[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුරු සේනාව දිනාගැනීමේ සැලසුමක්

දුටුගැමුණු මහ රජතුමා 54 කොටස:

සතුරු සේනාව දිනාගැනීමේ සැලසුමක්

“මට තොප කෙරෙහි විශ්වාසය තැබිය නොහැකියි. නමුත් තොපට දිය යුතු දඬුවම තීරණය කිරීම සඳහා වේළුසුමන මහසෙනෙවිතුමාට භාර දෙනවා. හෙට දවස තොපට අත්අඩංගුවේ සිටින්නට සිදුවේවි. අපේ වෙනත් සෙනෙවියකු දුටුවහොත් ඔබට අත්වන්නේ මරණයයි .”

“හොඳයි, මම ඔබේ අත්අඩංගුව යටතේ ඉන්නම් “

පසුදා උදෑසන සියලු ආරක්ෂක සේනාංක පෙළ ගස්වා තිබිණි. හදිසි නිවේදනයක් ලැබුණු සැනින් යුද බිමට යාමට ඔවුන් පෙළ ගස්වා ඇති බව සිරිනාගට දැන ගත හැකිවිය.

මේ අතර උපතිස්ස සෙනෙවි වෙත හදිසි හීපතක් එවා තිබිණි.

“ඔබේ අත්අඩංගුවේ සිටින සිවනාග නොහොත් සිරිනාග මහ සෙනෙවි වහාම කැඳවාගෙන එන්න සිලාපස්ස පිරිවෙනට.”

තල්පත කියවූ උපතිස්ස මහසෙනෙවි පුදුමයට පත්විය.

දුටුගැමුණු රජතුමා පැමිණියේ තිස්සමහාරාම විහාරය දෙසිනි. යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි රජතුමා පිළිගැනුණේ සියලු දෙනා නැඟී සිට හිස නමා ආචාර කිරීමෙනි. නිශ්ශබ්දතාව එම පිළිගැනීමේ විශේෂයක් විය. රජතුමා සෙනෙවි මණ්ඩලය දෙස බලා සිනාසුණේ ය.

“බැරෑරුම් කිසිවක් සිදු වී නැහැ. සටන් කිරීම සඳහා අපේ යුද්ධ සූදානම ප්‍රමාණවත් නොවන නිසා අසරුවන්ට පළා යන්නට නියම කළා. සටන් පෙරමුණට ගොස් තිස්ස ඉදිරියේ හුදකලාව පෙනී සිට, කප්කඳුරු පෙදෙසට පලා ගියා. ඉන්පසු විවේක ගෙන මාගමට පැමිණියා.”

“එහෙත් එය පරාජයක් නොවේ යැයි තර්ක කිරීමට මම කැමති නැහැ. එහෙත් මගේ අරමුණ ජය ගන්නට ඕනේ. මව් බිසොවුන් වහන්සේත් කඩොල් ඇතුත් ලබා ගැනීමට යුද්ධයකට මුහුණ දීම අනිවාර්ය බව පෙනී යනවා. ඒ නිසා වෙනත් අදහස් යෝජනා කළ යුතු නැහැ.”

“එම යුද්ධය සඳහා මේ සෙනෙවිවරුන් කිසිවකුගේ සහයක් මට අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනා සූදානම් විය යුත්තේ ජනතාවගේ අභිප්‍රාය වන රට එක්සේසත් කිරීමේ සටනටයි. ඉදිරි දින කිහිපය තුළදී මම සෑම යුද කඳවුරකටම එනවා. දක්ෂතා අනුව ඔවුන්ට සම්මාන තනතුරු පිරිනැමෙනවා.”

“ගබඩාවලින් යුද්ධ ආයුධ ලබාගෙන ඒවා පිරිසුදු කර මුවහත් කර ගිතෙලින් පණ පොවා අදාළ වාහන තුළ අසුරන්නට ඕනෑ. කඩු , දුනු, හී, තෝමර, හෙල්ල, මුගුරු ආදී අවි වෙන වෙනම ආරක්ෂක රථවලට පැටවීමට කටයුතු කරන්නට ඕනෑ. ආහාර ගබඩාවලින් සුදුසු ආහාර මුදාගෙන ගැල්වලට පැටවීමට වෙනම නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇති බව මහා ඇමති සඳහන් කළා.”

“සෙනෙවිවරුනි, මෙය යුද්ධයක්. අපි ජයග්‍රහණය කරන යුද්ධයක්. අප දෙමළ සේනාංක සමග සටන් කළ යුතු සැටි ඉගෙන ගන්නා යුද්ධයක්. මේ සටනින් වන ජීවිත හානි හැකිතාක් අවම කර ගන්නට උපායශීලි වන අතර, සතුරු සේනාවන් විශාල සංඛ්‍යාවක් අපට මිතුරු කර ගැනීමට ද හැකි වුවහොත් එය අනාගත සටනට මහත් වාසියක් වේවි.”

“චුලන්ගනිය පසුකොට මද දුරක් ගොස් සතුරු සේනාවට මුහුණ දීමයි අපේ අදහස. රණබෙර, පසඟතුරු කණ්ඩායමක් ගුත්තාහල කඳවුරෙන් ලබාගත හැකියි. තවත් කණ්ඩායමක් ගිරිනුවරින්. “

“ගුත්තාහල කඳවුරෙන් අප දිගාමඩුල්ල බලා පිටත්වන්නේ පෙරවරුවෙහි හිරු නැඟී දෙවන හෝරාවේදියි.”

“යහපති , මහ රජතුමනි “

“ජය ශ්‍රී මහ රජතුමනි, ජය ශී‍්‍ර සියලු දෙනාගේ ම මුවින් නැඟුªණේ රජතුමාගේ සංවිධාන ශක්තිය පිළිබඳ ප්‍රසාදය යි.

“තොපගේ කැමැත්ත යුද්ධය නම් , මව් බිසව හා කඩොල් ඇතු නොඑවන්නේ නම් , ඔවුන් කැඳවාගෙන එනු පිණිස යුද්ධයට සූදානම් ව පැමිණේවි. හැකි නම් මගේ ගමන වලකනු.”

උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]