා
(3)
(5)
(1) පළමු වන විජයබා රාජ්‍ය සමයෙහි බුරුමයේ අනෞරථ රජතුමා විසින් උත්තරජීව හා ඡප්පට
යන හිමිවරු ශ්‍රී ලංකාවට එවන ලදහ. මෙයින් ඡප්පට හිමි වසර දහයක් පමණ ශ්‍රී ලංකාවේ
නැවතී ථෙරවාදය මනාව ඉගෙන ගති. අනතුරුව පෙරළා බුරුමයට වැඩමවා එහි බුදුසමයේ දියුණුවට
සේවය කළහ.
බුරුමයේ දී මේ හිමිනම සීමාවක් ඉදි කොට සීහල සංඝ නිකාය ආරම්භ කළේ ය. එරට විසූ පැරැණි
සංඝයා පුරිම මහණ නාමයෙන් හැඳින්විණ. සීහල සංඝ ක්‍රි.ව. 1190 පමණ වන විට බුරුමයේ
ප්‍රබල සම්ප්‍රදාය විය. සීහල සංඝ පරපුර අග්නිදිග ආසියාවේ ථෙරවාද බුදුසමයෙහි
ව්‍යාප්තිය සඳහා මහත් සේවයක් සිදු කළහ. මේ මඟින් ශ්‍රී ලංකා බුරුම සබඳතාව ද
තහවුරුවිය.
(2) ලද්‍ය (ලිදයිය) රාජ්‍ය සමයෙහි උගත් ශ්‍රී ලාංකේය භික්ෂුහු තායිලන්තයට වැඩම කළහ.
මේ රජතුමා ලංකාවේ ආරණ්‍යක සම්ප්‍රදාය ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. එවකට ලක්දිව
දිඹුලාගල (උදුම්බගිරි) වැඩ සිටි සංඝරාජ හිමියන් තායිලන්තයට වැඩම කළ අවස්ථාවේ රජතුමා
ඇතුළු රටවැසියාගේ ඉමහත් හරසර දක්වා එතුමන් පිළිගෙන ඇත. උන්වහන්සේ දිඹුලාගල වැඩ සිටි
මේධංකර සංඝරාජයන් වහන්සේ ලෙස පිළිගැනේ.
(3) චීනය, කොරියාව, ජපානය යන රටවල මහායානය පැතිර ඇත.
ඉන්දියාවේ සහ නැඟෙනහිර සිට ගෝබී කාන්තාරය හරහා වෙළඳ මාර්ග ඔස්සේ මහායාන බුදුසමය
චීනය වෙත ළඟා වූයේ ය. ක්‍රි.ව. 62දී කාශ්‍යප මාතංග නමැති භික්ෂුව චීනයට බුදුසමය ගෙන
ගිය බව විශ්වාස කෙරේ. උන්වහන්සේට පසුව චූපාලන් නමැති යතිවරයා චීනයට ගිය බව සඳහන්
වේ. පාරම්පරික මතය වන්නේ අටළොස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් නිල වශයෙන් ඉන්දියාවට
යවා එකොළොස් වසරක් බුදුදහම හදාරා චීනයට ගොස් බුදුදහම ව්‍යාප්ත කොට ඇත.
පසුව චීන භික්ෂුන් ඉන්දියාවට වරින් වර ගොස් ධර්ම ග්‍රන්ථ ගෙනවුත් චීන බසට පරිවර්තනය
කර ඇත. 5 වන සියවසේ දී ‘කාශ්මීර’ ජාතික කුමාරජීව භික්ෂුව චීනයට වැඩමවා බුදුදහම
ව්‍යාප්ත කොට ඇත. ෆාහියන් හා හියුං සියෑං භික්ෂූන් චීනයෙන් භාරතයට ගොස් ධර්ම
ග්‍රන්ථ ගෙන ගොස් ඇත. සයවන සියවසේ දී බෝධිධර්ම තෙරණුවෝ චීනයට වැඩමවා බුදුදහම
ව්‍යාප්ත කොට ඇත.
කොරියාවට බුදුසමය හඳුන්වා දෙන ලද්දේ චීනය මඟිනි. චීන ජාතික සුන්දෝ හිමියන් ධර්ම
ග්‍රන්ථ සමඟ කොරියාවට වැඩමවා බුදුසමය ව්‍යාප්ත කර ඇත. උතුරු කොරියාවේ ද බුදුසමය
ව්‍යාප්ත විය. භාරතීය භික්ෂුවක වූ මාරනන්ද හිමි මෙසේ උතුරු කොරියාවට බුදුසමය
හඳුන්වා දී ඇත.
සයවන සියවසේ දී පමණ බුදුසමය ජපානයේ පැතිර ගියේ ය. ඓතිහාසික මූලාශ්‍රය අනුව කොරියාව
ඔස්සේ ජපානයට බුදුසමය පැමිණි බව සැලකේ. ජපානයේ පැවති ෂින්තෝ ආගමික ඇදහිලි නිසා
මුලදී බුදුසමයේ පැතිරීමට බාධා ඇති වුවත්, පසුව රජවරු බුදුසමයේ ව්‍යාප්තියට අනුබල
දුන්හ. ජපන් බුදුසමයේ වඩාත් ප්‍රසිද්ධ වී ගියේ සෙන් බුදුසමයයි.
