[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින් ප්‍රතිනිර්මාණය කෙරුණ වගයි

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියට, ලක්දිව බිහි වූ රාජධානි අතර සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒ වගේ ම ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, සමාජයීය මෙන් ම දේශපාලනික ක්ෂේත්‍රවල සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු වූ රාජධානියක් ලෙස වැදගත් වේ. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස ද සැලකේ. මේ සියලු කි‍්‍රයාදාමයන්ට මූලික ලෙසින් ම බලපෑවේ රාජ්‍ය පාලකයා සහ මහා භික්ෂු පරපුර අතර පැවැති සහසම්බන්ධතාව යි. ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ඓතිහාසික සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම ද එබඳුම රාජ්‍ය අනුග්‍රහයක් දැක්වීමක් ලෙස පැවසිය හැකි ය. උපෝසථාගාරය ප්‍රතිනිර්මාණ කටයුත්තේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්‍ වෙත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ ස්තූතිය ප්‍රකාශ කිරීම 2022 ජනවාරි 02 වැනි දින
ප.ව. 4.00 ට කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ දී සිදු වේ. ඒ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.


උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]