[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

“සඳහිරු සෑ“ කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය හිඟුරානට වැඩමකළ වගයි.

රණවිරුවන් වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගඩොල් දෙකෝටි හැට ලක්ෂයක් යොදා ගනිමින් වසර 1770කට පසුව ශ්‍රී ලංකාවේ ඉදි කරන මහා සෑය වන “සඳහිරු සෑය“ සඳහා තැන්පත් කිරීමට නියමිත කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය රැගත් දර්ශනීය රථ පෙරහර 17දින උදෑසන දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඟුරාන නගරය වෙත ළඟා විය.මෙම චූඩා මාණික්‍යය සියැසින් දැක බලා වන්දනාමාන කර ගැනීම සඳහා ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති පුජ්‍ය හිඟුරාණේ සිරිධම්ම නායක හිමි, දමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටියාගොඩ රතනසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය හා දමන ප්‍රාදේශීය ලේකම් උදාර චින්තන නානායක්කාර, දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන, අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකරණ නිලධාරි චන්ද්‍රසිරි විතානගේ සහ හිඟුරාන ග්‍රාම නිලධාරි රංජිත් අක්මීමන යන මහත්වරු ඇතුළු හිඟුරාන ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.


වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]