[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමි, බෞද්ධ අධ්‍යයනාංශයේ පීඨාධිපති දම්පේ විජිතරතන හිමි සහ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල, ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් යන මහත්වරු සමාරම්භක උත්සවයේ දී.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් බෞද්ධ නීති දර්ශනය පිළිබඳ නව අධ්‍යයන අංශයක්

භූතාන රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණයේ නායකත්වය ගෙන කටයුතු කළ එවකට අගවිනිසුරු සෝනාම් ටොබ්ගුයි විනිසුරුතුමා “බෞද්ධ දර්ශනය සොයා ගැනීමේ අරමුණින්, පැලවත්තේ සීවලී ස්වාමින් වහන්සේගේ නායකත්වය යටතේ “බෞද්ධ දර්ශනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ඉන්දියාවේ බරණැස් නුවර (වර්නාසියේ) දී වර්ෂ 2013 පෙබරවාරි මස 15, 16 දිනයන්හි පවත්වන ලදී. ඒ අනුව වර්ෂ 2014 මැයි මස 10,11 දින ශී‍්‍ර ලංකාවේ දී නීති ‍ක්ෂේත්‍රයේ සහ බෞද්ධ ක්ෂේත්‍රයේ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දි “බෞද්ධ නීති දර්ශනය” නමින් සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහි මුඛ්‍ය දේශනය “සෝනාම් ටොබ්ගයි විනිසුරුතුමා විසින් පවත්වන ලදී. එහි දී විවිධ මාතෘකා ඔස්සේ විද්වතුන් 28 දෙනෙක් විසින් දේශන පවත්වන ලදහ. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් හා විනිසුරු සෝනාම් ටොබ්ගයි භූතාන රාජ්‍යයේ දී “බෞද්ධ නීති දර්ශනය” පිළිබඳ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බෝදාගම චන්දිම හිමියන් හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා එහි බෞද්ධ නීති දර්ශනය පිළිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙස පත්කරනු ලැබීය. ඒ අනුව සෙනෙට් සභාව සහ පාලක සභාවේ අනුමැතිය සහිතව වර්ෂ 2021 දෙසැම්බර් මස 20 වන දින ප්‍රථම බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ‍නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ජනගත කරනු ලැබීය.‍‍


උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]