[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ලක්දිව එළිය කළ අනුබුදු මිහිඳු හිමි සිහිකර වඳිමු ගුණ කඳ සැදැහෙන් නිතිනී

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අප සිරිලකට දායාද කොට වදාළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ පිරිනිවන් පා අදට වසර 2282 ගත වී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. එදා අප ගෞතම බුදුසසුනේ වැඩ සිටි මහානුභාව සම්පන්න මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තුන්වැනි ධර්ම සංගායනාව සිදු කෙරිණි. ඉන්පසු රහතන් වහන්සේලා රට රටවලට ධර්ම ප්‍රචාරය සඳහා යැවීමට තීරණය විය. එහිදී මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේට වදාළේ “ඔබ වහන්සේ ලංකා දීපයට වැඩම කොට ගෞතම බුදු සසුන පිහිටුවීමට උපකාරී වන්නැ'යි” යනුවෙනි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ තැන ලක්වැසි අපට අමා දහම් වස්වනු පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේ ප්‍රමුඛ කොට සෘද්ධිමත් සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත් සමඟ එ දවස පොසොන් පෝ දිනක සිරිලකට වැඩම කළ සේක. අධර්මයෙන් මිනිසුන් මුදවා, ධර්මයේ පිහිටුවීමේ මූලික අභිප්‍රායයෙන් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මදූත මෙහෙවර ආරම්භ කළහ. උන්වහන්සේ දෙවනපෑතිස් රජුලවා මහා විහාරය කරවූහ. දෙවනුව මිහින්තලේ සෑගිරියත්, තෙවනුව ථූපාරාම සෑරදුන් වහන්සේත් ඉදිකර වූහ. සිව්වනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වූ අතර පස්වනුව රුවන්මැලි මහ සෑ රදුන් වහන්සේ ඉදිවන ස්ථානයේ ගල්ටැඹ පිහිට වූ සේක. සයවනුව ඉසුරුමුණි විහාරය මෙන්ම පඨමක චේතියත්, වෙස්සගිරිය විහාරයත් කරවීමට අනුශාසනා කළ සේක. එදා පටන් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අපට උරුම විය.


වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]