[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

විද්‍යාලංකාර ශාස්ත්‍ර නිකේතනයේ මහගෙදර රත්මලාන පුරාණ විහාරය

විද්‍යාලංකාර පිරුවනෙහි මෙන්ම රත්මලානේ ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාරකාරත්වය යටතේ පැවති රත්මලාන පුරාණ විහාරය ඇතුළු සෙසු විහාරස්ථාන සම්ප්‍රදායානුකූලව ස්ථිර කර ගැනීම සඳහා වර්ෂ 1918 සැප්තැම්බර් මස 21 වැනි දා උයන්වත්තේ කීර්ති ශ්‍රී ධම්මදින්න ශ්‍රී රේවතාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනාක ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සම පනසක් පමණ වූ ශිෂ්‍ය පිරිස සහිත සංඝ සභාවක් පවත්වා තිබේ. එහිදී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස සියලු දෙනා වහන්සේ ඉදිරියේ සියලුදෙනා වහන්සේගේ සමානඡන්දයෙන් සම්මුති පත්‍රයක් සකස් කොට අත්සන් තබා ස්ථිර කරවා ගෙන ඇත. රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාරකාරත්වය යටතේ පැවති විහාරස්ථාන ඇතුළු සියලු ස්ථානත්, සියලුම භික්ෂු පිරිසත් මේ සම්මුති පත්‍රයෙහි සඳහන් කර ඇත. එහි සඳහන් සෑම ස්ථානයක් පිළිබඳවමත්, ඒ ඒ ස්ථානවල අධිකාරී බලයට ඒ ඒ ශිෂ්‍යයන් පත් කොට ඇති ආකාරයත් මෙහි අන්තර්ගතව තිබේ. එසේම ඒ සංඝ සභාවෙන් සමානඡන්දයෙන් සම්මත වූ ඒ සියලුම විධි විධානයන් තමන් වහන්සේ සියලුදෙනා සාදරයෙන් පිළිගත් බවට ද, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අත්සන් කර සහතික වී තිබේ. එම සම්මුති පත්‍රයෙහි අවසානයේ දී එදින රැස් වූ සම පනසක් වූ එම මහා සංඝ සභාව විසින් සමානඡන්දයෙන් සම්මත කරන ලද එකී විධි විධානයන් තමන් වහන්සේ ඉදිරිපිට දී ස්ථිර කර ගත් බව සහතික කරමින් උයන්වත්තේ කීර්ති ශ්‍රී ධම්මදින්න ශ්‍රී රේවතාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේත්, ශ්‍රී මහා විහාර වංසාලංකාර විමලකීර්ති ශ්‍රී ඉන්ද්‍රජොත්‍යාභිධාන නායක ස්ථවිරයන් වහන්සේත් අත්සන් කර ඇත. එම සම්මුති පත්‍රයෙහි එකී පත්කිරීම සම්බන්ධව මෙසේ සඳහන් ව තිබේ.

වප් අව අටවක පෝය

 ඔක්තෝබර් 17 සඳුදා
පූර්වභාග 09.31 අව අටවක ලබා
18 අඟහරුවාදා
පූර්වභාග 11.58 ගෙවේ.
 17 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]