[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තුනුරුවන්ගේ අසීමිත ගුණ සිහි කරන මහා පිරුවානා පොත් වහන්සේ

බොදුනුවන් සිය යහපත වෙනුවෙන් දේශනා කර ගනු ලබන මෙම පිරිත් අන්තර්ගත වන්නේ චතුභාණවාර පාලි හෙවත් පිරිත් පොතට ය. මෙහි පිරිත් දේශනා සූත්‍ර නමින් ද, පරිත්ත නමින් ද නම් කොට ඇති ඇයුරු දක්නට හැකි ය. උදාහරණ වශයෙන් මහා මංගල, රතන, කරණියමෙත්ත, මෙත්තානිසංස, මිත්තානිසංස ආදී සූත්‍ර ගණනාවක් සුත්ත නමින් ද, ඛන්ධ, මෝර, චන්ද, සුරිය යන දේශනා ගණනාවක් පරිත්ත නමින් ද පිරිත් පොතෙහි අන්තර්ගත ව පවතී. බණවර සතරකින් සමන්විත වන පිරිත් පොතෙහි මෙම මූලික බණවර හතරට අමතරව පසුකාලීනව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ සූත්‍ර අඩංගු වී ඇත. දරු ප්‍රසූතියට සූදානම් ව සිටින මව්වරුන්ට දේශනා කරනු ලබන අංගුලිමාල සූත්‍රය ඒ අතර ප්‍රමුඛ වේ. මෙම සූත්‍ර සංග්‍රහයට පිරිත් පොත යැයි නම් කොට ඇත්තේ වාචෝද්ගත කිරීම් වශයෙන් පුරුදු කළ යුතු නිසාවෙන් බව “වාචුග්ගතවසෙන පරියාපුණිතබ්බත්තා චස්ස පිරුවාණාපොත්ථකං ඉති වොහාරන්ති සිහළා” යන පාඨයෙන් පැහැදිලි වේ. බෞද්ධ ජනතාව කුඩා අවදියේ සිට පරිහරණය කරනු ලබන පිරිත් පොත මහා පිරුවානා පොත් වහන්සේ නමින් හඳුන්වන්නේ එහි අන්තර්ගත දේශනාවන්හි ශක්තිය, බලය හා තුනුරුවන්ගේ අසීමිත ගුණ අන්තර්ගත වන හෙයින් ඒ පිළිබඳ ඉමහත් ගෞරවයෙනි. මෙහි අන්තර්ගත වන දේශනාවන් මූලික බුද්ධ දේශනාව වර්ගීකරණයට ලක් කොට සැකසූ ත්‍රිපිටකයට ම අයත් සූත්‍ර පිටකයේ අන්තර්ගත සූත්‍ර ඇසුරින් උපුටා ගත් දේශනාවන් ම ය.


වප් අව අටවක පෝය

 ඔක්තෝබර් 17 සඳුදා
පූර්වභාග 09.31 අව අටවක ලබා
18 අඟහරුවාදා
පූර්වභාග 11.58 ගෙවේ.
 17 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]