[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

තීරණයක නිවැරැදි බව මෙලෙස තීරණය කරන්න

ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය පවත්නා කාලය තුළ යම් යම් හේතු පදනම් කරගෙන අවස්ථානුබද්ධව තීරණ ගැනීම සිදුකරයි. බොහෝ විට එලෙස අප ගනු ලබන තීරණ නිවැරැදි ද, එසේත් නොමැති නම් වැරැදි ද යන කාරණාව පිළිබඳ සලකන්නේ අතළොස්සකි. ඒ නිසාම යම් තීරණයක් ගෙන අවසානයේ දී පසුතැවීමට පත් වන බොහෝ දෙනා පිළිබඳ අප නිරීක්ෂණය කර ඇත්තෙමු. උදාහරණයක් ගෙන සාකච්ඡා කරන්නේ නම් සාහසික කි‍්‍රයාවක් වශයෙන් සලකනු ලබන මනුෂ්‍ය ඝාතනය පෙන්වාදිය හැකි ය. කිසියම් වූ හේතුවක් පදනම් කරගෙන ගනු ලැබූ වැරැදි තීරණයේ අවසන් ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය ඝාතනයයි. මෙවැනි ඕනෑතරම් සිද්ධි දාමයන් රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි ශ්‍රව්‍ය‍ දෘශ්‍ය මාධ්‍යයෙන් මෙන් ම පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍යයන්ගෙන් නොයෙක් වර අප ඇස ගැටෙන දසුන් ය. ඇතැම් විට එවැනි මනුෂ්‍ය ඝාතනයකින් අදහස් වන්නේ කුමක් හෝ සුළු සිද්ධියක් නිසා ඇති කරගත් වැරැදි අදහසකි. එය හදිසි කෝපය නිසාවෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් හෝ අපරාධයක් යැයි ද නොයෙක් වර අසන්නට ලැබෙන කරුණකි. එනමුත් මෙම සිද්ධිය විමර්ශනාත්මක ඇසින් බලන්නකුට නම් මෙහි පවතින තීරණ ගැනීමේ වරද දැක ගන්නට පිළිවන. බෞද්ධ සමාජයක ජීවත්වන කෙනකුට නම් විශේෂයෙන් එම විමර්ශනාත්මක භාවය හිමිව ඇත.ඊට හේතුව බුද්ධ දේශනාව වූ කලි සම්මුතියෙන් එපිටට ගොස් එහි පරමාර්ථයන් පිළිබඳ විමසා බලන දහමක් වන බැවිනි. විභජ්ජවාදී දහමක් වශයෙන් බොහෝ දෙනා අතර මෙය ප්‍රචළිතව ඇත්තේ ද එලෙස බෙදා වෙන් කොට විමර්ශනය කරන බැවිනි. පෙර සඳහන් කළ පරිද්දෙන් ගන්නා ලද තීරණය අවසානයේ පසුතැවීමට පත් වන්නට සිදු වේ නම් ඒ තුළ පැහැදිලි වන්නේ ගන්නා ලද තීරණය සාර්ථක නොවන, එසේම නිවැරැදි ද නොවන තීරණයක් වන බවයි. නිවැරැදි තීරණය සැප පිණිසත්, වැරැදි තීරණය දුක් පිණිසත් හේතු වන බව පෙර සඳහන් කළ සංසිද්ධීන්ගෙන් මනාව වැටහේ. පුද්ගලයාට එදිනෙදා ජීවිතයේ දී නිවැරැදි තීරණයක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම බුදු දහම තුළ පෙන්වා දී ඇති බව අවිවාදයෙන් පිළිගත හැකි ය. ඊට කදිම නිදර්ශනාත්මක සූත්‍රයක් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ එන කාලාම සූත්‍රයයි.


බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]