[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

නිවන් මඟ පහසු කරවන ඉරියව් පැවැත්මේ භාවනාව පුහුණු කරම

සුළු වශයෙන් හෝ භාවනාවකට වාඩි වූ පුද්ගලයකුට ඇතිවන පොදු ගැටලුවක් පවතිනවා. භාවනාවක් පුහුණු කිරීමේදී ඇතිවන කායික මානසික අලසකමයි. එනම් ථිනමිද්ධයයි. බුදුරජාණන් වහන්සේ මේ ථිනමිද්ධය ප්‍රහාණය කරන ආකාරය පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පංච නීවරණ ප්‍රහාන අභ්‍යාසය තුළ දේශනා කොට තිබෙනවා. එය ටිකක් ගැඹුරු කොටසක් වන බැවින්, සාමාන්‍ය භාවනාවක් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් පවත්වාගෙන යායුතු පුරුදු පුහුණු කළ යුතු ඉතා වටිනා භාවනා කණ්ඩයකට අද අවධානය යොමු කරමු. මේ භාවනා කොටස හඳුන්වා දෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ දෙවැනි භාවනා කාණ්ඩය හැටියටයි. ඒ භාවනාව නම් ඉරියාපථ භාවනාවයි. ඉරියව් පැවැත්මේ භාවනාවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “පුන ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, මහණෙනි, භික්ෂුව යන්නේ “යන්නෙමි’යි, නුවණින් යුතුවම දනියි. “ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති” සිටින්නේ “සිටින්නෙමි” යි නුවණින් යුතුව ම දනියි. “නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති” හිඳින්නේ “හිඳින්නෙමි” යි, නුවණින් යුතුවම දනියි. සයානෝ වා සයානෝම්භීති පජානාති, නිඳන්නේ "නිදන්නෙමි"යි නුවණින් යුතුවම දනියි. යථා යථාවා පනස්ස කායෝ පණිහිතෝ හෝති, තථා තථා නං පජානාති යම් යම් අයුරින් ඔහුගේ කය පවත්නේ වේ ද, එය ඒ ඒ අයුරින් සිහි නුවණින් යුතුවම දනියි. සාමාන්‍ය ජීවිතයේ දී අප මෙය පුහුණු කරන්නේ, කෙසේද?


බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]