[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023)රාජ්‍ය වෙසක් උත්සවය 2023-05-04 වෙනි දින හලාවත කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා සාශනාරක්ෂක මණ්ඩලය ,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ හලාවත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. 2023 මැයි මස 02 සිට 08 දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක කෙරේ .“අත්තදීපා විහරථ අත්ත සරණා”තමා තමාට ම සරණක් වන්න.මෙවර වෙසක් උත්සවයේ තේමාවයි. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර ඇත. 2023-05-02 වැනි දා පරිසර සංරක්ෂණ වැඩසටහන්, 03 වැනි දා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, 04 වැනි දා සාර ධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 05 වැනි දා ශීල භාවනා පින්කම්, 06 වැනි දා සංස්කෘතික වැඩසටහන්, 07 වැනි දා භික්ෂු සහ සිල්මාතා පුහුණු වැඩසටහන්,08 වැනි දා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වෙසක් සතිය තුළ දිවයින පුරා විහාරස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උතුම් පුරුෂාර්ථයන්ගෙන් විසිතුරුවන භාග්‍යවන්ත මාසයේ සූර්ය මංගල්ලය

රක්ත වර්ණ එරබදු මල් විකසිතවැ, කෝකිල කූජනයේ චමත්කාරයෙන් පරිසරය එළිවෙන භාග්‍යවත් මාසය බක් මාසයයි. සිරිලක් සමාජයට බුදු දහමේ ආලෝකය – බුදුන් වහන්සේ සිරිලක් ධරණී තලයට දායාද කළ හර පද්ධතිය හා මුසුවී හෙළ සිරිත් විරිත් වඩාත් ඔපවත් විය. මිස්සක පව්වෙන් දේශය සිසාරා ගලා ගිය ආමාදම් මාරුතය හෙළ බොදු දිවි පෙවෙත හැඩ කළේ ය. සරල, චාම් වුව සුන්දර ජීවන රටාව, සෞභාග්‍ය සම්පන්න – සිරිදෙව් දුව දිවැස් හෙළන, කොයි කාටත් සැනසිල්ල දානය කරන අපේ ඇත්තන්ගේ ඇවැතුම් පැවැතුම් ක්‍රමය – කල්ක්‍රියාව ලොව කාගේත් නෙත සිත යොමු වීමට හේතුවිය. මිස්සකපව්ව අබියස දී එදා දේවානම් පියතිස්ස මහ නිරිඳු ප්‍රමුඛ හතළිස් පන්දාහක ජනයා මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වූහ. පන්සිල් මත පදනම් වූ ජීවන ධාරාවකින් එදා අපේ ඇත්තෝ මෙලොව එලොව සුබසෙත උදාකර ගත්හ. කෙතින් බඩ වියත ද, දාගැබින් ආධ්‍යාත්මික දියුණුව ද ඔවුහු ළඟා කර ගත්හ. සිංහල හින්දු අලුත් අවුරුද්ද – සූර්ය මංගල්‍යය සිරිලක් සමාජයේ හැඩරුව මනාව පිළිබිඹු කරන අපේ සමාජ ක්‍රමයේ උත්කර්ෂවත්ම මංගල්‍යයයි. සොබා දහම හා මොනවට ඒකාත්මික වූ ලක්වැසි ජනතාව සොබාදම් මෑණියන්ගේ ආශීර්වාදය නොමඳව ලබන්නට භාග්‍යයවන්ත වූහ. බක් මස ඒ බැව් මැනවින් තහවුරු කරන මාසයයි. භාග්‍යය කැන්දු මාසය වූ නිසාම එය බක් මාසයයි. තුරුලිය පැහැයෙන්, පලඵල්ලවයන්ගෙන්, සියොත් නදින් මෙන්ම සමඟි දමින් බැඳුණු සිවු හෙළයේ මිනිස් පවුරෙන් සූර්ය මංගල්‍යය විසිතුරු වෙයි. හෙළයන්ගේ අහිංසක දිවිපෙවෙත, ආදර්ශ සම්පන්න ගති සොබා තුළින් බුදු දහමේ හරයන් – සම්මා ආජීවය, ලක්වැසි ජීවන දර්ශනය මූර්තිමත් කරයි. වසරක් පුරා ගතේ දහඩිය මහන්සිය කුඹුරේ අස්වැන්නට කැප කළ “මඩ සෝදා ගත් කල රජකමට සුදුසු” ගොවියාගේ අභිමානය කියාපෑවේ සිරිලක් සමාජයේ ස්ව ශක්තියයි. කලට වේලාවට වැඩ කිරීමේ කලාව බක් මහ අවුරුදු චාරිත්‍රයන්හි මොනවට අරුත් ගන්වයි.


