[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

අඳුරු කුටියට නොනිවෙන පහනක් දල්වන්න

සමාජය යනු විවිධ අදහස්, මතවාද ඇති අයගේ එකතුවකි. සමාජය සමඟින්ම ජීවිතය පවත්වනවා විනා ඉන් බැහැරව තනිව ජීවත්වීම අසීරු ය. දම්වැලක් සේ ඔවුනොවුන් එකිනෙකාට බැඳී සිටී. මෙහිදී උගත් – නූගත්, ලොකු – කුඩා, උතුම් - අධම ආදී වශයෙන් නොයෙක් තරාතිරමේ පිරිස් සමඟ එකට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ඇසුරේ දී නොයෙක් දෙනාගේ සත්‍ය වූ හෝ අසත්‍ය වූ හෝ නොයෙක් කරුණු පිළිබඳ තමාගේ සිතට පීඩා ගෙන දෙන වචනයට ක්‍රියාවන්ට ද මුහුණ දෙන්නට සිදුවනු ඇත. සමාජයෙහි කිසිම කෙනකුට තමා නිතර ගැටෙන ලෝකයෙන් හොඳ පමණක් ම දැකීමටත්, ඇසීමටත් නොලැබේ. ගමනක් යන්නට බස් රථයකට ගොඩ වූයේ යැයි සිතන්න. ඇතැම් විට ඒ ගමන අවසන් වීමට මත්තෙන් තමන් අකැමැති, තමන්ගේ සිතට නොරුස්සන කටුක වචන, අනුන්ගේ නොමනා හැසිරීම් ආදී කොතෙකුත් දේ සිදුවිය හැකි ය. ලෝකයෙන් අප වෙත එන එවැනි දුබලකම් නිසා තමන්ගේ සිතට ක්‍රෝධය නංවා, එසේත් නැති නම් චිත්ත සන්තානයෙහි යටපත් වී ඇති ක්‍රෝධය මතුකොට, අනුන්ගේ දුබලකම් අනුව තමා ද වෙනස් වන කෙනකු වූයේ නම් එය මහත් වූ අරගලයකට මුහුණපෑමට හේතුවන්නකි. ඒ වගේ ම කෙනකුගේ පරුෂ වචනයට හෝ මොනයම් ආකාරයකින් චිත්ත දූෂණයට හේතුවන වචන නිසා හෝ නොමනා හැසිරිම නිසා හෝ තමන් කෝපයට පත්ව ඒ ඒ ක්‍රියාවන්ට එකට එක කිරීමටත්, දොස් පවරා ගැනීමටත්, එකට එක කිරීමටත් පෙළඹෙන්නේ නම්, එයින් දෙපාර්ෂවයට ම විපතක් මිස සැපතක්, දියුණුවක් නම් කිසි කාලයක දී සැලසෙන්නේ නැත. “සුනඛයකු පය සපා කෑ විට තමා ඒ සුනඛයාගේ පය සපා කන්නේ නැත.ආක්‍රෝශ පරිභව කිරීම් හමුවේ පහරදීම් හෝ යමකුගේ කෝප සහගත හැසිරීම් හමුවේ තමන් නොකිපීම, පළිනොගැනීම ම නුවණැති පුද්ගලයාගේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද ක්‍රියාවක් ලෙසින් සිතා ඉවසීම පුරුදු පුහුණුූ කරන්නේ නම් ඔවුනොවුන් අතර, අසමගියක්, කළහ කිරීමක්, භේදයක් ඇති නොවනු ඇත. “ඉවසීමෙන් සැනසීම ලැබේ” නම් වූ ආප්තෝපදේශය සිහිපත් කළ හැකි ය. යමකුගේ චිත්ත සන්තානයේ ක්‍රෝධය ඇති කර ගන්නේ නම්, ඔහු තුළ හෝ ඇය තුළ හෝ ඉවසීම ඇති නොවනු ඇත. අඳුරෙහි ආලෝකයක් නැත්තා සේ ය. ක්‍රෝධ සිතිවිලිවලින් පිරුණු සිත අන්ධකාරයෙන් පිරුණු ගෘහයක් වැනි ය. අන්ධකාරයෙන් පිරුණු ගෘහය ආලෝකවත් කිරීමට නම් පහනක් දැල්විය යුතු ම ය. ක්‍රෝධය නමැති අන්ධකාරයෙන් පිරුණු චිත්තසන්තානයෙහි ඉවසීම නමැති පහන දල්වා ආලෝකවත් කිරීමෙන් ක්‍රෝධය නමැති අන්ධකාරය දුරුව මුළු චින්ත සන්තානය ම එළිය වී දීප්තිමත් වන්නේ ය.


බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]