[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල මංගල මහ සෑ රදුන් වහන්සේ

වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

“සඳහිරු සෑ“ කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය හිඟුරානට වැඩමකළ වගයි.

රණවිරුවන් වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගඩොල් දෙකෝටි හැට ලක්ෂයක් යොදා ගනිමින් වසර 1770කට පසුව ශ්‍රී ලංකාවේ ඉදි කරන මහා සෑය වන “සඳහිරු සෑය“ සඳහා තැන්පත් කිරීමට නියමිත කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය රැගත් දර්ශනීය රථ පෙරහර 17දින උදෑසන දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඟුරාන නගරය වෙත ළඟා විය.මෙම චූඩා මාණික්‍යය සියැසින් දැක බලා වන්දනාමාන කර ගැනීම සඳහා ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති පුජ්‍ය හිඟුරාණේ සිරිධම්ම නායක හිමි, දමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටියාගොඩ රතනසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය හා දමන ප්‍රාදේශීය ලේකම් උදාර චින්තන නානායක්කාර, දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන, අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකරණ නිලධාරි චන්ද්‍රසිරි විතානගේ සහ හිඟුරාන ග්‍රාම නිලධාරි රංජිත් අක්මීමන යන මහත්වරු ඇතුළු හිඟුරාන ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.

වචනය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි පරිහරණය පරිස්සමෙන්

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දේවදත්ත තෙරුන් මහා පව්කාරයකු බව දේශනා කරන සේක. ඔහු නියත වශයෙන් ම අපායට යන කෙනෙක් ලෙසත්, ඔහු අපායෙන් ගලවා ගන්නට බුදුවරු දාහක් ආවත් නොහැකි බවටත් ප්‍රකාශ කරති. " මජ්ඣිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් අභයරාජ කුමාරයාට දේශනා කරනු ලැබූ අගනා සූත්‍රයකි. අභයරාජ කුමාරයා බිම්බිසාර රජුගේ පුත්‍රයකු වුව ද, නිගණ්ඨනාථපුත්තගේ අනුගාමිකයකු විය. බුදුන් දවස සිටි බොහෝ අන්‍යාගමික ශාස්තෘවරුන්ට බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමේ වුවමනාවක් පැවතිණි. එහෙත් ඒ සඳහා බියක් දැක්වූයේ ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් වේ යැයි යන බියෙනි. නිගන්ඨනාථපුත්‍ර ශාස්තෘවරයා ද එම ගණයෙහි ලා ම සැලකිය හැක්කේ මෙම සූත්‍ර දේශනාවට අදාළ පසුබිම විමසා බැලීමෙනි. නිගණ්ඨනාථපුත්ත ශාස්තෘවරයා දිනක් අභයරාජ කුමාරයාට යෝජනාවක් කළේ ය. “රාජ කුමාරයාණනි, ඔබ බුදුරජාණන් වහන්සේ සමග වාද කොට ජය ගතහොත් ඔබගේ කීර්තිය දඹදිව පුරා පැතිරී යනු ඇත. එබැවින් ගොස් බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරාජය කරන්න. ඒ සඳහා වන උපදේශය මම ලබා දෙන්නෙමි”‍ යනුවෙනි. එනම්, ඔබ උන්වහන්සේ වෙත ගොස්, “බුදුන් වහන්ස, ඔබ වහන්සේ අන්‍යයන්ගේ හිත් රිදෙන, අප්‍රිය අමනාප වදන් පවසන්නේ ද? යනුවෙන් ප්‍රශ්න කළ යුතු ය.

 

