[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

දම්සක් දෙසුමෙන් ලොවම පුබුදු කළ ඇසළ පෝදා

ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල්වන සිදුවීම් අතර වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුද්ධ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේ ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන් ගේ මානය මර්ධනය කරනු වස් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන කරුණු ප්‍රධාන ය. ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේ සැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය සිදුකිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදුකිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

 

ධර්ම දේශනාව:

දියුණුවට කැමැති නම් මේ ප්‍රතිපදා පුරුදු කරන්න

දානඤ්ච පෙය්‍ය වජ්ජඤ්ච - අත්ථ චරියාච යා ඉධ - සමානත්තාච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං, රජදරුවන්, නායකයන්, මව්පියන්, ආයතන ප්‍රධානීන් ආදී පිරිස වෙත බුදු පියාණන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද සංග්‍රහ කිරීම් හතරක් වෙති. දානය, ප්‍රියවචන, අර්ථචර්යා සහ සමානාත්මතාවයි. ජනතාවගේ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය දිනා ගන්නට සතරාකාර සංග්‍රහයක් පුරුදු පුහුණු කළ යුතු ම ය. යම් කිසි සමාජයක, ප්‍රදේශයක, රටක මෙකී කාරණා නො පවත්නේ නම්, එම රට තුළ හෝ ප්‍රදේශය තුළ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය නොපවතී. එවිට එම රට හෝ සමාජය පරිහානියට පත් වේ. දාන යනු නිර්ලෝභීව යම් යම් දේ ප්‍රදානය කිරීමය. ප්‍රිය වචනය, සුමුදු ප්‍රසන්න කතාබහ ය. අර්ථචර්යා යන්නෙන් අවශ්‍ය පරිදි උපකාර කිරීම ද, සමානාත්මතා යන්නෙන් තමා හා සම තත්ත්වයෙහි ලා සැලකීම ද අදහස් වෙයි. ජනතාවට මෙම කරුණු සතරෙන් සංග්‍රහ කරන්නන් අතර හත්ථාලවක කුමරු අග්‍රගණ්‍ය බව බුදු පියාණන් වහන්සේ වදාරා තිබේ. මේවා යෙදිය යුත්තේ අවිචාරයෙන් නොව විචක්ෂණ බුද්ධියෙන් යුතුව, ස්ථානෝචිත ව බව ද පෙන්වා දී ඇත.බෞද්ධයකු විසින් වැඩිය යුතු වූ, සාමාජික වශයෙන් වැදගත් වන සාධු ධර්ම සතර සංග්‍රහ වස්තුවලට අයත් වේ. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් චර්යාමය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු මඟිනි.

 

ඇසළ සඳමඬල දුටු අසිරිමත් ම සිදුවීම

සුදුඇත් පැටවකු සුදු පියුමක් සොඬින් දරාගෙන විත් මායා දේවි සැතපී සිටින යහන වටා තෙවරක් ඇවිද දකුණැලයෙන් ඈ කුසට ඇතුළු වූ බවක් එදා මහමායා දේවියට දැනුණි. ධ්‍රත්‍රරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ සිවරම් දෙව්රජ දරුවෝ දේවි තොමෝ සැතපී හුන් යහන පිටින් රැගෙන හිමාලයට ගියෝ ය. දෙව්රදවරුනගේ අගමෙහෙසියෝ විත් අනෝතත්තවිලෙන් දේවිය නහවා, දිවමල් සුවඳ ගල්වා දිවමල් ඇතිරූ යහනක ඇය සැතපවූහ. ධවල පංකජයක් සොඬෙහි රැඳි හස්තිපෝතකයා දේවිය කුසට ප්‍රවිෂ්ට වූයේ අනතුරුව ය. එදා ඇසළ පුනු පොහෝ දා සුපින්වත් මහා මායා දේවිතොමෝ මහ දන් දී පෙහෙවසින් දවස ගත කළා ය. මෙබඳු පුණ්‍ය කර්මයන්හි නිරතවැ නින්දට ගිය ඈ නොවූ විරූ නොදුටු ස්වප්නයක් දුටුවා ය. එදා මහ බෝසත් තුමන් තුසිත දෙව්ලොවින් චුත මනු ලොව මයා දේවි මව්කුස පිළිසිඳ ගැනීම සිදු විය. එදින පෑයූ ඇසළ සඳ මේ විස්මිත අසිරිමත් සිදුවීම මොනවට දැක බලා ගත්තා. සතර පෙරනිමිති දැක, ගිහිගෙය කළකිරී අනවරාග්‍රසංසාරඕඝයෙන් එතෙරවැ අනන්තාපරිමාණ සත්වග ද දුකින් මුදවන්නෙ යන දෘඪ උත්තුංග අදහස සිත්හි දරා පාදපරිචාරිකා යශෝධරා දේවිය ද, එදා ම උපන් සුපින්වත් රාහුල කුමරු ද බලා සමුදී අප්‍රමාණ පීතෘ ස්නේහයෙන් නිදි සුව විඳිමින් හුන් සුදොවුන් මහරජ පායුග නැමැද ලෝකාර්ථය උදෙසා නික්මෙමි’යි සත්වග පිහිට පතා ගිහිගෙන් පිටත් වෙමියි සිතා මහ බෝසත්හු ඡන්න ඇමතියා සමඟින් කන්ථක අසුපිට නැඟී ඇසළ සඳ මඬලේ එළිය සිප ගනිමින් දොළොස් යොදුන් මඟ ගෙවා අනෝම ගංතීරයට පැමිණියේ ය.

