[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පානදුර රන්කොත් විහාරය ඡායාරූපය - ගයාන් පුෂ්පික

බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 

අඳුරු කුටියට නොනිවෙන පහනක් දල්වන්න

සමාජය යනු විවිධ අදහස්, මතවාද ඇති අයගේ එකතුවකි. සමාජය සමඟින්ම ජීවිතය පවත්වනවා විනා ඉන් බැහැරව තනිව ජීවත්වීම අසීරු ය. දම්වැලක් සේ ඔවුනොවුන් එකිනෙකාට බැඳී සිටී. මෙහිදී උගත් – නූගත්, ලොකු – කුඩා, උතුම් - අධම ආදී වශයෙන් නොයෙක් තරාතිරමේ පිරිස් සමඟ එකට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ඇසුරේ දී නොයෙක් දෙනාගේ සත්‍ය වූ හෝ අසත්‍ය වූ හෝ නොයෙක් කරුණු පිළිබඳ තමාගේ සිතට පීඩා ගෙන දෙන වචනයට ක්‍රියාවන්ට ද මුහුණ දෙන්නට සිදුවනු ඇත. සමාජයෙහි කිසිම කෙනකුට තමා නිතර ගැටෙන ලෝකයෙන් හොඳ පමණක් ම දැකීමටත්, ඇසීමටත් නොලැබේ. ගමනක් යන්නට බස් රථයකට ගොඩ වූයේ යැයි සිතන්න. ඇතැම් විට ඒ ගමන අවසන් වීමට මත්තෙන් තමන් අකැමැති, තමන්ගේ සිතට නොරුස්සන කටුක වචන, අනුන්ගේ නොමනා හැසිරීම් ආදී කොතෙකුත් දේ සිදුවිය හැකි ය. ලෝකයෙන් අප වෙත එන එවැනි දුබලකම් නිසා තමන්ගේ සිතට ක්‍රෝධය නංවා, එසේත් නැති නම් චිත්ත සන්තානයෙහි යටපත් වී ඇති ක්‍රෝධය මතුකොට, අනුන්ගේ දුබලකම් අනුව තමා ද වෙනස් වන කෙනකු වූයේ නම් එය මහත් වූ අරගලයකට මුහුණපෑමට හේතුවන්නකි. ඒ වගේ ම කෙනකුගේ පරුෂ වචනයට හෝ මොනයම් ආකාරයකින් චිත්ත දූෂණයට හේතුවන වචන නිසා හෝ නොමනා හැසිරිම නිසා හෝ තමන් කෝපයට පත්ව ඒ ඒ ක්‍රියාවන්ට එකට එක කිරීමටත්, දොස් පවරා ගැනීමටත්, එකට එක කිරීමටත් පෙළඹෙන්නේ නම්, එයින් දෙපාර්ෂවයට ම විපතක් මිස සැපතක්, දියුණුවක් නම් කිසි කාලයක දී සැලසෙන්නේ නැත. “සුනඛයකු පය සපා කෑ විට තමා ඒ සුනඛයාගේ පය සපා කන්නේ නැත.ආක්‍රෝශ පරිභව කිරීම් හමුවේ පහරදීම් හෝ යමකුගේ කෝප සහගත හැසිරීම් හමුවේ තමන් නොකිපීම, පළිනොගැනීම ම නුවණැති පුද්ගලයාගේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද ක්‍රියාවක් ලෙසින් සිතා ඉවසීම පුරුදු පුහුණුූ කරන්නේ නම් ඔවුනොවුන් අතර, අසමගියක්, කළහ කිරීමක්, භේදයක් ඇති නොවනු ඇත.

