[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දියුණුවට කැමැති නම් මේ ප්‍රතිපදා පුරුදු කරන්න

දානඤ්ච පෙය්‍ය වජ්ජඤ්ච - අත්ථ චරියාච යා ඉධ - සමානත්තාච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං, රජදරුවන්, නායකයන්, මව්පියන්, ආයතන ප්‍රධානීන් ආදී පිරිස වෙත බුදු පියාණන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද සංග්‍රහ කිරීම් හතරක් වෙති. දානය, ප්‍රියවචන, අර්ථචර්යා සහ සමානාත්මතාවයි. ජනතාවගේ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය දිනා ගන්නට සතරාකාර සංග්‍රහයක් පුරුදු පුහුණු කළ යුතු ම ය. යම් කිසි සමාජයක, ප්‍රදේශයක, රටක මෙකී කාරණා නො පවත්නේ නම්, එම රට තුළ හෝ ප්‍රදේශය තුළ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය නොපවතී. එවිට එම රට හෝ සමාජය පරිහානියට පත් වේ. දාන යනු නිර්ලෝභීව යම් යම් දේ ප්‍රදානය කිරීමය. ප්‍රිය වචනය, සුමුදු ප්‍රසන්න කතාබහ ය. අර්ථචර්යා යන්නෙන් අවශ්‍ය පරිදි උපකාර කිරීම ද, සමානාත්මතා යන්නෙන් තමා හා සම තත්ත්වයෙහි ලා සැලකීම ද අදහස් වෙයි. ජනතාවට මෙම කරුණු සතරෙන් සංග්‍රහ කරන්නන් අතර හත්ථාලවක කුමරු අග්‍රගණ්‍ය බව බුදු පියාණන් වහන්සේ වදාරා තිබේ. මේවා යෙදිය යුත්තේ අවිචාරයෙන් නොව විචක්ෂණ බුද්ධියෙන් යුතුව, ස්ථානෝචිත ව බව ද පෙන්වා දී ඇත.බෞද්ධයකු විසින් වැඩිය යුතු වූ, සාමාජික වශයෙන් වැදගත් වන සාධු ධර්ම සතර සංග්‍රහ වස්තුවලට අයත් වේ. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් චර්යාමය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු මඟිනි. අභ්‍යන්තර හා මානසික හෙවත් සිතිවිලි චර්යාමය අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින ප්‍රතිපෝෂණ හා අන්තර් ක්‍රියා පටිපාටියක් ඇති බව බුදුදහම පිළිගනියි.සතර සංග්‍රහ වස්තූන්ට අයත් පළමුවැනි සංග්‍රහය ලෙස සැලකෙන්නේ දානය යි. උපභෝග පරිභෝග වස්තූන් මෙන් ම දැනුම, ශ්‍රමය වැනි පුද්ගලයකුට අයත් කවර දෙයක් හෝ වේවා අනුන්ගේ ප්‍රයෝජනය සඳහා කැප කිරීම බුදු දහමේ දානය හෙවත් පරිත්‍යාගය ලෙස සැලකේ.


ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]