[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුන් කෙත ඒකාලෝක කරන බෙලිගල්ලේ සරණපාල නාහිමියෝ

සසුන් කෙත ඒකාලෝක කරන බෙලිගල්ලේ සරණපාල නාහිමියෝ

දෙස් විදෙස් ජනී ජනයා අමන්දානන්දයට පත් කරන ස්ථානයක් ලෙස රුහුණු රට දකුණු ගිරුවා දනව්වේ පිහිටි මුල්කිරිගල රාජමහා විහාරස්ථානය නම් කළ හැක. එහි වත්මන් නා හිමිපාණන් වහන්සේ වන්නේ බෙලිගල්ලේ සරණපාල මාහිමිපාණෝ ය. භික්ෂු පරපුරට මෙන්ම සංඝ ශාසනයට සිදු කරනු ලබන්නේ මහඟු මෙහෙවරකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ඉහළ බෙලිගල්ල ග්‍රාමය සුන්දර ගම්මානයකි. එහි වැලිහේන ඉහළ බෙලිගල්ල යන ලිපිනයේ පදිංචි කොඩිප්පිලි හෙට්ටිආරච්චිගේ මහතා හා ලියනගේ ඇගීහාමි යන දම්පතීන් යුවළගේ තෙවැනි පුත්‍රයා ලෙස අප නා හිමියෝ 1960.06.13 වැනි දින උපත ලබා ඇත.

කොඩිප්පිලි හෙට්ටිආරච්චිගේ සනත් කුමාර ලෙස නම් ලැබූ මේ කුමරුවා බෙලිගල්ල කනිටු විදුහලට ඇතුළත්ව එහි 09 වසර දක්වා ඉගෙනුම ලබමින් සිටින අවධියේ භික්ෂූන් වහන්සේට ඇලුම් කිරීම නිසා ‘පැවිදි වෙන්න ඕනෑ’ යැයි පැවසීමෙන් පසු මව්පියන්ගේ කැමැත්ත පරිදි බෙලිඅත්ත කුඩාහීල්ල මහ පන්සලට පැමිණ එහි සිට භික්ෂු ජීවිතයට අවැසි සකස්කඩ, නම් පොත, බුද්ධගජ්ජය ආදිය වන පොත් කර නැවත මුල්කිරිගල රාජමහා විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති හීන්බුන්නේ පුඤ්ඤසිරි නා හිමි ගුරු දේව කොට 1985.09.30 වැනි දින බෙලිගල්ලේ සරණපාල නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

භික්ෂු අධ්‍යාපනය සඳහා අම්බලන්තොට රංගිරි විහාර සද්ධාතිස්ස පිරිවෙනට ඇතුළත්ව එහි අවසානය දක්වා ඉගෙනීමේ කටයුතු සිදු කරන ලදී. 1986 මහනුවර මල්වතු මහා විහාරිය උපෝසථාගාර සීමා මාලකයේ දී අධිසීල උපසම්පදාවට පත් අප නා හිමියෝ මුල්කිරිගල රාජමහා විහාරස්ථානයට අයත් මාමඩල ඵෙතිහාසික සම්බාරාජ මහා විහාරස්ථානයට පැමිණ එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.

පෞරාණික නටබුන් සමඟ මහා වනාන්තරයට පත්ව තිබූ මෙම විහාරස්ථානයේ උන්වහන්සේ එනවිට පැවතියේ කුඩා කාමර 02 ක් හා චෛත්‍ය පමණි.

මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වුව ද කිසිදු සංවර්ධනයක් ඒ වන විට සිදු වී නොමැත. ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය හා උන්වහන්සේගේ පරිත්‍යාගශීලිත්වයෙන් සම්බාරාජ මහා විහාරස්ථානය මේ වන විට දකුණු පළාතේ ඇති රමණීය විහාරස්ථානයකට ඇවැසි විහාරාරාංගයන්ගෙන් සමන්විතව ගොඩනඟා ඇත.

නව සංඝාවාස 02 ක් ධර්මශාලාව , විහාර මන්දිරය, වාහල්කඩ ඇතුළු විහාර භූමිය ද ක්‍රමවත් ලෙස සංවර්ධනය කර ඇත. මේ වන විට සම්බාරාජ මහා විහාරය දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන ස්ථානයකි.

අප සරණපාල නායක හිමිගේ මෙම ශාසනික සේවාව අගයමින් මහනුවර මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව විසින් මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තර දිසාව ප්‍රධාන සංඝනායක ධූරය ද පිරිනමා ඇත.

මුල්කිරිගල රාජමහා විහාරය, මාමඩල සම්බාරාජ මහා විහාරය හා උස්වැව අමරතුංගගම පුරාණ විහාරස්ත්‍රයාධිපති බෙලිගල්ලේ සරණපාල නා හිමිපාණන් වහන්සේට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනය කරමි.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]