තීරණයක නිවැරැදි බව මෙලෙස තීරණය කරන්න

ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය පවත්නා කාලය තුළ යම් යම් හේතු පදනම් කරගෙන අවස්ථානුබද්ධව තීරණ ගැනීම සිදුකරයි. බොහෝ විට එලෙස අප ගනු ලබන තීරණ නිවැරැදි ද, එසේත් නොමැති නම් වැරැදි ද යන කාරණාව පිළිබඳ සලකන්නේ අතළොස්සකි. ඒ නිසාම යම් තීරණයක් ගෙන අවසානයේ දී පසුතැවීමට පත් වන බොහෝ දෙනා පිළිබඳ අප නිරීක්ෂණය කර ඇත්තෙමු. උදාහරණයක් ගෙන සාකච්ඡා කරන්නේ නම් සාහසික කි‍්‍රයාවක් වශයෙන් සලකනු ලබන මනුෂ්‍ය ඝාතනය පෙන්වාදිය හැකි ය. කිසියම් වූ හේතුවක් පදනම් කරගෙන ගනු ලැබූ වැරැදි තීරණයේ අවසන් ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය ඝාතනයයි. මෙවැනි ඕනෑතරම් සිද්ධි දාමයන් රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි ශ්‍රව්‍ය‍ දෘශ්‍ය මාධ්‍යයෙන් මෙන් ම පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍යයන්ගෙන් නොයෙක් වර අප ඇස ගැටෙන දසුන් ය. ඇතැම් විට එවැනි මනුෂ්‍ය ඝාතනයකින් අදහස් වන්නේ කුමක් හෝ සුළු සිද්ධියක් නිසා ඇති කරගත් වැරැදි අදහසකි. එය හදිසි කෝපය නිසාවෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් හෝ අපරාධයක් යැයි ද නොයෙක් වර අසන්නට ලැබෙන කරුණකි. එනමුත් මෙම සිද්ධිය විමර්ශනාත්මක ඇසින් බලන්නකුට නම් මෙහි පවතින තීරණ ගැනීමේ වරද දැක ගන්නට පිළිවන. බෞද්ධ සමාජයක ජීවත්වන කෙනකුට නම් විශේෂයෙන් එම විමර්ශනාත්මක භාවය හිමිව ඇත.ඊට හේතුව බුද්ධ දේශනාව වූ කලි සම්මුතියෙන් එපිටට ගොස් එහි පරමාර්ථයන් පිළිබඳ විමසා බලන දහමක් වන බැවිනි. විභජ්ජවාදී දහමක් වශයෙන් බොහෝ දෙනා අතර මෙය ප්‍රචළිතව ඇත්තේ ද එලෙස බෙදා වෙන් කොට විමර්ශනය කරන බැවිනි. පෙර සඳහන් කළ පරිද්දෙන් ගන්නා ලද තීරණය අවසානයේ පසුතැවීමට පත් වන්නට සිදු වේ නම් ඒ තුළ පැහැදිලි වන්නේ ගන්නා ලද තීරණය සාර්ථක නොවන, එසේම නිවැරැදි ද නොවන තීරණයක් වන බවයි.


