[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බොදු දන සිත් සුවපත් කරවන ශ්‍රී කරුණාරත්න බෞද්ධ මධ්‍යස්ථානය

නාරම්මල - රණාවත්ත දඹේ පදිංචි පී.ඩී. කරුණාරත්න උපාසක උපාසිකා මහතා සහ එම බිරිඳ එස්.ඩී .චන්ද්‍රලතා මහත්මිය ඇතුළු දරුවන් පස් දෙනා ජීවත් වූ නිවස සහිත අක්කර තුනක පමණ භූමි භාගය“ ශ්‍රී කරුණාරත්න බෞද්ධ මධ්‍යස්ථානය “ නමින් සඟ සතු කොට සම්බුද්ධ ශාසනයට පූජා කර ඇත. මේ උතුම් සත්ක්‍රියාව කර ඇත්තේ 2005 ජූලි මස 21 වැනි දිනය දී ය. අද වන විට 70 වැනි වියේ පසු වන කරුණාරත්න මහතා සිය පෞද්ගලික ධනය වැය කර ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෝගය ඇති ව මේ පින් බිමේ චෛත්‍යය, දර්ශනීය සිතුවම් සහිත විහාර මන්දිරය, අගතිකාමී ක්‍රියාවලින් විපාක ලැබෙන මූර්ති නිර්මාණ ඇතුළත් අපාය , සුගතිකාමී ක්‍රියාවලින් සැප සම්පත් ලබන ආකාරය කියන “දිව්‍ය ලෝකය”, විෂ්ණු දේවාලය, ආදිය විහාරස්ථානය තුළ ස්ථාපිත කරමින් සැදැහැවත් බොදු ජනයා වන්දනාමානයට සේ ම පව් පින් පිළිබඳ අවබෝධය ලබා දීමට කටයුතු කොට ඇත. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ සිට වැඩම කරවන ලද ශ්‍රී ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කර ඇත. දාන ශාලාව සහිත දෙමහල් නව සංඝාවාස ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පවතී. ප්‍රදේශයේ පවුල් 78කින් සමන්විත දායක සභාවක් ක්‍රියාත්මක වේ.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]