 

නැතිබැරිකමට ධාර්මික උත්සාහයෙන් පිළියම් සොයමු

ලොව මිනිසුන් මෙකල මුහුණපාන ලොකුම ගැටලුව නැති බැරිකම සහ එයින් උපදනා වූ මානසික අසංතෘප්තභාවය හෙවත් දොම්නස යි. නැතිකම බහුල වූ විට දුප්පත්කම ප්‍රබල වේ. මිනිසුන්ට නැතිකම් හෙවත් දුප්පත්කම් ඇතිවීමට රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ප්‍රමුඛ ලෙස හේතුවන අතර ඊට අමතරව පෞද්ගලික වශයෙන් පවතින කම්මැලිකම, වැඩ කටයුතුවල අසංවිධානාත්මක බව හා අදූරදර්ශී බව යනාදී කාරණා ද බලවත් ලෙස හේතුවන බව අමතක නොකළ යුත්තකි. නැතිකම හැරුණු විට මිනිසුන් තුළ පවතින බැරිකමට ඉහත කී කරුණු පසුබිම් වන අතර, වයසට යාම, ලෙඩවීම, නූගත්කම, අලසකම හා වුවමනාවක් නොමැතිකම යනාදී හේතු ද බලපායි. කෙසේ වෙතත් නැතිකම හා බැරිකම යනු රටකට නිමක් නැති උග්‍ර ප්‍රශ්න රාශියක් උද්ගත කරවයි. කෙසේ වෙතත් අවසානයේ දී නැති බැරිකම යනු පවුල් ගැටලුවක් හා සමාජ අර්බුදයක් බවට පත්වේ. බුදුන් වහන්සේ භාරතීය සමාජයේ එවකට පැවති මෙම තත්වය පිළිබඳ මැනවින් දැන සිටියහ. එහෙයින්ම උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් රාශියක් බණ දහමෙහි සඳහන් වේ. ගැටලුවක් ඇතිවීමේ දී එය අවබෝධාත්මකව විශ්ලේෂණය කොට, ඊට විසඳුම් සෙවීම බෞද්ධ පිළිවෙත යි. ගැටලුවක් උපන් කල එහි සමාජමය පසුබිම විශ්ලේෂණය කරමින් විවේචනය කිරීමට ඉක්මන් වීමට වඩා එය හුදු පෞද්ගලික ක්‍රියාවලියක් ලෙස හඳුනාගැනීමට උත්සාහ කිරීම වඩා යෝග්‍යය. ඊට හේතුව වන්නේ සමාජයක් යනු පුද්ගලයන්ගේ සාමූහික එකතුවක් වන හෙයිනි. වෙනත් විධියකින් කිවහොත් පුද්ගලයාගෙන් තොරව සමාජයක් බිහි නොවන බැවිනි. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ පරිදි මුලින් ම අප මුහුණ දෙන ගැටලුක් ඇති බව තේරුම්ගත යුතුයි. ඉන්පසු එම ගැටලුවට හේතුව ඉතා බුද්ධිමත්ව වටහා ගැනීම අවශ්‍ය වේ.

ඇසළ පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]