භාවනාව කෙරෙහි විශේෂ අවධානයක් මේ ධර්මයෙහි යොමුවේ.
6.
(1) චිත්තරාජ හා කාලවේල යක්ෂයන්ට වාසස්ථාන කරවීම, දාසියක මළ පසු දෙවොලක් කරවා දීම,
සොත්ථිසාලා නම් ගොඩනැඟිල්ලක් තැනවීම, නිගණ්ඨයන්ට වාසස්ථාන කරවා දීම, පරිබ්‍රාජකයන්ට
ආරාම කරවා දීම, ශිවලිංග පූජාවට ශාලාවක් කරවීම, නොයෙක් මිසදිටු කුල සඳහා ගෙවල් තනවා
දීම ආදි පණ්ඩුකාභය රජුගේ කාර්යයන් සැලකීමේ දී ගෘහනිර්මාණ ශිල්පය දියුණූව පැවති බව
තීරණය කළ හැකි ය.
(2) කාවන්තිස්ස රජු විහාරමහාදේවිය සමඟ ඇති වූ විවාහය නිසා ගෝඨාභය විසින් සිදු කරන
ලද ඝාතන පිළිබඳ මහජන විරෝධය තුනී වී යාම,
සිය රාජ්‍යය බලා ගැනීම දුටුගැමුණුූ කුමරුටත්, දිගාමඩුල්ල බලා ගැනීම සද්ධාතිස්ස
කුමරුටත්, පැවරූ කාවන්තිස්ස රජු සේරු නුවරට ගොස් බෞද්ධ කටයුතුවල නිරතවීම,
දුටුගැමුණුූ හා තිස්ස අතර අසමගිය භික්ෂූන් ඉදිරියේ සංසිඳුවා දෙදෙනා අතර සමගිය
වර්ධනය කිරීම,
දුටුගැමුණු රජුගේ එළාර හා යුද වැදීම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බව ප්‍රසිද්ධියේ
ප්‍රකාශ කිරීම,
දෙමළුන් ඝාතනය නිසා දුටුගැමුණුූ රජු තුළ ඇති වූ පසුතැවීම භික්ෂූන් එකතුව දුරු
කිරීම,
දුටුගැමුණු රජු තම රාජ්‍ය පදප්‍රාප්තියෙන් පසු වෙහෙර විහාර කරවා බුදුසමයේ දියුණුවට
ක්‍රියා කිරීම,
සිව්වන මිහිඳු රජු සිය පුවරු සෙල්ලිපියෙහි බෝධිසත්ත්වයන් හැර අන් කිසිවකුට ලංකා
රාජ්‍යය හිමි නැති බව පැවසීම.
ක්ෂත්‍රියෙකු රජවන්නේ බුදුරදුන්ගේ පාත්‍රය හා සිවුර රැක ගැනීමට බව සිව්වන මිහිඳු
රජු ප්‍රකාශ කිරීම,
ශාසන ශෝධනය තම යුතුකමක් සේ සලකා රජවරුන් සංඝයා සමගි කරවීම හා දූෂිතයන් සසුනින්
නෙරපීම ,
ජේතවනය පිළිගත් තිස්ස තෙරුන් සිවුරු හරවා සසුනින් බැහැර කරවීම එවකට සිටි අධිකරණ
ඇමති සිදුකිරීම,
රාජාභිෂේකය, විහාරස්ථාන තුළම සිදු කිරීම පටන් ගැනීම. සිරිසඟබෝ රජු භික්ෂූන්
ආශ්‍රයෙහි හැදී වැඩිණි. ධාතුසේන රජුද එසේය.
විජයබාහු රජතුමා අභිෂේකය ලැබුයේ භික්ෂුන්ගේ ආරාධනයෙනි. බෞද්ධයන්ගේ අනුමැතිය ලැබීම
රාජ්‍ය පාලනයේ දී රජුට ඉමහත් රුකුලක් වීම, මහසෙන් රජු මහායානට උදවු කොට පසුව
භික්ෂුන්ගෙන් සමාව ගැනීම ආදිය.
(3) ශ්‍රී ලංකාවට ගෙන ඒම හා ක්‍රමයෙන් අභාවයට යාම, වෛතුල්‍යවාදය පළමු වරට මෙරටට
හඳුන්වා දෙන ලද්දේ වෝහාරිකතිස්ස රාජ්‍ය සමයේ දී ය. වෛතුල්‍ය යන්න වෛපුල්‍ය යන්නට
සමාන ලෙස ගෙන එය මහායාන බුදුසමය යැයි පිළිගැනේ. මේ වාදය ගැන තීරණයකට එළඹීමට
අමාත්‍යවරයෙක් පත් කෙරිණ. ඔහු මෙය අධර්මයක් සේ තීරණය කළේ ය. රජතුමා එයට නිග්‍රහ කොට
පොත්පත් ගිනිබත් කරවීය.
