[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අපිරිසුදු සිතිවිලි දුරු කරන්න සිත ලෙඩ වුණොත් ජීවිතය ම පිරිහෙනවා

රාග, ද්වේෂ, මෝහ නිසා සිත අපිරිසුදු කර ගැනීමෙන් තමන් ම ලෙඩ වෙනවා. මිනිසා සිතෙන් නිකුත් කරන කළු කිරණ නිසා ලෝකය ම දූෂණය වෙනවා. මේ නිසා අකුසල් සිතිවිලි දුරු කිරීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති අනුශාසනාවන්ට දැන්වත් ප්‍රමාද නොවිය යුතු යි. සිත කියන්නේ ලෝකයේ ඇති අද්විතීය ම ශක්තියක් . සිත ක්‍රියා කරන හැටි, සිත දමනය කර ගන්නා හැටි, සිත දමනය කර ගත නොහැකි වුවහොත් එයින් වන විපාක ගැන බුදුරජාණන් වහන්සේ ඉතා අපූරු ලෙස දේශනා කොට වදාළා. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් සිරුර සරසන්නට වෙහෙසෙනවා. සිරුරේ ලස්සන ගැන සිතනවා. සිත දියුණු කර ගැනීමට සිතන්නේ නෑ. බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ ද ඒ නිසාම යි. ලොව පුරා පැතිර ගිය රෝග උවදුර ම ප්‍රමාණවත් ඒ සඳහා උදාහරණ කොට ගැනීමට. ඒ ඒ අය මේවාට බලපාන විවිධ හේතු, විවිධ කරුණු පෙන්නුව ද මේ සියලු ම ව්‍යසනයන්ට මූලය වන්නේ පරිහානියට පත්ව ඇති මිනිසාගේ සිත යි. අපි සම්බුද්ධ දේශනාවට අවධානය යොමු කරමු. ලෝකයේ සම්භවය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ දී දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබෙනවා. ලෝක විනාසයෙන් පසුව පෘථිවිය නැවතත් ගොඩ නැඟීම ආරම්භයේ දී මෙම ලෝකය වෙතට ඇදී එන ආභස්සර දෙවියන් ශරීර ස්වභාවයෙන් දීප්තිමත් මෙන් ම ඉතා සියුම් කයක් ඇති ජීවි කොට්ඨාසයක්. මුල් කාලයේ දී ඔවුන් පෘථිවිය ඇසුරේ සැරිසරමින් ප්‍රීතීය පමණක් ආහාරයට ගන්නවා. කල් යත් ම ඔවුන්ගෙන් එක් අයෙක් මෙම පෘථිවියට ඇඟිල්ල ගසා රස බලනවා. ඉන් පසුව සියලු දෙනා යොදයක් මෙන් තිබුණු රස පෘථිවිය ආහාරයට ගන්නට බෙදෙනවා. පසු කාලයේ දී සියුම් කයක් තිබුණ දෙවියන්ගේ ශරීරය රළු වන්නට පටන් ගන්නවා. ඒ ආශාව, නැති නම් රාගය නම් වූ අකුසල චිත්තය වැඩී යාමත් සමඟ යි.


වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]