[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගල්ඒදණ්ඩ රාජ මහා විහාරය

කඩවත ගල්ඒදණ්ඩ රාජ මහා විහාරය

අතීතයේ දී, ගල්කණුූ පෙළක් මත ඉදිකරන ලද ඒදණ්ඩකින් එගොඩව මෙම විහාරස්ථානය වෙත යා යුතුව තිබූ බැවින් එය ගල් ඒදණ්ඩ නම් වූ බව කියැවේ.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සහ සතරවැනි සියවස්වලට අයත්, කාවන්තිස්ස රජු විසින් කරවූවා යැයි සැලකෙන මෙම රාජමහා විහාරය සියනෑ කෝරළයේ පිහිටි අතිශය වැදගත් විහාරස්ථානයකි. එම භූමියෙන් හමු වූ සඳකඩ පහනක නටබුන් අද ද එහි දැකිය හැකි ය. ගල්කණු අනුරාධපුර කලා සම්ප්‍රදායට නෑකම් කියන බව හෙළි වී ඇත. ඉන් පසුව වසර සිය ගණනක් තුළ වළගම්බා රජු සහ හයවැනි පරාක්‍රම රජු, සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් ද මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කෙරුණේ යැයි විශ්වාස කෙරේ.

දීර්ඝ කාලයක් තිස්සේ විහාරාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී නාරන්දෙනියේ ප්‍රඥාරාම හිමිපාණන් වහන්සේ මෙම විහාර භූමියේ ප්‍රගතිය උදෙසා කළ මෙහෙවර ඉමහති. වර්තමාන විහාරාධිපතිව වැඩ වසන්නේ ගිරුවාපත්තුව, මාතර, හම්බන්තොට දෙදිසාවෙහි ප්‍රධාන සංඝනායක උල්ලල චන්දිම හිමියෝ ය.

වත්මන් විහාරාධිකාරි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති යටිගල රතනවංශ හිමියෝ ප්‍රදේශවාසීන්ගේ මහත් ගෞරවාදරයට පත්ව සිටිති. විහාර සංවර්ධනය උදෙසා විහාරාධිකාරි හිමිපාණන් වහන්සේගේ නවතම ව්‍යාපෘතිය මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ විහාරය ආශි‍්‍රතව භික්ෂු මධ්‍යස්ථානයක් පිහිටුවීම යි. එය නිර්මාණය කෙරෙනුයේ අධ්‍යාපනික පුහුණුව ලබන ස්වාමින් වහන්සේට සුදුසු ආගමික ආයතනයක් ලෙස ය.

බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]