[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පින් පිරෙන ලෙස පින් කරන හැටි

න වෙ කදරියා දෙවලොකං වජන්ති - බාලා භවෙ නප්පසංසන්ති දානං - ධීරො ච දානං අනුමොදමානො - තෙනෙව සො හොති සුඛී පරත්ථ, අපට ලබා ගත හැකි උසස් ම සැපත නිවන් සුවය යි. එය උදා කර ගැනීම සඳහා අපේ ප්‍රඥාව වැඩි දියුණු කර ගත යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙහි යෙදෙමින් දිගු කලක් සසර සැරි සරන අතර, කර ගත යුතු ප්‍රධාන කාර්යයක් ඇත. එනම් නිවන් දකින තුරු දුගතියකට නො වැටී තාවකාලික සැප ඇති තැනක උපත ලබා ගැනීම යි. බුදු දහමෙහි ත්‍රිවිධ කුසල්, සතර සංග්‍රහ වස්තු, දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා ආදී බොහෝ ගුණ ධර්ම දැක්වීමේ දී පළමුව සඳහන් කොට ඇත්තේ දානය හෙවත් පරිත්‍යාග කිරීමේ අගය යි. එයට ප්‍රධාන හේතුව අපට සදාකාලික සැපත ලබා ගැනීමට තදබල බාධකයක් වනුයේ අප තුළ ඇති තෘෂ්ණාව යි. එය ගෙවා දමා නැති කිරීමට පරිත්‍යාග කිරීම අත්‍යවශ්‍ය ය. මේ අනුව එක් අතකින් නිවන් සුව ලබා ගැනීමටත්, තවත් පැත්තකින් ඒ උතුම් සුවය උදා කර ගන්නාතුරු සතර අපායට නො වැටී දෙව්, මිනිස් සැප ලබා ගැනීමටත් ප්‍රධාන වශයෙන් දානය හේතු වන බව ධර්මය මඟින් පෙන්වා දී ඇත. තද ආශාවෙන් පෙළෙන අය මොනතරම් බලාපොරොත්තු ඇතුව සිටියත් කිසිකලෙක දෙව් ලොවට යා නොහැකි බවත්, නූගත් අය කිසිදාක පරිත්‍යාග කිරීමේ අගය ප්‍රකාශ නො කරන බවත් ඉහත සඳහන් ගාථාව පෙන්වා දෙයි. එසේ ම බුද්ධිමත් තැනැත්තා දානයෙහි අගය වටහා ගන්නවා පමණක් නොව ඒවායෙහි පින් ද අනුමෝදන්ව පරලොව සැප විඳින්නකු බවට පත්වන බව තවදුරටත් එම ගාථාව පැහැදිලි කර දෙයි. යමක් දීමේ සිතිවිල්ලක් ඇති වූවත් ඒ කෙරෙහි ලෝභ සහගත හැඟීමක් පහළ වූවොත් එම පරිත්‍යාග චේතනාවෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි නොවේ. ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන අපුත්තක සිටාණන් මෙයට හොඳ නිදසුනකි.


වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]