[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝම ජාතක කතාව ඇසුරිනි

වප් අව අටවක පෝය

 ඔක්තෝබර් 17 සඳුදා
පූර්වභාග 09.31 අව අටවක ලබා
18 අඟහරුවාදා
පූර්වභාග 11.58 ගෙවේ.
 17 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

තුනුරුවන්ගේ අසීමිත ගුණ සිහි කරන මහා පිරුවානා පොත් වහන්සේ

බොදුනුවන් සිය යහපත වෙනුවෙන් දේශනා කර ගනු ලබන මෙම පිරිත් අන්තර්ගත වන්නේ චතුභාණවාර පාලි හෙවත් පිරිත් පොතට ය. මෙහි පිරිත් දේශනා සූත්‍ර නමින් ද, පරිත්ත නමින් ද නම් කොට ඇති ඇයුරු දක්නට හැකි ය. උදාහරණ වශයෙන් මහා මංගල, රතන, කරණියමෙත්ත, මෙත්තානිසංස, මිත්තානිසංස ආදී සූත්‍ර ගණනාවක් සුත්ත නමින් ද, ඛන්ධ, මෝර, චන්ද, සුරිය යන දේශනා ගණනාවක් පරිත්ත නමින් ද පිරිත් පොතෙහි අන්තර්ගත ව පවතී. බණවර සතරකින් සමන්විත වන පිරිත් පොතෙහි මෙම මූලික බණවර හතරට අමතරව පසුකාලීනව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ සූත්‍ර අඩංගු වී ඇත. දරු ප්‍රසූතියට සූදානම් ව සිටින මව්වරුන්ට දේශනා කරනු ලබන අංගුලිමාල සූත්‍රය ඒ අතර ප්‍රමුඛ වේ. මෙම සූත්‍ර සංග්‍රහයට පිරිත් පොත යැයි නම් කොට ඇත්තේ වාචෝද්ගත කිරීම් වශයෙන් පුරුදු කළ යුතු නිසාවෙන් බව “වාචුග්ගතවසෙන පරියාපුණිතබ්බත්තා චස්ස පිරුවාණාපොත්ථකං ඉති වොහාරන්ති සිහළා” යන පාඨයෙන් පැහැදිලි වේ. බෞද්ධ ජනතාව කුඩා අවදියේ සිට පරිහරණය කරනු ලබන පිරිත් පොත මහා පිරුවානා පොත් වහන්සේ නමින් හඳුන්වන්නේ එහි අන්තර්ගත දේශනාවන්හි ශක්තිය, බලය හා තුනුරුවන්ගේ අසීමිත ගුණ අන්තර්ගත වන හෙයින් ඒ පිළිබඳ ඉමහත් ගෞරවයෙනි. මෙහි අන්තර්ගත වන දේශනාවන් මූලික බුද්ධ දේශනාව වර්ගීකරණයට ලක් කොට සැකසූ ත්‍රිපිටකයට ම අයත් සූත්‍ර පිටකයේ අන්තර්ගත සූත්‍ර ඇසුරින් උපුටා ගත් දේශනාවන් ම ය.

ළමාවියේ මවුපිය සෙනෙහස අහිමි වුණොත් අනාගතය ම අඳුරු විය හැකියි

දරු සම්පත මිනිසුන්ට පිහිටවන සම්පතකි. “පුත්තා වත්ථු මනුස්සානං” ලෝකයේ විවිධ සම්පත් වේ. එහෙත් ඒවා දරු සම්පත තරම් නොවටින්නේ ය. ලොව මොන තරම් සම්පත් ඇති නමුත් දරු සම්පත නොමැතිව මානසික පීඩනයන්ට ලක් වූ පිරිස් බොහෝ ය. ලොව සියලු මවුපියෝ දරු සම්පත අගය කරති. එබැවින් කුමන ආකාරයේ දරුවකු ලැබුවත් ඒ දරුවා භාර ගැනීමටට කැමැත්තෙන් පසුවෙති. එහෙත් සෑම මවුපියකුගේ ම බලාපොරොත්තුව වන්නේ කායික හා මානසික වශයෙන් නිරෝගිමත් දරුවකු ලබා ගැනීමට යි. මේ සඳහා නූතන විද්‍යාව තුළින් උපදෙස් ලබා දුන්න ද මීට පෙර නීරෝගිමත් දරුවකු බිහි කර ගැනීමට අනුගමනය කළයුතු උපදෙස් බොහොමයක් බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දී ඇත. නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා මව්පියන් විසින් කාලගුණික, දේශගුණික වශයෙන් යහපත් පරිසරයක් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීමට පෙර පස්මහ බැලුම් ලෙස කාලය, දීපය, දේශය, කුලය, මව ලෙස බලන්නට යෙදුනේ මෙයයි. මෙහි ප්‍රායෝගික තත්ත්වය නම් ශීත කාලයේ දී හෝ උෂ්ණාධික කාලයක දී හෝ දරුවකු බිහි කර ගැනීමට කටයුතු කරන්නේ නම්, දරුවන්ට මෙන් ම මවුපියන්ටත් මහත් පීඩාවක් බවට පත් වෙයි. එබැවින් අතීතයේ දී මවුපියන් දරුවන් බිහි කිරීමට පෙර නක්ෂත්‍රය, කාලය, සෘතුව බලා ආහාර පානාදී පූර්ව අවශ්‍යතාවන් සලකා බලා කටයුතු කළ බව ජාතක පාලියෙහි සඳහන්

