[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6 - 7 සීල සමාදානය, 7 - 7.30 තෙරුවන් වන්දනාව 8 .15 – 10.00 භාවනාව, 10.00 – 11.00 ධර්ම දේශනය, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.00 ධර්ම දේශනය කිරිබත්ගොඩ ධම්මධජ හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය හසලක සුමිත්ත හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වල ධම්මසති හිමි

****

හම්බන්තොට සිංහගිරි විහාරය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, 7.00- කිරි ආහාර බුද්ධ පූජාව - මාමඩලේ මුදිත හිමි, 8.00 - ධර්ම දේශනාව - රන්දියගම ධම්මරතන හිමි, 9.00 භාවනාව - හීන්බුන්නේ නාගිත හිමි, 10.00 බුදුගුණ සජ්ඣායනාව - නුගේකන්දේ මංගල හිමි, 11.00 දහවල බුද්ධ පූජාව - හම්බන්තොට සමාධි හිමි, පස්වරු 1.00 අභිධර්ම දේශනාව - ධර්මාචාර්ය නිමේෂ් බණ්ඩාර , 2.30 ධර්ම සාකච්ඡාව - ධර්මාචාර්ය ඩබ්. ඒ. විජේදාස, 3.30 - ගිහි විනය දේශනය - විජේසිංහ කෝංගල ආරච්චි, 5.00 - කවි බණ - ඕපනායක සිරි සුජාත හිමි, 6.00 - බෝධි පූජාව - මැදමුලනේ සුමේධ හිමි, 7.00 වස් ආරාධනා පින්කම, රාත්‍රි 8.00 - දම්සක් පැවතුම් සූත්‍රය - විතාරන්දෙණියේ වජිර හිමි,

****

වස් ආරාධනා පින්කම

සීදුව - රද්දොළුව ශි‍්‍ර අමර මහා විහාරයේ 2022 වසරේ වස් ආරාධනා කිරීමේ පින්කම විහාරාධිපති, කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංස හිමි ගේ උපදෙස් පරිදි පෞරාණික චාරිත්‍රානුකූල පිළිපදිමින් උදාර අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වසර ආරාධනා පින්කමේ ප්‍රධාන දායකත්වය රද්දොළුව ලාහුවල පදිංචි නිශාන්ත ගුරුගේ මහතා සහ පි‍්‍රයානි ගුරුගේ මිය දරණ අතර සියලු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

ඇසළ පුන් පෝදා දින විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, කම්මට්ඨානාචාර්ය මීවැල්ලෑවේ පඤ්ඤාතිස්ස හිමි, මොණරාගල සෝමසාර හිමි ප්‍රධාන මහා සංඝ රත්නයට වස් ආරාධනා කිරීමට නියමිත ය.

****

නේත්‍රා පින්කමක්

මාතර කුඹුල්ගම ශි‍්‍ර විජය සුන්දරාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද සැතපෙන බුදු පිළිම වහන්සේගේ නේත්‍රා තැබීමේ පින්කම මේ මස 13 වැනිදා පෝදා අලුයම 4.00ට යෙදෙන සුබ මොහොතින් සිදු කරන බව විහාරාධිපති පණ්ඩිත කුඹල්ගම ධම්මානන්ද හිමි සහ විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රපති කුඹල්ගම සුසීම හිමිවරු දන්වා සිටිති.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

පුර පෝ දින අළුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ , අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර ප්‍රත්‍රා 32 ක් පූජා කිරීම, අලුයම 5.30 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, උදේ 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.30 - 8.30 ධර්ම දේශනාව – ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 8.45 - 9.30 ධර්ම දේශනාව- ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත හිමි, 9.45 - 11.00 ධර්ම සාකච්ඡාව - කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ. ඒ. එස්.ආර්. දයානන්ද මහතා, ධර්මාචාර්ය කේ.එම්. ආර්. කුමාරසිංහ මහතා, ඇතුලු වියතුන් සහභාගි වෙති. 11.00 ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පූජා කිරීම, 12.00 - 12.30 - සක්මන් භාවනාව, 1.30 - 2.30 කාව්‍යමය ධර්ම දේශනාව – ශාස්ත්‍රවේදී රන්වල සරණසිරි හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, 5.00 වස් ආරාධනා පින්කම.

****

තලවතුගොඩ - සංඝමිත්තාරාමය

අලුයම 05.30 ට අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකා උදෙසා පවත්වනු ලබන ක්ෂීරපායාස පූජාව සහ බෝධි පූජාව පෙරවරු 6.00 සිට 7.00 ශීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 සිට 9.00 දක්වා, ධර්ම දේශනාව ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී පණ්ඩිත වල්ගම සුමන හිමි, 9.30 සිට 10.30 ධර්ම දේශනාව, මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය කැලණියේ අජිත හිමි, 10.45 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 සිට 01.30 දක්වා දම්සක් පැවතුම් දේශනය, 3.00 සිට 4.00 ධර්ම දේශනාව - ගොතටුව චන්දන විහාරාධිපති පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.30 සිට 5.30 ධර්ම දේශනාව - මහරගම සිරිවජිරඤාණවාසී පණ්ඩිත මහින්ද හිමි, සවස 6.00 අටවිසි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවිකා වහන්සේ උදෙසා පවත්වනු ලබන ගිලන්පස පූජාව සහ බෝධි පූජාව.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 13 වැනි දිනට යෙදෙන ඇසළ මස පුරපසළොස්වක පෝය දා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී වස් ආරාධනාව සමඟ පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 08.30 ට ධර්ම දේශනාව වෙල්ගම ශ්‍රී සුභික්ෂාරාම මහා විහාරාධිපති, පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත කෙසෙල්හේනාවේ ශ්‍රී වාචිස්සර නාහිමි, 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජා වන්දනාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.30 ට භාවනාව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 04.30 ට මෙම වසරේ වස් ආරාධනා පින්කම පැවැත්වේ.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව දළුගම සමිතඥාන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 5.00 - 6.00 වස් ආරාධනාව පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිගේ ප්‍රධානත්වයෙන්, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇතිමලේ සීලානන්ද හිමි.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]