දරු සම්පත නිධානයකි

දරුවන් පිළිබඳ ඉතා ශෝක ජනක පුවත් මේ දිනවල අසන්නට, දකින්නට ලැබෙයි. මෙවන් පුවත් අසන්නට අප පව් කළා යැයි සමහරු කියති. මීනගයා දුම්රියෙහි වැසිකිළිය දින පහළොවක දරුවකුට වාසස්ථානය කළ දෙමව්පිය දෙපළකි. කුඩම්මා දියණියට පරුෂ වචනයෙන් බණිමින් පහර දෙන දර්ශනයකි. මැද පෙරදිග සේවයේ නිරත තම අනියම් බිරිඳගෙන් මුදල් ගැනීමට ඇගේ කුඩා දරුවාට පහර දෙන පියෙකි. දරුවන් තුරුළු කරගෙන ළිඳට පැන්න මවකි. තම දරුවන් එල්ලා මරා තමනුත් එල්ලී මැරුණ පියෙකි. තම බිරිඳ දරුවන් එල්ලා මරා තමනුත් එල්ලී මැරුණ පියෙකි. මේ මාස කිහිපයක් තුළ අප ඇසු දුටු අමිහිරි පුවත් ය. දරුවන්ට හිංසා පීඩා කිරීම, අපයෝජනයට ලක් කිරීම, දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම, දරුවන් විවිධ අපරාධ ක්‍රියා සඳහා යොදා ගැනීම, දරුවන් මරා දැමීම අප රට පමණක් නොව ලෝකයේ සෑම රටකම සිදු වෙයි. නමුත් අප රට තුළ මෙය සුවිශේෂී වන්නේ අප බුදු දහම තුළින් සුපෝෂිත සංස්කෘතියකට හා සභ්‍යත්වයකට උරුමකම් කියන රටක් බැවිනි. සම්බුදු දහම පුද්ගල වගකීම්, යුතුකම් මැනවින් ඉටු කළ දහමකි. ඒ දහමෙහි දර්ශනය තුළත්, ශාස්තෘ චරිතය තුළත්, ශ්‍රාවක චරිත තුළත් මේ සදහා සාක්ෂි එමට තිබේ. සිද්ධාර්ථ කුමාරයා තම දරුවා දමා යාම සමහරු වරදවා තේරුම් ගනිති. “ රාහුලො ජාතො බන්ධනං ජාතං ” මෙය සමහරු වරදවා විවරණය කරති. රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා. එය අභිනිෂ්ක්‍රමණයට බාධාවක් ලෙස සමහරු සිතති. මෙය එවැන්නක් නොවේ. රාහුල කුමරු උපන් දා සිද්ධාර්ථ කුමරු වඩාත් සතුටු විය. එදින වෙනදාටත් වඩා උද්‍යානයෙහි දී විනෝද ක්‍රීඩාවන්හි යෙදිණි. ඊට හේතුව තමන්ට දාව දරුවකු උපන්නා වගේම අභිනිෂ්ක්‍රමණය නම් වූ තම ප්‍රාර්ථනාව ඉටු කර ගන්නටත් එය කදිම අවස්ථාවක් වීම ය.

 

සතුට පරම ධනය වීමට නම් ලද දෙයින් සතුටු විය යුතුය

මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයෙක්ම තම ජීවිතය සතුටින් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් උපන්දා සිට බොහෝ දේවල් කරනවා. කුඩා කාලයේ සිතනවා හොඳින් ඉගෙනගෙන උපාධියක් ගත්තොත් ලොකු වුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සෙ හිතනවා විවාහ වුණොත්, දරුවෝ හැදුවොත්, වතුපිටි වැව්වොත්, ගේදොර හැදුවොත්, වාහනයක් ගත්තොත්, දරුවන්ට හොඳින් ඉගැන්නුවොත්, ඔවුන් සුදුසු පරිදි විවාහ කරල දුන්නොත් සතුටින් ජීවත්වෙන්න පුළුවන් කියලා. ‘දුක්ඛ ලෝකො පතිට්ඨිතො” ලෝකය දුක තුළ පිහිටා ඇති බව බුද්ධ දේශනාවයි. එහෙත් දුක තුළ වෙසෙන අය සොයන්නේ සතුට ය. පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි දකින, අසන, ආඝ්‍රාණය කරන, විඳිනු ලබන සියල්ල තුළ දුක හා සතුට තියෙනවා. ඒ අනුව දුක හා සතුට යන කාරණාවන් දෙක පුද්ගල චිත්ත ස්වභාවයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. යම් කාරණාවක් අපි අපේක්ෂා කරන ආකාරයට සිදු වන්නේ නම්, එය සතුටක් ලෙසත්, අපේක්ෂිත අයුරින් සිදු නොවන්නේ නම්, එය දුකක් ලෙසත් හඳුන්වනවා. අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති යන බුද්ධ දේශනාවට අනුව මේ ලෝකයේ සිදුවන සියල්ල අපි අපේක්ෂා කරන අයුරින් සිදු වන්නේ නැහැ. මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයෙක් ම තම ජීවිතය සතුටින් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් උපන් දා සිට බොහෝ දේ කරනවා. කුඩා කාලයේ සිතනවා හොඳින් ඉගෙනගෙන උපාධියක් ගත්තොත් ලොකු වුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා.

බක් පුර අටවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 



 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]