හස්ති ගම්වැසි උග්ග ගෘහපති පුරුදු කළ ආශ්චර්ය අද්භූත කරුණු අටක්

සසුන ශෝභමාන කළ, ශ්‍රාවක පිරිස ශෝභමාන කළ උදාර භික්ෂු, භික්ෂුණී ශ්‍රාවක පිරිස ගැන අප බොහෝ කරුණු ඉගෙනගෙන, දැනගෙන, කියවා, අසා තිබෙනවා. ඒ උතුම් පැවිදි පිරිසට කිසිලෙසකවත් සම වන්නට නො හැකි වුවත් ගිහි ජීවිතය ගත කරමින්, බුදුරදුන්ගේ ශ්‍රාවක බවට පත්ව, අඹු දරුවන් පෝෂණය කරමින්, ආශ්චර්ය අද්භූත ගුණ උපදවා ගත් ශ්‍රාවක චරිත උපාසක, උපාසිකාවන් තුළත් බොහෝ හමු වෙනවා. දහම් මඟ දියුණු කර ගන්නට මහන්සි වෙන පිරිසට දහමේ හැසිරීමට තව තවත් වීරිය ඇතිකර ගන්නටත්, ප්‍රීති සිතක් උපදවා ගන්ටත්, මේ ගිහි උපාසක, උපාසිකා ශ්‍රාවක චරිත ගැන දැන ගැනීම ඔබට බොහෝ උපකාරී වේවි. අප සැමට ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් “මහණෙනි, මේ හස්ති ග්‍රාමයේ උග්ග නම් ගෘහපති ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත බව දරා ගන්න.”යි වදාළා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව ම හුනස්නෙන් නැඟිට විහාරයට වැඩම කොට වදාළා.” ඔය භික්ෂු පිරිස අතරේ උන්නු එක් භික්ෂූන් වහන්සේ නමකට උග්ග ගෘහපති මොන වගේ ආශ්චර්ය අද්භූතයන්ගෙන් යුක්තව ඇති දැ”යි දැන ගන්නට ආශාවක් ඇතිවුණා. පසුදින පෙරවරුවේ ඒ භික්ෂූන් වහන්සේ මනාව සිවුරු පොරවා පාත්‍රයත් රැගෙන හස්ති ග්‍රාමයේ උග්ග ගෘහපතිගේ නිවසට වැඩම කළා.

කුරුන්දි ජාතික උරුමයට ඇයි මේ බාධා

කුරුන්දි විහාරය එහෙමත් නැත්නම් කුරුඳුමලේ ගැන අපි මීට පෙරත් කතා කළා. අවාසනාවට අදත් මේ ඓතිහාසික සිද්ධස්ථානය ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඊට එරෙහිව පිරිසක් කටයුතු කරන නිසයි. මුලතිව් කෝකිලායි මාර්ගයේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති කුරුන්දි විහාරය මෙරට එකම කබොක් ස්තූපය බවට සැලකෙනවා. ඒ බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ද තහවුරු කර තියෙනවා. 1933 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නාගචෝලේ රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද්දේ එහි ඇති ඓතිහාසිකත්වය නිසයි. සේරුවාවිල විහාරස්ථානය අපට දායාද කළ දඹගස්ආරේ මේධංකර හිමියන් විසින් කුරුන්දි විහාරය ගැන පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. කුරුන්දි විහාරය අයත් භූමි භාගය 80 දශකයේ දී නියමිත පරිදි හඳුනා ගැනීමෙන් පසු එය සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළා. එහෙත් පසුව ඇති වූ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා ඒ සියල්ල පසුවට නතර කර දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වුණා. යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්දි විහාරයීය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළත් ප්‍රතිපාදන නොමැති වීම නිසා ගැටලුවකට මැදි වන්නට ඔවුන්ට සිදුවුණා. එහෙත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ලබා දුන් මුදල් ප්‍රතිපාදන නිසා එහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නට හැකි වීම භාග්‍යයක් බව පෙන්වා දිය යුතුයි.

වප් අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]