ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඇසළ අව අටවක පෝදා 2023 අගෝස්තු 08 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මීට කල්ප ලක්ෂයකට පමණ පෙර ලොව පහළ වී වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වෙහෙර තිබුණේ හංසවතී කියන නගරයේ යි. ඒ කාලයේ හංසවතී නගරයේ රජු ලෙස ඉපිද සිටියේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි අපගේ සීවලී මහරහතන් වහන්සේ යි. බුද්ධ කියන නාමය පවා ලොවට සැපයක් ගෙන දෙනවා. සැපයක් උදෙසා ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ මොහොතකට, එක නිමේෂයකට ඇසුරු කරන්න ලැබුණත් එයින් තමාගේ මුළු දිවි ගමනම සැපයට පත් වෙනවා. ඒ වගේ සිදුවීමක් මේ රජුටත් සිදු වුණා. මේ රජතුමා දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට ගියා. එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරද්දී භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස මැද්දේ එක ශ්‍රාවකයෙක් විශේෂ කරමින් අගතනතුරු ප්‍රදානය කළා. “මහණෙනි, භික්ෂු සංඝයා අතරේ යම් භික්ෂුවක් සුදර්ශන නමින් සිටී ද? ඒ භික්ෂුව පදුමුත්තර බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුව යි.” කියමින් අගතනතුරු ප්‍රදානය කළා. එය දුටු රජතුමා මහත් සතුටට පත්වුණා. “අනේ මටත් මෙහෙම බුදු සසුනක ප්‍රත්‍යලාභී අගතනතුර දරන්නට හැකි නම්” කියා සිතක් උපන්නා. මහා පුණ්‍යවන්තයන්ට පමණක් ඉපදෙන විශේෂ ආශාවක් ඒක. ඒ ආශාව උපන් මොහොතේ දී ම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රජතුමා ආරාධනාවක් කළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අද පටන් සත් දිනක් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීමට මම කැමැතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට අනුකම්පා කර මාගේ ආරාධනාව පිළිගන්නා සේක්වා’ කියා ඉල්ලා සිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. දින හතක් එක දිගට දානය පූජා කළා. හත් වැනි දා රජතුමා අටපිරිකර සහිත කොට මහා පරිස්කාර පූජාවක් කළා. ඒ සියල්ල අවසන් වූවාට පසුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කියා සිටියා. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මෙසේ දන් පූජා කොට උදාර පුණ්‍ය ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි, මම අනාගත බුදුසසුනක ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුවක් වීමට ආශාවක් තිබෙනවා. ස්වාමීනි, මාගේ ඒ පුණ්‍ය පැතුම සමෘද්ධිමත් වීමට ආශිර්වාද කරන සේක්වා කියා ඉල්ලා සිටියා.
අගෝස්තු 08 අඟහරුවාදා පූ.භා. 04.17 න් අව අටවක ලබා 09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ. 08 අඟහරුවාදා සිල්.
අව අටවක
අගෝස්තු 08
අමාවක
අගෝස්තු 15
පුර අටවක
අගෝස්තු 24
පසළොස්වක
අගෝස්තු 30
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]