නිවන් මඟ පහසු කරවන ඉරියව් පැවැත්මේ භාවනාව පුහුණු කරම

සුළු වශයෙන් හෝ භාවනාවකට වාඩි වූ පුද්ගලයකුට ඇතිවන පොදු ගැටලුවක් පවතිනවා. භාවනාවක් පුහුණු කිරීමේදී ඇතිවන කායික මානසික අලසකමයි. එනම් ථිනමිද්ධයයි. බුදුරජාණන් වහන්සේ මේ ථිනමිද්ධය ප්‍රහාණය කරන ආකාරය පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ ප්‍රහාන අභ්‍යාසය තුළ දේශනා කොට තිබෙනවා. එය ටිකක් ගැඹුරු කොටසක් වන බැවින්, සාමාන්‍ය භාවනාවක් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් පවත්වාගෙන යායුතු පුරුදු පුහුණු කළ යුතු ඉතා වටිනා භාවනා කණ්ඩයකට අද අවධානය යොමු කරමු. මේ භාවනා කොටස හඳුන්වා දෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ දෙවැනි භාවනා කාණ්ඩය හැටියටයි. ඒ භාවනාව නම් ඉරියාපථ භාවනාවයි. ඉරියව් පැවැත්මේ භාවනාවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “පුන ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, මහණෙනි, භික්ෂුව යන්නේ “යන්නෙමි’යි, නුවණින් යුතුවම දනියි. “ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති” සිටින්නේ “සිටින්නෙමි” යි නුවණින් යුතුව ම දනියි. “නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති” හිඳින්නේ “හිඳින්නෙමි” යි, නුවණින් යුතුවම දනියි. සයානෝ වා සයානෝම්භීති පජානාති, නිඳන්නේ "නිදන්නෙමි"යි නුවණින් යුතුවම දනියි. යථා යථාවා පනස්ස කායෝ පණිහිතෝ හෝති, තථා තථා නං පජානාති යම් යම් අයුරින් ඔහුගේ කය පවත්නේ වේ ද, එය ඒ ඒ අයුරින් සිහි නුවණින් යුතුවම දනියි. සාමාන්‍ය ජීවිතයේ දී අප මෙය පුහුණු කරන්නේ, කෙසේද? අප විසින් පවත්වනු ලබන ප්‍රධාන ඉරියව් හතරක් පවතිනවා. ඒ ගමන් කිරීම, හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම සහ නිදා ගැනීම යන ප්‍රධාන ඉරියව් හතරයි. මේ ප්‍රධාන ඉරියව් හතරේ දී පළමු වැන්න ගමන් කිරීමයි.

 

අලුත් අවුරුද්ද සිල්වත් ව සමරමු

බක් මාසය යනු දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ටත් සුවිශේෂී මාසයකි. සිංහල බෞද්ධයන්ට පමණක් නොව දමිළ හින්දු භක්තිකයන්ටත් සුවිශේෂී මාසයකි. සිංහල ජාතියත්, හින්දු ආගමත් එක් කොට “සිංහල හින්දු” අලුත් අවුරුද්ද යනුවෙන් අපි ව්‍යවහාර කරමු. ඒ අනුව සිංහල, දමිළ ජාතිභේදයකින්, ආගම් භේදයකින් තොරව සමරන එක ම උත්සවයත් මෙයයි. අලුත් අවුරුදු චාරිත්‍ර අනුව කටයුතු කිරීමට ලංකාවාසීහු පුරුදුව සිටිති. දරුවෝ අලුත් අවුරුද්ද උදාවන තුරු බලා සිටින්නේ විනෝද වීමටයි. කොතරම් කම්කටොලු තිබුණත්, කොතරම් අසරණකම් තිබුණත් දරුවකුට අලුත් ඇඳුමක් අරන් දීමට මවුපියෝ අමතක නොකරති. දරුවෝ අවුරුදු උත්සවවලට සහාභාගී වීමට, නෑදැයින් බැලීමට, සෙල්ලම් කිරීමට මෙන් ම අලුත් අවුරුද්දේ රස කැවිලි කෑමට ආසාවෙන් බලා සිටිති. පාසල් නිවාඩුවේ දරුවන්ගේ එක ම බලාපොරොත්තුව සතුටින් විනෝදයෙන් සිටීමයි. එහෙත් අද මවුපියෝ දරුවන්ට විනෝදවීමට ඉඩදෙනවා ද යන්න ගැටලුවකි. මවුපියෝ දරුවන් උපකාරක පන්තිවලට යවමින් හෝ අන්තර් ජාලය ඔස්සේ පන්ති කරමින් දරුවන්ගේ ළමා කාලයේ සතුට අහිමි කරන බව පෙනේ. අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය යනු ආගමික වතාවත්වලට මුල්තැනක් දී කටයුතු කරන වේලාවයි. නැකතට ලිප ගිනි මොළවා ආහාර අනුභවයට ප්‍රථම තෙරුවන් වන්දනා කිරීම, ආගම සිහිකර හිසතෙල් ගෑම වැනි චාරිත්‍ර ඉටු කිරීම මෙන් ම තාමගේ ආදරණීය මවුපියන් වැඩිහිටියන් බැලීමට තෑගිබෝග රැගෙන යාම මෙන් ම පරණ අමනාපකම් ආදිය අමතක කිරීමත් අලුත් අවුරුද්දේ කරන කොතරම් වටිනා කටයුතු ද යන්න අමුතුවෙන් සිහිකළ යුතු නොවේ. එහෙත් සමහරු මේ වටිනා අවුරුද්ද මත්වතුරෙන්, සූදුවෙන් විනාශ කර ගන්නා බවක් ද පෙනෙන්නට ඇත. එසේ නොකර සිල්වත්ව මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගත කිරීමට අපි අදිටන් කර ගනිමු.

බක් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]