ගෝඨාභය රාජ්‍ය සමයේ මේ වෛතුල්‍යවාදය රැගෙන යළිත් සංඝමිත්‍ර නමැති භික්ෂුවක්
පැමිණියේ ය. මෙසේ පැමිණියේ ගෝඨාභය රජු වෙර ලකුණු ඔබ්බවා රටින් නෙරපා දැමූ
වෛතුල්‍යවාදීන් භික්ෂුන් දැක එහි පළිය මහා විහාරිකයන්ගෙන් ගනිමි'යි දිවුරුම් දී බව
ඉතිහාසයෙහි සඳහන් වේ. ඔහු ගෝඨාභය රජුගේ පුත් කුමරුන් දෙදෙනාට ඉගැන්වීමට අවස්ථාව
සලසා ගත්තේ ය. වැඩිමහල් පුත් ජෙට්ඨතිස්ස කුමරු අවනත කර ගැනීමට ඔහු අසමත් විය. එහෙත්
කනිටු පුත් මහසෙන් අවනත කර ගැනීමට සමත් විය. මහසෙන් රජු වූ පසු මහාවිහාරයට අයත්
ගොඩනැඟිලි නැති කළේ ය. මහජනතාව කුපිත වූහ. ඔවුන්ගේ කෝපය සංඝමිත්‍රට හා සෝණ ඇමතියා
කෙරෙහි යොමු විය.
මෙහිදී මේඝවණ්ණාභය ඇමති මැදිහත්ව රජුගේ මේ කාර්ය නවතා දැමීය. සෝණ හා සංඝමිත්‍ර මරා
දමනු ලැබූහ. ක්‍රමයෙන් මේ වාදය ප්‍රතික්ෂේප විය.
7
(1) බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධිය, වජ්‍රාසනය, තිරත්නය, සිරිපතුල වැනි සංකේත යොදා
ඇත. බුදුපිළිම භාවිතය පැමිණියේ ක්‍රි.ව.ප්‍රථම ශතකයේ පමණ ය.
(2) සාමාන්‍ය හිටි පිළිමවලට වඩා වෙනස් වූ පිළිමයි. පහසු ලීලාවෙන් වැඩ සිටින
ආකාරයෙන් දණහිස, ඉඟටිය හා ගෙල යන තුන් තැනින් සිරුර නැමෙන අයුරින් නිරූපණය කෙරෙන
ප්‍රතිමා විශේෂයකි. ත්‍රිභංග හෝ තිවංක යන නම්වලින් මේ පිළිම හැඳින්වේ.
මෙබඳු පිළිමයක් පොලොන්නරුවේ පැරැණි වේළුවනාරාම ප්‍රතිමාඝරයෙහි ගඩොල්වලින් තනා තිබී
අද ද නෂ්ටාවශේෂ වශයෙන් දක්නට ලැබේ. මේ පිළිම තැනීම මෙරට ශිල්පීන් අතින් කාලාන්තරයක්
තිස්සේ සිදු වුණු බව සැළලිහිණි සන්දේශයෙහි ඒ ගැන සඳහන් වීමෙන් ප්‍රකට වේ.
(3) බුදුපිළිම තැන්පත් කිරීමට තැනූ ගෙය ප්‍රතිමා ගෘහයයි. භික්ෂු ආවාස සේ භාවිත වුණු
ලෙන් ගුහා බොහොමයක් පසු කලෙක ප්‍රතිමාඝර බවට පත් විය. ලාංකික ශිල්පියා ස්වභාවික
ගුහා තෝරා ගෙන ඒවායේ ලෙන් තනා ඇත. දොරකවුළු ආදිය සහිතව ඉදිරිපස බිත්තිය තනා, පර්වත
පාදයක් ඇතුළත බිත්තිය තනා බදාමෙන් පිරියම් කොට ඒ තුළ බුදුපිළිම එකක් හෝ වැඩි
ගණනාවක් පිහිටුවන ලදී. දැවැන්ත පර්වත ප්‍රාන්තවල පිහිටි ගලෙන් ම ඉදිරියට නෙරා සිටින
ආකාරයෙන් ලොකු ප්‍රමාණයේ බුදුපිළිම තනා ඇත. මේවායේ ආවරණ ලෙස ප්‍රතිමාඝර තැනීමේ දී
පර්වත ප්‍රාන්තය පසුපස බිත්තිය සේ සිටින අයුරින් පර්වත ඉදිරියෙන් ප්‍රතිමාඝර තනන
ලදී.
අවුකන, පොලොන්නරුවේ ගල් විහාරය, වැල්ලවාය අසල බුදුරුවගල වැනි ස්ථානවල මේ වර්ගයට
අයත් බුදුපිළිම තනා ඇත. |