[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පස්දුන් රට එළිය කළ පින්කෙත බුලත්සිංහල දේවමිත්තාරාම මහ පන්සල

අදින් වසර තිස්හත් දහසක් පමණ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවයේ සාක්කිය, ප්‍රාග් ඓතිහාසික වටිනාකම් රැසක් පස් යට සඟවා ගත් පාහියංගල පුදබිම, බුලත්සිංහල ක්‍ෂේම භූමිය සාලංකාර ව දිදුලවන්නට සමත් විය. කුඩා ගඟ ආදි අතු ගංගා රැසකින් සුපෝෂිත බුලත්සිංහල කළුගම් කොමලියගේ පහස විඳීන්නේ තම සශ්‍රීකත්වය ලෝකයට විදහාමිනි. මාකිරි ඇල්ල, ගිනිගෙදර ඇල්ල ආදි දිය දහරා ද, බුලත්සිංහල මාතාවගේ දිගු කෙහෙරැල්ල මෙනි. රාජ මහා විහාර රැසකින් සමුපශෝභිත බුලත්සිංහල පුරවරයේ, මහ පන්සල යැයි විරුදාවලිය ලත් දේවමිත්තාරාමය සත්‍යය වශයෙන් ම නමට අන්වර්ථ වූ මහපන්සලකි. බුලත්සිංහල දේවමිත්තාරාමය බස්නාහිර පළාතේ පස්යොදුන් කෝරළයේ බුලත්සිංහල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් පුරාණ විහාරයකි. හොරණ කලවැල්ලාව හරහා මතුගම මාර්ගයේ ඈගල්ඔය පසුකොට හොරගස් හන්දියෙන් වමට හැරි මීටර් 500 පමණ ගිය තැන මෙම වෙහෙරට ළඟා විය හැකි ය. (මාර්ග රැසක් ඇත.) මෙම විහාරස්ථානයේ ආරම්භක වර්ෂය වශයෙන් අනුමාන කරන්නේ 1850 වසරයි . 1856 දී පමණ නාරගල දේවමිත්ත නම් යතිවරයාණ කෙනෙක් මෙම විහාරස්ථානය ආරම්භ කරන්නට ඇතැයි සැලකේ.


වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]