[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති. අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ. මෛත්‍රිය යනු වෛර නොකිරීමයි. තරහ නොවීමයි. නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කිරීමයි. සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි. තමන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට ම ඉහත දැක් වූ ආකාරයට යහපත පැතීම මෛත්‍රියයි. තම යහපත අපේක්ෂා කරනවා මෙන්ම අන්‍යයන්ගේ ද යහපත අපේක්ෂා කිරීම උදාර මිනිස් ගුණාංගයකි. බොහෝ විට මිනිසුන් මානසිකව පීඩා විඳින්නේ තමා පිළිබඳ සිතා නොව අන්‍යයන්ගේ සැපත සතුට දැක ඒ පිළිබඳ ඇති කර ගන්නා අතෘප්තිකර හැඟීම් නිසා ය. මෙ නිසා සැම විටම සියලු දෙනාගේ ම දියුණුව දැක ඊර්ෂ්‍යාව නුපදවාගෙන ඔවුන්ගේ සතුට සැනසුම පිළිබඳ සොම්නසින් මෛත්‍රියෙන් කටයුතු කිරීම නිසා තෘප්තිමත් හැඟීමෙන් සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමට මඟ පෑදෙයි.


උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]