[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

රෝහණපුරට අභිමානයක් වූ පුවක්දණ්ඩාව පන්ථාරාම මහා වෙහෙර බිම

බෙලිඅත්ත පුවක්දණ්ඩාව නැඟෙනහිර ග්‍රාමසේවා වසමෙහි පිහිටි මෙම විහාරස්ථානය ක්‍රි.ව. 1775 දී පමණ ආරම්භ විය. පැරණි සීමා මාලකය 1815 පිහිටු වූ බවට ගල් කුලුනක සටහන් කර ඇත. එම යුගයේ තල්පත්ඉරු ලිපි ලේඛන ආදිය තවමත් විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී. මෙම විහාරස්ථානය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් ස්ථානයකි. වේහැල්ලේ ධම්මදින්න හිමිගේ පළමු ශිෂ්‍යයා කදුරුපොකුණේ ස්වර්ණජෝති හිමියෝ ය. බද්දේගම ගුණරතන නම් මාහිමියන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය හිමිවරු කිහිප පොලක් සමඟ ක්‍රි.ව. 1775 දී පමණ පුවක්දණ්ඩාව පන්ථාරාමය පිහිටා තිබෙන ස්ථානයේ වස් වසා ඇත. වස් කාලය නිම වීමෙන් පසුව උන්වහන්සේගේ පළමු ශිෂ්‍ය උඩයාලේ ධම්මපාල හිමි එම ස්ථානයේ නතර කර ඇත. උඩයාලේ හිමියන් විසින් පුවක්දණ්ඩාව පාර අද්දර විහාරස්ථානයට අවශ්‍ය සංඝාරාම, සීමා මාලකය ආදිය පිහිටුවා ස්ථානය දියුණු කිරීමට කටයුතු කළේ ය. උඩයාල හිමිගේ පළමු ශිෂ්‍යයා ගාල්ලේ සුනන්ද හිමියන් ඉන්පසු විහාරාධිපති පදවියට පත් විය. උන්වහන්සේගේ පළමු ශිෂ්‍යයා දබරැල්ලේ සරණංකර හිමියෝ ය.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]