අපිරිසුදු සිතිවිලි දුරු කරන්න සිත ලෙඩ වුණොත් ජීවිතය ම පිරිහෙනවා

රාග, ද්වේෂ, මෝහ නිසා සිත අපිරිසුදු කර ගැනීමෙන් තමන් ම ලෙඩ වෙනවා. මිනිසා සිතෙන් නිකුත් කරන කළු කිරණ නිසා ලෝකය ම දූෂණය වෙනවා. මේ නිසා අකුසල් සිතිවිලි දුරු කිරීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති අනුශාසනාවන්ට දැන්වත් ප්‍රමාද නොවිය යුතු යි. සිත කියන්නේ ලෝකයේ ඇති අද්විතීය ම ශක්තියක් . සිත ක්‍රියා කරන හැටි, සිත දමනය කර ගන්නා හැටි, සිත දමනය කර ගත නොහැකි වුවහොත් එයින් වන විපාක ගැන බුදුරජාණන් වහන්සේ ඉතා අපූරු ලෙස දේශනා කොට වදාළා. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් සිරුර සරසන්නට වෙහෙසෙනවා. සිරුරේ ලස්සන ගැන සිතනවා. සිත දියුණු කර ගැනීමට සිතන්නේ නෑ. බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ ද ඒ නිසාම යි. ලොව පුරා පැතිර ගිය රෝග උවදුර ම ප්‍රමාණවත් ඒ සඳහා උදාහරණ කොට ගැනීමට. ඒ ඒ අය මේවාට බලපාන විවිධ හේතු, විවිධ කරුණු පෙන්නුව ද මේ සියලු ම ව්‍යසනයන්ට මූලය වන්නේ පරිහානියට පත්ව ඇති මිනිසාගේ සිත යි. අපි සම්බුද්ධ දේශනාවට අවධානය යොමු කරමු. ලෝකයේ සම්භවය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ දී දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබෙනවා. ලෝක විනාසයෙන් පසුව පෘථිවිය නැවතත් ගොඩ නැඟීම ආරම්භයේ දී මෙම ලෝකය වෙතට ඇදී එන ආභස්සර දෙවියන් ශරීර ස්වභාවයෙන් දීප්තිමත් මෙන් ම ඉතා සියුම් කයක් ඇති ජීවි කොට්ඨාසයක්. මුල් කාලයේ දී ඔවුන් පෘථිවිය ඇසුරේ සැරිසරමින් ප්‍රීතීය පමණක් ආහාරයට ගන්නවා.

 

වරදක දී දරුවන්ට දඬුවම් කිරීම හරිද වැරැදි ද?

අපගේ දරුවන් අනුකරණශීලීන් වන්නේ, නිර්මාණශීලීන් නො වන්නේ මෙම බියසුළු ගතිය පදනම් කරගෙන ය. කෙතරම් උගත්කම් ලැබුවත් අපට බොහෝ විට නිර්මාණශීලීන් නැත. ව්‍යවසායකයින් නැත. විද්‍යාඥයින් නැත. අලුතින් හිතන අය නැත. කුලියට වැඩ කරන නිවට බියසුළු සේවක පිරිසක් ඇත. එක්තරා පියෙක් තම දරුවාට පාඩම් වැඩ කරන ලෙස දැන්වූ ව ද එය නොකළ නිසා දඬුවම් කළේ ය. පහර වැරැදී හිසට වැදීම නිසා දරුවා මරණයට පත් විය. පියා පහර දුන්නේ සත්භාවයෙනි. එම නිසා ම මේ සිදුවීම සාධාරණය කිරීම උදෙසා ඇතැම් අය ධර්මය සමඟ ගළපා ගන්නට උත්සාහ දරනු පෙනේ. කර්මය තුළ දී, චේතනාව කර්මය වන බවත්, (චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා) චේතනාව යහපත් වුවොත් එය යහපත් ක්‍රියාවක් වන නිසා මෙය සාධාරණී කරණය කිරීමට පෙළඹේ. මෙහි දී ප්‍රාණඝාත අකුසලයකට සම්පූර්ණ විය යුතු සතකු වීම, සතකු බව දැන ගැනීම, මැරීමේ චේතනාව, මැරීම සඳහා උපක්‍රම භාවිතය ආදී කාරණාවන්ගෙන් මැරීමේ චේතනාව නොවූ බව ඔවුහු කියති. මෙය සාවද්‍ය කාරණයකි. යම් කර්මයක් සිදු වුවහොත් ඊට අදාළ ප්‍රති විපාකයක් වෙයි. අපගේ පින්තූරයක් ගත් විට අප වගේ වන්නා සේ කළ කර්මයෙහි ප්‍රති විපාකය ද ඒ හා සමාන වෙයි. ප්‍රති විපාක දෙකකි. ඒ ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්ධි විපාකයි. ප්‍රතිසන්ධි විපාක යනු ඊළඟ භවයක උපතයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]